Saturday, June 27, 2015

එජාපය පරාජය කළ යුත්තේ ඇයි ?

එජාපය පරාජය කළ යුත්තේ ඇයි ?

කතෘ:යුතුකම     6/27/2015   No comments
අපට සාමාන්‍ය එජාප පාක්‍ෂියින් සමග කිසිම ආරෝවක් නැත. සාමාන්‍ය එජාප ඡන්ද දායකයා තාමත් එජාපයට ඡන්දය ලබා දෙන්නේ ඩීඑස්, ජේ ආර් හෝ ප්‍රේමදාස සිහිකරමින් ය. එහෙත් එසේ කිරීමේ දී ඔවුන් නොදන්නා දෙයක්, නොදන්නා වෙනසක් එජාපයට සිදුවෙමින් තිබුණි. ඒ හුදු පුද්ගල මාරුවක් නොව දෘෂ්ටි මාරුවකි. ලලිත්-ගාමිණි මරණවලින් පසු එජාපයේ බලය අල්ලාගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. එජාපයේ බලය ගත් රනිල් වික්‍රමසිංහ මීට පෙර එහි සිටි අන් කිසිදු නායකයෙකු කෙරෙන් දිස් නොවූ තරමේ මෙරට ජාතික විඥානයට හා සංස්කෘතියට අතිශයින් ම පටහැනි දේශපාලන මගක් ‍‍තෝරා ගත්තේ ය. මතුපිට දේශපාලන මතිමතාන්තර පසෙකින් තබන්න. රටක ජාතික අභිලාෂයන් පිළිබඳ විවාදයක් කිසිවෙකුට තිබිය නොහැකි ය. එහෙත් වික්‍රමසිංහ මහතා නම් මේ සෑම අංශයක දී ම තමා වෙනස් බව පෙන්වා ඇත. රනිල් වික්‍රමසිංහ මනිත හැකි පැහැදිළි ම උදාරහරණය නම් කොටි අඩවිය තුළ ම ප්‍රභාකරන් හා ඔහුගේ සමිපතමයින් විනාශ කිරීමේ අතිශය රහසිගත මෙහෙයුමක නිරත ව සිටි දිගුදුර විහිදුම් (මහසොහොන්) බලකාය, ජනපතිනිය, හමුදාපති හා තවත් බොහෝ අයගේ ඉල්ලීම් ඉවත ලා මුග්ධ ලෙස මහදවල් පාවා දීම ය. මින් ජාතික ආරක්‍ෂාවට සිදු වූ හානිය අමුතුවෙන් කිව යුතු නොවේ. මෙහෙයුම හෙළි වීම නිසා රටට අහිමි වූ දක්‍ෂ බුද්ධි නිලධාරීන් ගණන පමණක් 56කි. මෙය එල්ටීටියට ලබාදුන් විසල් ත්‍යාගයකි.

එජාප රජයක සියළු මූලෝපායික තීරණ ගනු ලබන්නේ රනිල්ගේ ම මතවාදය දරණ තවත් දෙතුන් දෙනෙකු විසිනි ඒ අතර, රවී කරුණානායක හා මංගල සමරවීර කැපී පෙනේ. යුධ සමයේ මොවුන්ගේ හැසිරීම මදක් නිරීක්‍ෂණය කරන්න. විවිධ අපහාසාත්මක ප්‍රකාශ හරහා යුධ සමයේ දී හමුදාවල හා රජයේ කකුලෙන් ඇදීමට අමතර ව මොවුන් විසින් මෙරට ජාතික අභිලාෂයන් නැංවීම සඳහා ගත් එකදු පියවරක් හෝ අපහසුවෙන් වුව අප මතකයට නගාගත නොහැක.

එජාපය යනු රනිල්, රවී හා මංගල පමණක් නොවන බව කෙනෙකු සිතනු ඇත. ජාත්‍යන්තරය යනු මුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 192ක ම ද? කිසිසේත් ම නැත. ජාත්‍යන්තරය යනු ඇමරිකාව, බ්‍රිතාන්‍ය හා තවත් රටවල් කීපයකි. ඒ අනුව ජාත්‍යන්තරයේ මතය යනු මේ රටවල් කීපයක මතයයි. එජාපය ද එසේ ය. එජාපයේ මුදුන මෙ‍හෙය වන්නේ ඉහත තිදෙනා ඇතුළු තවත් නිශ්චිතව හඳුනා නොගත් දෙතුන් දෙනෙකු විසිනි. සාමාන්‍ය එජාප මන්ත්‍රිවරයාට හා ආසන සංවිධායකවරයාට ඇත්තේ දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටින්ට පමණි. කොටින් ම ඇතැම් නායක මට්ටමේ ප්‍රභලයින් හා සාමාන්‍ය මන්ත්‍රිවරු ද ගමේ ගොඩේ එජාප පාක්‍ෂිකයා ද ඉහත පුද්ගලයින් කෙරෙහි දැඩි නොරිස්සුමෙන් සිටින බව ප්‍රසිද්ධ රහසකි. ඒ කෙසේ වෙතත්, මෛත්‍රී ජයග්‍රහණයෙන් පසු රජයේ ප්‍රබලත ම ඇමති ධුර (මුදල්, විදේශ) ගියේ මෙම පිරිසට වීමෙන් පෙනෙන්නේ, එජාප පාක්‍ෂිකගේ මතය තඹ දොයිතුවකට හෝ මායිම් නොකරමින්, අදාළ පුද්ගලයින් පක්‍ෂය තුල කොතරම් ප්‍රබල ද යන්න ය.

ඉහත තුන් කට්ටුව විසින් එජාපයේ පැරණි මදය සපුරා ඉවත් කොට නව විජාතික එකක් බද්ධ නොකරන්නට එජාප-ශ්‍රිලනිප භේදයක් මෙරට දේශපාලනය තුළ මෙතරම් පැහැදිළි ව පෙනෙන්ට නොතිබෙනු ඇත. අද එජාප-ශ්‍රිලනිප භේදය වඩාත් තීව්‍ර ලෙස කැපී පෙනෙන්නේ ආර්ථික ඈ කාරණා මත නොව මෙරට ඉතිහාසය හා සංස්කෘතික විඥානය පිළිනොගැනීම හා ඒ මතින් මෙරට ජාතික ආරක්‍ෂාව පිළිබඳ ප්‍රශ්නය දෙස බැලීම මත ය. ගාමිණි හෝ ලලිත් ජීවත් ව සිටින්නට මෙවැනි තත්වයක් එජාපය තුළ කිසි දිනෙක සිදු නොවනු ඇත. ඔවුන්ගේ මරණවල ද හේතු ව ඒ ය.

මේ සියල්ලෙන් ම පැහැදිළි වන්නේ එජාපය පරාජය කිරීම යනු එජාපය නැමැති එම පක්‍ෂය පරාජය කිරීම ම නොවේ. ඉහත විජාතික මතවාදය පරාජය කිරීම ය. මෙය පක්‍ෂ වශයෙන් සිතා ගත යුතු තීරණයක් නොව රටක් වශයෙන් ජාතියක් වශයෙන් එක් ව ගත යුතු තීන්දුවකි. ‍

-මහින්ද පතිරණ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

No comments:

Post a Comment