Sunday, July 19, 2015

මහින්ද මැතිඳුන් යළිත් කීර්ති වි‍ජේබාහු කළ එදා ‘දණ්ඩනායක බුදල්නා’ අද විමල් වීරවංශ අනුරපුර ජන ගඟ ඇමතීම මෙන්න…

මහින්ද මැතිඳුන් යළිත් කීර්ති වි‍ජේබාහු කළ එදා ‘දණ්ඩනායක බුදල්නා’ අද විමල් වීරවංශ අනුරපුර ජන ගඟ ඇමතීම මෙන්න… රනිල් වික‍්‍රමසිංහ  ඇතුළු එජාපයට ඇත්තේ බටහිර බලවතුන්ගේ ඩොලර්වල සවිය බවත් මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ සන්ධානයට ඇත්තේ ලක්මවට ආදරය කරන සූජාත දූ පුතුන්ගේ සවිය බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි.
අනුරාධපුර සල්ගාදු පිටියේ පැවැති එජනිස මංගල රැලිය අමතමින්  විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසුවේය.
‘අගෝස්තු 18 වැනිදාට ලැබෙන ප‍්‍රතිඵලය අනුරාධපුර සල්ගාදු පිටිය දෙස බැලීමෙන් තීන්දු වෙනවා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයෝ මෙතැන සී.ටී.බී බස්වලින් අරන් ආපු කවුරුත් නැහැ. මෙතැන ඉන්නේ ශ‍්‍රී ලංකා මාතාවට ආදරය කරන දූ පුත්තු. රනිල් වික‍්‍රමසිංහට තියෙන්නේ ඩොලර්වල හයිය. අපට තියෙන්නෙ ලංකා මාතාවට ආදරය කරන දූ පුතුන්ගේ හයිය.
අනුරාධපුරය, පොළොන්නරුව කියන්නේ යුද්ධයෙන් බැටකාපු පොළොවක්. මේ ප‍්‍රදේශවල ජනතාවට යුද්ධයෙන් ජීවිත ඇතුළු බොහෝ දේ අහිමි වුණා. ඒ වගේම දුටුගැමුණු-එළාර අවසන් යුද්ධය සිදු කෙරුණෙත් මේ පොළොවෙයි. එම සටන දුටුගැමුණු රජතුමන් ජය ගත්තා වගේ අද මේ පොළොවෙන් ඇරඹි සටන මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් නියත ලෙසම ජයග‍්‍රහණය කරාවි.
මේ රටේ දෙවන නිදහස් අරගලයේ පළමු පරිච්ඡ්‍ෙදය 2009 මැයි 18 වැනිදා කොටි ත‍්‍රස්ත බලය සහමුලින්ම පරදවමින් අවසන් වූවා. ජනවාරි 08 වැනිදා රටට සිදු වූ වැරැද්ද නිවැරදි කිරීමට අපි නිදහස් අරගලයේ නව පරිච්ඡ්‍ෙදයක් ඇරඹිය යුතුව තිබෙනවා. යුද්ධය කරනවාට විරුද්ධ වූ ඩොලර්වලට තම මව පවා විකුණා දැමීමට සූදානම් රාජ්‍ය නොවන සංවිධානවල ඩොලර් කාක්කන් එදා බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදයට උඩගෙඩි දුන්නා. අද ඔවුන් ‘අලූත් පරපුර’ ‘වීදියේ සටන’ ආදී විවිධ නම්වලින් ‘මහින්ද එපා!’ කියන සටන් පාඨය අරගෙන පාරට බැහැලා තියෙනවා. මේ සටන් පාඨය එදා දෙමළ ඩයස්පෝරාව අත තිබුණු එකක්. අද එය බටහිර තානාපති කාර්යාලවල ඩොලර් මත යැපෙන පිරිස අතයි තියෙන්නේ. මහින්ද පරද්දන්න පුළුවන්නම් ඇයි මේ ‘එන්න එපෝ! එන්න එපෝ!’ කියලා කෑගහන්නේ? දැන් සුළිය අනෙක් පැත්තට කැරකැවෙන්න පටන් අරන් තියෙන්නේ. දෙවන නිදහස් අරගලයේ දෙවන පරිච්ඡ්‍ෙදයේ මුල්ම ජයග‍්‍රහණය දැනටමත් අපි ලබාගෙන තිබෙනවා. ඒ තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය බෙදෙන්න නොදී ආරක්‍ෂාකරගෙන මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම. ඒ සඳහා සන්ධානයේ මහ ලේකම් සුසිල් පේ‍්‍රමජයන්ත, ශ‍්‍රී ලනිප මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශන යාපා, විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා ප‍්‍රමුඛ ශ‍්‍රී ලනිප ජ්‍යෙෂ්ඨයන් විශාල වෙහෙසක් දැරුවා. ඔවුන්ට අපගේ ස්තූතිය හිමි විය යුතුයි. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා බලාගෙන හිටියේ, ‘විපක්‍ෂය දෙකට බෙදෙයි. එතකොට මට ටොපට ලැබෙයි’ කියලයි. බෙදුණේ නැහැ. ශක්තිමත් ලෙස එකට එකතු වුණා. දැන් ඒපිල්, බීපිල්, මාපිල්, නැහැ. එක පිලයි ඇත්තේ. ජාතියට අද අවශ්‍ය වෙලා තියෙන ජයග‍්‍රහණය දිනා දෙන්න කැප වූ එකම පිලක් අද නිර්මාණය වී තිබෙනවා.
පළමු පියවර අපි ජයගත්තා. දැන් බුලත් කොළයෙන්, කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් ඡන්දය ඉල්ලනවා. ඒ නිසා කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ජනතාවගේ ඔළු කුරුවල් කරන්න රාජ්‍ය නොවන සංවිධානවල පිරිස් දසදහස් ගණනක් යවා තිබෙනවා. දැන් මංගල සමරවීර උන්නැහේ 5000ක කටකතා කණ්ඩායමක් පුහුණු කරලා ගමින් ගමට යවලා තිබෙනවා. කිරිබත්ගොඩ හෝටලයක් ඉදිරිපිට කටකතා පතුරවමින් හිටපු ඒ බලකායේ කෙනෙකුට හෝටලයේ මුදලාලි වැරදීමකින් උණු වතුර ටිකකින් ගහලා. ආදර්ශයට ගත යුතු දෙයක්.
‘රතුතොල් බලකාය – දේදුනු බලකාය’
ඒ විතරක් නොවෙයි, අද රනිල් වික‍්‍රමසිංහගේ ‘රතුතොල් බලකාය’, ‘දේදුනු බලකාය’ අරලියගහ මන්දිරයේ ලැප්ටොප් 800ක් තියාගෙන ෆෙස්බුක් ගිණුම් හදාගෙන කෙළවරක් නැතිව අපට මඩ ගහනවා. ‘ගහන්න මහත්වරුනි, කොච්චර ගැහුවත් රිදෙන්නේ නැහැ. දැනෙන්නේ නැහැ. සඳුන්ගහ ගහන්න ගහන්න සුවඳ හමනවා වගේ මහින්ද රාජපක්‍ෂ ඇතුළු පරපුර ඔය මඩවලින් වට්ටන්න බැහැ.’ කියලා අපි අවධාරණය කරනවා. අපි රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ අවලාදවලට, මර්දනයට, රතුතොල් බලකායට, FCIDයට බයනම් මේ සටන පටන්ගන්නේ නැහැ.
වත්මන් ජනාධිපතිතුමාට ඉන්න වෙලා තියෙන්නේ ලෝක කිහිපයක. ඒ හින්දා එදා තුලනය බිඳුණා. අපි හිතනවා ආයෙත් එහෙම නොවෙයි කියලා. එහෙම වුණොත් අපේ කටවලූත් ඇරෙනවා. අපි හිතනවා එතුමාට තුලනය පවත්වාගෙන යාමේ උවමනාව තියෙනවා කියලා. එය ‘එසේම වේවා!’ කියලා ප‍්‍රාර්ථනය කරනවා.
2005දී අපට මතකයි, චන්ද්‍රිකා මැතිනිය තමයි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායිකාව. (හූ හඩ පැතිරෙයි) එතුමිය එදා මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට ජනාධිපති අපේක්‍ෂකත්වය දුන්නේ කැමැත්තෙන් නොවෙයි. අපේක්‍ෂකත්වය දුන්නාට ජනාධිපතිවරණ සටනට එක පත‍්‍රිකාවක් ගහලා උදව් කළේ නැහැ. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයත් එදා වසා දැම්මා. එතුමිය ඒ විදියට ශ‍්‍රී ලනිප ක‍්‍රියාකාරීත්වය අඩපණ කරලා ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ පරදියි කියලා බලාගෙන හිටියා. හැබැයි එහෙම වුණේ නැහැ. මහින්ද දිනුවා.
ඒ වගේම අද ඉන්න කෙනත් මොන බෝම්බ ගැහුවත් 2005 වගේම තමයි 2015ත්. මහින්ද දිනනවා, දිනනවාමයි. 2005 වන විට මේ අනුරපුරේ අම්ම, තාත්තාට මතක ඇති, අපේ මේ රට දෙකඩ කරන ඉර අදින්න තිබුණේ. උතුරේ කොටි උසාවි, පොලීසි තිබුණා. ඊනියා සාම ක‍්‍රියාදාමය ඇතුළේ දෙමළ ඊළමක් නිර්මාණය වෙමින් තිබුණා. රටට පණ නැති වෙලා තිබුණේ. ටික කලක් එහෙම ගියානම් රටට පණ නැති වෙලා එහෙමම මැරෙනවා. එදා 2005දී පණ නැති වෙලා තිබුණු රටට පණ දීපු මිනිසාටම තමයි, 2015දීත් පණ නැති වෙලා තියෙන මේ රටට පණ දෙන්න පුළුවන් වෙන්නේ.
පණ ඇති මිනිසා
රනිල්ට රටට පණ දෙන්න පුළුවන්ද? පණ දෙන්න නම් එයාට පණක් තියෙන්න එපායෑ. දෙන්න  පණක් එයාට නැහැ. එහේ ඉන්නවා පණ නැති මිනිසා. මෙහේ ඉන්නවා පණ ඇති මිනිසා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා දඹුල්ලේදී කියනවා, ‘මම ඇමෙරිකා එක්සත් ජනපදයට ගිහිල්ලා මහින්ද රාජපක්‍ෂ පරද්දන්න මාසයක පුහුණුවක් ලැබුවා’ කියලා. රනිල් වික‍්‍රමසිංහට, මහින්ද රාජපක්‍ෂව පරද්දන්න පුහුණුවක් ලබා දෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයට අපි ගැන ආදරේ හිතිලාද? නැහැ. ඔවුන්ට  ඕනෑ තමන්ගේ හුරතලා වූ බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය පරදවපු අපේ නායකයා ඉවත් කරන්න. ඒකට ඔහුුගෙන් පලි ගන්න.
බටහිර අධිරාජ්‍යවාදයට  ඕනේ මහින්ද රාජපක්‍ෂගෙන් පලිය ගන්න. එරික් සෝල්හයිම් විදේශ මාධ්‍යයකට පවසා තිබුණා, තමන්ට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් කියපු කතාවක්. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සිදු කරපු විමර්ශනයේ වාර්තාව අගෝස්තු 20 වැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතට ලැබෙනවා. ඒ වාර්තාව ගැනයි සෝල්හයිම් පවසා තිබුණේ. ‘ශ‍්‍රී ලංකාවේ සිවිල් පුද්ගලයෝ දෙදෙනෙකු ඇතුළු හමුදා නිලධාරින් 41 දෙනෙකු සමූහ මිනිස් ඝාතන චෝදනාවට එම වාර්තාව මගින් වරදකරු කොට තිබෙනවා කියා මට මානව හිමිකම් කොමසාරිස්වරයා පැවසුවා’ කියලයි. සෝල්හයිම් පවසා තිබුණු. සිවිල් පුද්ගලයන් දෙදෙනා මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ. මේ වාර්තාව එළි දක්වන කොට ‘හොරා හොරා’ කියලා අපකීර්තියට පත් කරලා, කනෙන් ඇදගෙන යන තත්වයට මහින්ද රාජපක්‍ෂ වට්ටන්න පුළුවන් වෙයි කියලා ඔවුන් සිතුවා.
ඒකනේ අර සෝමවංශ අමරසිංහ මහත්තයා කියන අර රතු අලි පැටියා අපි පැරදිලා සති 2කින් විතර කියුවේ ‘මහින්ද රාජපක්‍ෂට දෙන්නෙත් නැහැ. මහින්ද රාජපක්‍ෂ එන්නෙත් නැහැ’ කියලා. එදා කොහොමද, දූෂණය ගැන කතා කරනකොට රතු අලි පැටියාගේ මූණේ හැඬේ. අද දූෂණය ගැන කතා කරන කොට මූණ නිකං පරිත‍්‍රාණ ධර්ම දේශනාවක් කරන කොට වගෙයි.
මේ එකතු වුණු නඩය දිහා බලන්න. කොළ පාට, රතු පාට, කොටි පාට, නරි පාට, මේ හැමෝම හිටියා. ඔවුන් සියලූ දෙනා එකට එකතු වෙලා තමයි මේ ජාත්‍යන්තර කුමන්ත‍්‍රණය සිදු කළේ. ඒකට මේ සියලූ දෙනා ‘සිංගප්පූරු සරණං ගච්ඡාමි’ කියලා සිංගප්පූරු ගියා. එහෙදී තමයි ‘ආලාපාලූවා’ ඇතුළු හැමෝටම සල්ලි බෙදුවේ. එහෙම කරලාත් ඡන්ද ලක්‍ෂ 04යි වැඩිපුර ලැබුණේ.
කොටින්ගේ නූතන අවජාතක දේශපාලන පුත්තු
දැන් තේරෙනවා මේ වැඬේ හරි යන්නේ නැහැ කියලා. ඒ හින්දා බලනවා ඇති, ‘උණ්ඩයක්වත් එවන්න පුළුවන්ද?’ කියලා. ඒ හින්දානේ හිටපු ජනාධිපති විදියට ලබාදී ඇති ආරක්‍ෂාව අයින් කරන්න කියන්නේ. එතුමා හිටපු ජනාධිපති විතරක් නොවෙයි රට බේරාගත් එකම ජනාධිපති, හිටපු ජනාධිපතිවරු ගොඩක් ඉන්නවා. එහෙම රට බේරාගත් එකම ජනාධිපතිවරයාගේ ආරක්‍ෂාව ඉවත් කරන්න කියලා කවුරුන් හෝ කවර හෝ තැනකින් ඉල්ලා සිටිනවා නම් ඔවුන් තමයි ‘කොටින්ගේ නූතන දේශපාලන අවජාතක පුත්තු’
අද රවිරාජ් හිටපු මන්ත‍්‍රීවරයාට වෙඩි තැබුවා කියලා නාවික හමුදා භටයන් පිරිසක් අත්අඩංගුවට අරගෙන කොහේදෝ සගවාගෙන ඉන්නවා. උසාවි නියෝගයකින් තොරව රවිරාජ් ඝාතනයට යොදා ගත්තා යැයි කියන තුවක්කුව ඇතුළු අනෙකුත් සැක කටයුතු දේවල් පරීක්‍ෂණ සඳහා බි‍්‍රතාන්‍යයට යවා තිබෙනවා. මේ රට යළිත් බි‍්‍රතාන්‍ය කිරීටයට යටත් වෙලා ඉවරයි. බලන්න රට වෙනුවෙන් ත‍්‍රස්ත අඩවියට කඩා පැනලා ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදුණු අර දිගුදුර විහිදුම් බලකායේ රණවිරුවාට කළ දේ. නඩු අහලා මරණ ද`ඩුවම දීලා ජීවිතාන්තය දක්වා සිරගෙට යැව්වා.
ඒ විදියට රණවිරුවන්ට දඩුවම් දෙමින් මේ ඡන්දයෙන් පස්සේ බරපතළ අපරාධ චෝදනා ලැබූ කොටි ත‍්‍රස්තවාදීන් 287කට නඩු නොපවරා නිදහස් කිරීමට මේ අය සූදානම් වෙනවා. බලන්න මේ වෙනස කුමක්ද කියා. රට බේරාගත්තු මිනිස්සු හිරේ දානවා. රට දෙකඩ කරන්න හදපු බලවේගවලට නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සාමය මේ ඔක්කොම දෙනවා. මේ වෙනස තියෙන්න ඉඩ දෙනවාද?
‘බැඳුම්කර හොරා වාරණ නියෝගයෙන් පෙනේ’
දැන් වික‍්‍රමසිංහ මහත්තයා කියනවා, ‘දිනූ දේ රැක රැනිමු!’ කියලා. මොකක්ද දිනූ දේ? මෛත‍්‍රිපාල නංගී පෙන්වා, වික‍්‍රමසිංහ අක්කා අගමැති ධුරයට පත්ව ලබාගත් බලය. ‘දිනූ දේ’ කියන්නේ, ‘පොකට් ගැසූ දේ.’ ඊළගට එයා කියනවා, ‘වෙනස ඇරඹුවා පමණි’ කියලා. ඒක සහතික ඇත්ත. වෙනස ඇරඹුවා පමණයි, මහ බැංකු බැඳුම්කර වංචාව රුපියල් කෝටි 6000යි. තොරතුරු දැන ගැනීමේ පනතක් ගෙනෙනවා කියපු මේ මහත්වරු අද බැඳුම්කර වංචාව පිළිබඳ සොයා බැලීමට පත් කළ කෝප් අනු කමිටු වාර්තාව පිටවීම සහ ඒ පිළිබඳ කතා කිරීම වාරණය කිරීමට උසාවි නියෝග අරගෙන තියෙනවා. ‘බැඳුම්කර හොරා වාරණ නියෝගයෙන් පෙනේ’ කියලා තමයි දැන් අපට කීමට තිබෙන්නේ. කවුද බැඳුම්කර හොරා?
දැන් බලන්න. මහින්ද රාජපක්‍ෂ ‘හොරෙක්’ නම් පෞද්ගලිීකරණය නතර කරයිද? පෞද්ගලීකරණය තමයි හොරකමට හොඳම ‘ඉල්ලම.’ මහින්ද රාජපක්‍ෂ ‘හොරා’ නම් යුද්ධය නතර කරනවාද? යුද්ධය තමයි සුද්දෙට නියම තැන දෙන්නේ. ඒක තමයි නෝනා, මහත්තුරු යුද්ධය තියාගන්න ගමන් හොඳට සුද්දය දුන්නේ.
අද රට බේරාගත්තු නායකයාට අවමන් කරනවා, ආපු ගමන් කෝටි 6000ක් කාපු එකා. අපි කියනවා ‘රනිල් වික‍්‍රමසිංහ මහත්තයෝ මේවාට උත්තර දෙන්න ලෑස්ති වෙන්න අර්ජුන මහේන්ද්‍රන් මහත්තයාත් එක්ක, කියලා. වයසක උදවිය, කාන්තාවන් ගැන කතා නොකළාට හැම මැතිවරණයකදීම රනිල් වික‍්‍රමසිංහ මහත්තයා තරුණයන්ට පොරොන්දු දෙනවා. ‍බෙි‍්‍රස්ලට් දෙන්න, රත්තරං මාල දෙන්න, වගේම ගිය පාර මහපොළ 5,000 දක්වා වැඩි කරන්නත් පොරොන්දු වුණා. නමුත් දුන්නද? නැහැ.
තමන්ගේ දේශපාලන ඉතිහාසය තුළ තරුණයන්ට දුන්නු පොරොන්දු ඉටු නොකළ රනිල් වික‍්‍රමසිංහ තරුණයන්ට දුන්නු දෙය ගැන බටලන්ද කොමිසමේ  වාර්තාවෙන් කියැවෙනවා වදකාගාර පවත්වාගෙන  යමින් තරුණයන්ට වද හිංසා කිරිමේ චෝදනාවක් හේතුවෙන් රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි’ කියා බටලන්ද කොමිසමේ ත‍්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල නිර්දේශකර තිබෙනවා.  මේ කොමිෂන් සභාව පත්කළේ වදකාගාරයක් පවත්වාගෙන යාමේ චෝදනාව පිළිබඳව සොයා බැලීම සඳහා එවකට ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින්. මෙහෙම නිර්දේශයකට ලක්වුණු රනිල් වික‍්‍රමසිංහ කොහොමද යහපාලනය හදන්නේ? පාර්ලිමේන්තුවේ හිටපු මන්ත‍්‍රීවරු 225න් එක්කෙනයි ඉන්නේ රජය සමග නීතිවිරෝධීව ව්‍යාපෘති කරලා අහුවෙලා උසාවියෙන් මන්ත‍්‍රීධුරය අහෝසි කරපු. ඒ තමයි ‘ප‍්‍රා’ දත් දොස්තර. මේ විදියේ මිනිමරු ඉතිහාසයක් තිබෙන උදවිය යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන විට යහපාලනය ‘රෙද්ද පල්ලෙනුත්’ බේරෙනවා.
දැන් මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් හොඳට පාඩම් ඉගෙනගෙන තියෙන්නේ වරද දුටු තැන දඩුවම් නොකිරීම ගැන. පසුගිය කාලයේ සජිත් පේ‍්‍රමදාස මහත්තයාගේ සහෝදරිය අහුවුණා හොර නෝට්ටු සමග. හම්බන්තොටට සජිත් පේ‍්‍රමදාස මහත්තයා බෙදන්නෙත් හොර නෝට්ටුද දන්නේ නැහැ. ඒ අවස්ථාවේ කාන්තාවක් නේද කියලා හිටපු ජනාධිපතිතුමන් මේ ගැන සානුකම්පිතව බලලා කටයුතු කළා. දැන් තේරුණානේ ප‍්‍රතිඵලය. ඉදිරියේදී නම් මේ වගේ අයට කිසිම බුරුලක් නම් දෙන්න එපා!
පොලිසියේ මහත්වරුන්ගෙන් අපි ඉල්ලනවා කිසිදු බලපෑමකට යට නොවී තමන්ගේ රාජකාරිය ඉටු කරන්න කියලා. අගෝස්තු 18 වැනිදායින් පසුව යළි ඇරඹෙන්නේ මහින්ද රාජපක්‍ෂ යුගය. ඒකට අපේ මව් පොළාව සූදානම්. අපි ඔබාමාලට, මෝඩිලාට පෙන්විය යුතුයි ‘ශ‍්‍රී ලංකාවේ ඉන්නේ ගුණමකුවෝ නොවෙයි, රට වෙනුවෙන් එකමිටකට එක් වී කෘතගුණ සලකන ජාතියක්’ කියලා. ඒ වෙනුවෙන් මහින්ද කොඩිය අතට ගනිමු.
– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

No comments:

Post a Comment