Tuesday, July 21, 2015

මහින්ද ඇගමැති කරලා ජනපතිගේ විධායක බලතල සියල්ල අහෝසි කරනවා..

මහින්ද ඇගමැති කරලා ජනපතිගේ විධායක බලතල සියල්ල අහෝසි කරනවා.. මැතිවරණය දිනූ පසු ජනාධිපතිවරයාගේ විධායක බලතල සියල්ල අහෝසි කර මහින්ද රාජපක්‍ෂ නැවතත් රටේ නායකයා කරවන බව සන්ධානයෝ කොළඹ දිස්ත‍්‍රික් අපේක්‍ෂක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
‘මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිවරයා බවට පත්කරනවා. ඉන් පසු ව්‍යවස්ථා සංශෝධනයක් හරහා ජනාධිපති ධූරයේ විධායක බලතල සම්පූර්ණයෙන් අහෝසිකර නැවතත් රටේ නායකයා බවට මහින්ද රාජපක්ෂ මහත්තයා පත්කරනවා.
ජනාධිපතිවරණයෙන් මහින්ද පැරදුනාට පසු හදපු සුළුතර ආණ්ඩුවෙන් මටත් ඇමතිකමක් දෙන්න සූදානම් වුණා. ඒත් වික‍්‍රමසිංහ මහතාගේ ආණ්ඩුවෙන් තොතරම් වටිනා ඇමතිකම් ලැබුණත් මොන වරප‍්‍රසාද ලැබුණත් යුද්ධයෙන් රට බේරාගත් නායකයාට හොරා හොරා කියමින් අපහාස කරමින් එම නායකයා විනාශ කරන්න අර අදින ආණ්ඩුවට නොයන බවට එදා සිටම මම පැහැදිලි ස්ථාවරයක සිටියා. ඉන් අපට දරුණු ප‍්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදුවුණා. මා ඇතුළු කිහිප දෙනකුට ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව තහනම් කළා’ යයිද ඔහු කියා සිටියේ හෝමාගම පැවති ජනහමුවක් අමතමිනි.

No comments:

Post a Comment