Saturday, July 18, 2015

ශ‍්‍රිලනිප උරුමකාරයෝ නැගිටිති.. මනාප ඕනෑනම් මෛත‍්‍රී දුන් ඇමතිකම් විසිකර එන්නැයි දන්වති..

ශ‍්‍රිලනිප උරුමකාරයෝ නැගිටිති.. මනාප  ඕනෑනම් මෛත‍්‍රී දුන් ඇමතිකම් විසිකර එන්නැයි දන්වති.. ශ‍්‍රිලනිප ඇමතිවරුන්ට ඉල්ලා අස්වන ලෙස පක්‍ෂ සාමාජිකත්වයෙන් බලපෑමක් එල්ල වෙමින් ඇතැයි වාර්තා වෙයි.
ශ‍්‍රීලනිප දිනවන්නේ නැතැයි පක්‍ෂ නායකයා ලෙස ජනාධිපතිවරයා විසින් පසුගියදා කරන ලද ප‍්‍රකාශයට විරෝධය පා ඔවුනට එම තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ශ‍්‍රිලනිප හිටපු මන්ත‍්‍රීවරුන් මෙන් බිම් මට්ටමේ සාමාජිකයන්ද බලපෑම් කරනමින් සිටිති.
පක්‍ෂය පාවා දුන් නායකයා යටතේ ඇමතිකම් දරාගෙන මනාප ඉල්ලාගෙන නොඑන ලෙසද ශ‍්‍රිලනිප ශාඛා සමිති නිල වශවෙන් ඔවුනට දන්වා ඇතැයිද වාර්තා වෙයි.
ඒ අනුව බොහෝ දුරට ඉතිරිව සිටින 20ක් පමණ වූ ශ‍්‍රිලනිප ඇමතිවරුන්ගෙන් 15ක් පමණ පිරිසක් මැතිවණ ව්‍යාපාරය අතරතුරදී ඉල්ලා අස්වීමට නියමිතව ඇතැයිද දැනගන්නට ඇත.

No comments:

Post a Comment