Sunday, July 19, 2015

ඉන්දියාව පෝට් සිටි නවතන්න කියා කිව්වා – ගෝටා

ඉන්දියාව පෝට් සිටි නවතන්න කියා කිව්වා – ගෝටා ඩොලර් බිලියන 1.4ක චීන ආයෝජනයෙන් ඉදිකෙරෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැවැත්වීමට ඉන්දියාවට අවශ්‍ය වූ බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසා ඇත.
ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පත වාර්තා කර ඇත්තේ කොළඹ ජාතික පුස්තකාල ශ‍්‍රවණාගාරයේ පැවති සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් ඔහු මෙය හෙළි කළ බවයි.
වරාය නගර ව්‍යාපෘතිය නවතන්නැයි ඉන්දීය ජාතික ආරක්‍ෂක උපදේශක අජිත් දෝවාල් තමන්ගෙන් පුද්ගලික ඉල්ලීමක් කළ බව සම්මන්ත‍්‍රණයට එක්ව සිටි වෘත්තීයවේදීන් ඇමතූ ගෝඨාභය රාජපක්‍ෂ පවසා තිබේ.
එම ව්‍යාපෘතිය තම රටේ ආරක්‍ෂාවට තර්ජනයක් බව ඉන්දියාව පවසා ඇතැයි වාර්තා වේ.
හිටපු ආරක්‍ෂක ලේකම්වරයා පවසා ඇත්තේ වරාය නගරයෙන් ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක් නොවන බවට තමන් අජිත් දෝවාල් මහතා වෙත සහතික වූ බවයි.
මෙවැනි ඉල්ලීම් නව රජයට ඉදිරිපත් වන්නේදැයි තමන් නොදන්නා බවද ඔහු පවසා තිබේ.  ජනවාරි 8 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෛත‍්‍රිපාල සිරිසේන ජයගත් පසු පත්වූ රනිල් වික‍්‍රමසිංහ රජය විසින් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර ඒ සඳහා කැබිනට් අනුමැතිය නොලැබී තිබීම හා අත්‍යවශ්‍ය පාරිසරික වාර්තාවක් ලබාගෙන නොතිබීම එයට හේතු ලෙස දක්වන ලදී.
කෙසේවෙතත් එම ව්‍යාපෘතිය යළි ඇරඹීමට කටයුතු කරන බව පසුගියදා රජය විසින් නිවේදනය කරනු ලැබිණි.
මූලාශ‍්‍රය 01

No comments:

Post a Comment