Wednesday, July 22, 2015

මහින්ද පාක්ෂිකයින්ට ගැහුවායැයි කියන වීඩියෝවේ ඇත්ත කතාව මෙන්

මහින්ද පාක්ෂිකයින්ට ගැහුවායැයි කියන වීඩියෝවේ ඇත්ත කතාව මෙන්

web43සංඛ විදානගමගේ හෙළිදරව්ව මෙන්න …හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අකුරැස්සේ රැස්වීමට ගිය වෙලාවේ සිදුවූ සිද්ධියක් ගැන ප්‍රවීණ ඡායාරූප ශිල්පී සංඛ විදානගම අදහස් දක්වා තිබෙනවා. සංඛ්‍ එම රැස්වීම අාවරණය කිරිමට ගොස් තිබෙනවා. එහිදී ඔහු දුටු සිදුවීම තමන්ගේ ෆේස් බුක් පිටුවේ සටහන් කර තිබෙනවා.

ඔහු කියන්නේ මහින්ද රාජපක්ෂ පාක්ෂිකයින්ට පහරදීමට උත්සාහ නොගත් බවයි. ඉදිරියේදී ඔහු එහි ඇත්ත කතාව ප්‍රසිද්ධියට පත් කිරිමටත් සූදානමින් සිටිනවා.
ඒ ගැන සංඛ කියලා තියෙන්නේ මෙහෙමයි.
බුකියේ ගොඩ දෙනෙක් රැල්ලට වගේ හිටපු ජනාධිපති තුමන් අකුරැස්සේ පැවති ජනහමුවක හැසිරුන විදිහ විවේඡනය කරමින් ඉන්න මොහොතක ඒ ගැන නොදන්න අයට පොඩ්ඩක් සිද්ධීය පැහැදිලි කරලා දෙන්න හිතුනා.
මම ඒ වෙලාවේ එතන හිටියා. ඒ වගේම ඔය සිද්ධීය මුල ඉදන්ම ඇස් දෙකට දැක්කා සිද්ධියේ මුල ඉදලම ඡායාරූප සාක්ෂිත් තියෙනවා.
හිටපු ජනාධිපතිතුමා රථයෙන් බැහැලා එන වෙලාවේ ඉදලම සෙනග අතර හිටි කෙනෙක් ඔහුගේ දකුණු අතේ ඇගිලි වලින් (මුදු තියෙන) තද කරලා අල්ලන ගමන් එක්වරම සෙනග අතරට ඇද්දා. ඔතනදී වුනේ එක්කෝ මුදුටික තියෙන ඇගිල්ල නිසා අනිත් ඇගිලි රිදුනා නැත්තම් ඒ පුද්ගලයා ඒ එකක් හරි ගලවගන්න හැදුවා. අසුරු සැනින් වුන මේ අවස්ථාව ආරක්ෂක නිලධාරීන්ට පාලනය කරගන්න බැරිවුනා. ඒ නිසා හිටපු ජනාධිපතිතුමාම ඒ ප්‍රශ්නේ විසදගත්තා.
හිත හොද ගෑණි හැමදාම බඩින් කියනවා වගේ රාජ්‍ය නායකයෙක් වුනත් හැමෝත් එක්කම හොදින් ඉන්න ගියොත් කරෙත් නගින්න ඒවි.
මේ සිද්ධීය සමහරු මවාපාන්න හදන තරම් ලොකු දෙයක් නෙමෙයි. ඒ වගේම වශී බෝල සම්බන්ධකමකුත් මේ සිද්ධීයේනෑ.

(මම මහින්ද වාදියෙක්වත් මගේ ලේ නිල්පාට වත් නෙමෙයි. ඇත්ත දැක්ක නිසා කිව්වා විතරයි. ඒ ගැන සුළු හරි සැකයක් තියෙනවා නම් බලන්න – https://www.facebook.com/media/set/…)
(සැ.යු. – එහි සිටි පුද්ගලයෙක් තම ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර අන්තර්ජාලයට එක්කල මෙම සිද්ධිය පිළීගත් ජනමාධ්‍යයක් හරහා පළවූවක් නොවේ. නමුත් ඇතිවී තිබෙන තත්වයේ සැබෑ ස්වරූපය ජනතාවට පැහැදිලි කරදීම සදහා ඉදිරියේදී මෙය පිළිගත් ජනමාධ්‍ය ආයතන විකාශයකරනු ඇත.)
වන්න.

No comments:

Post a Comment