Tuesday, July 21, 2015

මැතිවරණයට පෙර සිංහල-මුස්ලිම් ගැටුම් අවුලන්න යහපාලන නඩය සැරසෙනවා…

මැතිවරණයට පෙර සිංහල-මුස්ලිම් ගැටුම් අවුලන්න යහපාලන නඩය සැරසෙනවා… අගෝස්තු 17 වැනිදාට පෙර සිංහල – මුස්ලිම් ජනතාව අතර ගැටුමක් නිර්මාණය කොට ඒ ගැටුමේ වාසිය සියතට ගැනීමේ සූදානමක් වත්මන් ආණ්ඩුවට ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අනාවරණය කරයි.
විමල් වීරවංශ මහතා මෙසේ පැවසුවේ පසුගියදා කොලොන්නාව සිංහපුර ප‍්‍රදේශයේදී පැවැති ජනහමුවක් අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
‘සිංහල, මුස්ලිම් ජනතාව අතර සිවිල් අරගලයක් නිර්මාණය කරලා ඒ ගැටුමේ වාසිය සියතට ගැනීමේ සුදානමක් මේ වෙන කොට වත්මන් ආණ්ඩුවට තිබෙනවා. ඒ සඳහා විවිධ උපක‍්‍රම ඔවුන් භාවිතයට ගනිමින් සිටිනවා. සිවිල් පුද්ගලයන්ව කණ්ඩායම් වශයෙන් සූදානම් කරලා, ඒ පිරිසට සිවුරු අන්දවලා, මුස්ලිම් ජනතාව අතරට යවලා, සිංහල ජනතාව හා මුස්ලිම් ජනතාව අතර ගැටුමක් නිර්මාණය කිරීමේ උපක‍්‍රමශීලී මෙහෙයුමක ආණ්ඩුව මේ වන විට නියැළී සිටින බව අපි වගකීමෙන් යුක්තව මහජනතාවට ප‍්‍රකාශ කර සිටිනවා.
මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේදීත් සිංහල මුස්ලිම් ජනවාර්ගික ගැටුම් ඇති කිරීමට කටයුතු කළේ ද මේ නඩයමයි. මෙකී ගැටුම නිර්මාණය කරලා, එහි චෝදනාව මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව මත පටවලා, මුස්ලිම් ජනතාව රාජපක්‍ෂ ආණ්ඩුවෙන් ඈත් කිරීමට කටයුතු කළ මේ නඩයට ජනාධිපතිවරණය අවසන් වීමත් සමග බෙන්ස් මෝටර් රථ හිමිවුණා. නෝර්වේ සහ ඉන්දියාව මේ නඩයට අනුග‍්‍රහය දැක්වූවා. අසාත් සාලිලා වැන්නවුන් පසුගිය කාලයේදී ලාභ ප‍්‍රයෝජන ලබන්නේ මෙවන් වටපිටාවකදීයි. මේ ඇත්ත අපගේ සහෝදර මුස්ලිම් ජනතාව තේරුම් ගත යුතුව තිබෙනවා.’’
මාධ්‍ය ඒකකය
ජාතික නිදහස් පෙරමුණ

522 Viewers

No comments:

Post a Comment