Saturday, July 18, 2015

ශ‍්‍රිලනිප පාක්‍ෂිකයිනි, පෙරට එනු.. මහින්දගෙන් ඔබේ පක්‍ෂය බේරාගනු.. – ජවිපෙ නායක

ශ‍්‍රිලනිප පාක්‍ෂිකයිනි, පෙරට එනු.. මහින්දගෙන් ඔබේ පක්‍ෂය බේරාගනු.. – ජවිපෙ නායක ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් තම පක්‍ෂය මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් බේරාගත යුතු බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසයි.
කිරිබත්ගොඩදී පැවති එම පක්‍ෂ ජනරැළියක් අමතමින් ඔහු කියා සිටියේ ශ‍්‍රිලනිපය බණ්ඩාරනායක මහතා විසින් පංච මහා බලවේගයත් එක් කර ගොඩ නැගූ බවත් පාක්‍ෂයකින් තම පක්ෂය ගැන ආඩම්බරයෙන් කතා කල බවත්ය.
එසේ ගොඩ නැගූ පක්‍ෂය වෙනුවට රාජපක්ෂ මහතා සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය වෙනුවට කූඩු, එතනෝල්, බාර්, ස්කාගාර, ස්ත්‍රි දුෂක පෙරමුණක් බවට පත් කර ඇති බවද කියා සිටි ජවිපෙ නායකයා පාක්‍ෂිකයින් තම පක්ෂයට හිමි තැන නැවත අත්පත්කර ගන්නට නම් මහින්ද රාජපක්ෂගෙන් එය බේරා ගත යුතු යයිද කියා සිටියේය.
6,546 Viewers

No comments:

Post a Comment