Sunday, July 19, 2015

ශ‍්‍රිලනිපය දෙකඩ කලේ මෛත‍්‍රීපාලයි.. මතක තියාගන්න මහින්දවාදීන්ට විතරක් මනාප දෙන්න… මහින්ද මහතා අගමැති ලෙස පත් නොකිරීමට  ජනාධිපතිවරයා සියලූ කුමන්ත‍්‍රණ කරනු ඇති බවත් ඊට පසුගිය කාලයේ යහ පාලනයට හවුල් වූ ශ‍්‍රී ලංක නිදහස පකෂයේද ඇතමුන් නැවත කටයුතු නොකරණු ඇතැයි සහතික විය නොහැකි බැවින් පාර්ලිමේන්තු මැතිවරණයේදි මහින්ද රාපක්ෂ මහතා වෙනුවෙන් අත ඔසවන අය පමණක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව සැලකිලිමත් වියයුතු බව බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.
මිනුවන්ගොඩ, වීදියවත්ත ප‍්‍රදේශයේ පැවති රැස්විමකදි රණතුංග මහතා මේ බව සදහන් කලේය.
මෙහිදි වැඩි දුරටත අදහස් දැක්වූ ප‍්‍රසන්න රණතුංග මහතා මෙසේද කිවේය.
අපිට අවශ්‍යය වෙන්නේ රටට පණ දෙන්න පුලූවන් නායකයෙක්. පහුගිය ජනවාරි  08 වෙනිදා මේ රටට පණ දෙන්න පුලූවන් නායකයා ජනතා මතයට ගරු කරලා ගෙදරගියා.එදා ඉදන් මම මහින්ද නැවත අගමැති කිරීමේ සටනේ කටයුතු කෙරුවා. ඒ හින්දාම සමහර වෙලාවල් වල මගේ මහ ඇමතිකමටත් තට්ටු වෙන්න ගියා. සමහර අපේ ලොක්කෝ රැට රැට සාකච්ඡ කලා මාව එලවන්න. හැබැයි බැරිවුනා. අපේම සමහර උදවිය කකුල් දෙක දෙපැත්තේ තියාගෙන වැඩ කලා. සමහරු මේ යහපාලන ආණ්ඩුවේ ඇමතිකම් පවා ගත්තා. ඒ අය කිවුවේ 19ටයි 20ටයි සහයෝගය දෙන්න ඇමතිකම් ගත්තයි කියලා. ඇත්තටම මේ අය ඇමතිකම් ගත්තේ වෙන මොනවටවත් නෙමෙයි රනිල්ගේ අගමැතිකම රකින්න.
මහින්ද මහත්තයා අද ඡුන්දය ඉල්ලන්නේ මේ රටේ ඡනතාවගේ ඉල්ලීම නිසයි .08 වෙනිදා බස් පිටින් මැදමුලන ගිහිල්ලා අපේ අහිංසක අම්මලා තාත්තලා මහින්ද මහත්තයාගෙන් ඉල්ලූවේ.අපහු දේශපලනයට එන්න කියලා. අපි සන්ධානයේ වෙනත් පක්ෂ කිහිපයක් එකතු වෙලා නුගේගොඩින් මහින්ද අගමැති කරන සටන ආරම්භ කලා.මහින්දට ඡුන්දය දුන් 58 ලක්ෂයේ කෙනෙකු ලෙස මම ඒකට යනකොට යන්න එපා කියලා මගෙ මිත‍්‍රයොත් කිවුවා හැබැයි මට මගේ පාක්ෂිකයෝ හැමදේටම වඩා වැදගත්.  ඒ නිසා මම මගේ හෘද සාක්ෂියට එකගවයි මම ඒ තීන්දුව ගත්තේ.ඊට පස්සේ මගෙන් විතරක්  නෙමෙයි මගේ දරුවන්ගෙනුත් පළි ගන්න හදනවා. හැබැයි මම මහින්ද මහත්තයා අගමැති කරනතුරු මේ සටනේ ආපසු හැරෙන්නේ නැහැ.
මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා තවමත් අපේ පක්ෂයේ සභාපතිවරයා දැයි අපට ප‍්‍රශ්නයක් තිබෙනවා. පසුගියදා ඔහු කල ප‍්‍රකාශයෙන් අපිට මේ ගැටලූම මතුවුනා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම ආරම්භ කලේ මෛත‍්‍රීපාල සිරිසේන මහතායි .මේ පක්ෂය විනාශ කල පුද්ගලයෙක් ලෙස මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතිහාසගත වෙනවා. පක්ෂය කඩපු පක්ෂයේ බලය නැති කරපු එතුමාගෙන් අපට පක්ෂයට හෝ පාක්ෂිකයන්ට සාධාරණයක් ඉෂ්ට වේවි යැයි විශ්වාස කල නොහැකියි.ඒ නිසා තවදුරටත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා අප පක්සයේ සභාපති ලෙස අප සලකන්නේ නැහැ.එතුමා කියනවා දිනුවත් මහින්දට අගමැතිකම දෙන්නෙ නෑ කියලා අපි ඒක දැන්ගෙන හිටියා අවසන් මොහොතේ හෝ ඔහුගේ සැබෑ ස්වරූපය මතුවන බව අප දැන්ගෙන සිටියා. හැබැයි ඒක ලේසි වේන්නේ නෑ. අපේ ජයග‍්‍රහණයත් සමග මහිනද රාජපක්ෂ මහතා මෙරට අගමැතිවරයා බවට පත්වීම ඉරහ`ද සේ  විශ්වාසයි.එය කිසිම ජගතෙකුට වෙනස් කල නොහැකියි.
අගෝස්තු 17 වනදාට අපේ ජයග‍්‍රහනය පිලිබදව අපට කිසිම අවිශ්වාසයක් නෑ. නමුත් අපිට වගකීමක් නෑ.ඒ වගකීම තමයි.මහින්ද මහත්තයා එක්ක හිටපු බහුතර පිරිසක් මෙවර පාර්ලිමේන්තු යැවීම  පාර්ලිමේන්තුවට ගියාට පස්සේ යහපාලනයට කඬේ යන පිරිසක් එහෙම නැත්නම් ජාතක ආණ්ඩුවක හරහා රනිල්ව අගමැති නරන්න අත උස්සන පිරිසක් පාර්ලිමේන්තුවට යැව්වොත් අපි මේ සටන පරාද වනවා.ඒ නිසා  මහින්ද රාජක්ෂ මහතා සමග එකට හිටගත් පිරිසක් පාර්ලිමේන්තුවට යවන්න අපේ ඡුන්ද දායකයින් සැලකිලිමත විය යුතුයි නැතිනම් ජනවාරි 08 වනදා සිට අපට මුහුණ පෑමට සිදුවූ තත්වයන්ට අපව නැවත පත්වීම වැලැක්විය නොහැකියි.ඒ නිසා මහින්ද එක්ක වැඩ කරන්න පුලූවන් මහින්ද ගැන විශ්වාසය තියන පිරිසක් පාරලිමේන්තුවට යවන්න.
දැන්මේ ආණ්ඩුවෙ පිං කාලය ඉවරයි. පිං අගමැතිගේ කාලයත් ඉවරයි.මම විශ්වාස කරන්නේ රනිල් වික‍්‍රමසිංහගේ මේ යහ පාලන ආණ්ඩුව ශී‍්‍ර ලංකා වේ අඩුම කාලයක් පාලනය ගෙන ගිය ආණ්ඩුව ලෙස ඉතිහාස ගත වේවි. වික‍්‍රමසිංහ මහතා 29 වන වතාවක් පරාජයට පත් වූ අගමැති අපේක්ෂකයෙක් ලෙස ඉතිහාස ගත වේවි.මෛත‍්‍රීපාල සිරිසේන මහතාත් පක්ෂය පාවා දුන්  පක්ෂ නායකයෙක් ලෙෂ ඉතිහාස ගත් වේවි. අපේ රටේ ජනතාව ඉතිහාස ගත් වන්නේ මේ නිර්ලජ්ජිත ආණ්ඩුව පලවා හැරිමට කටයුතු කල ජනතවක් ලෙසයි.

No comments:

Post a Comment