Tuesday, July 21, 2015

ආමි එකට ගිහින් යුද්ධ කළේ බෝක්කු රත්කරපු, කුකුල්ලු කොටවපු එවුන්.. උන් කොහොමද වීරයෝ වෙන්නේ..

අළුත් පරපුරේ යැයි කියාගන්නා අවජාතකයෙකු රණවිරුවන්ට ගරහන හැටි මෙන්න

aluth-parapuraආමි එකට ගිහින් යුද්ධ කළේ බෝක්කු රත්කරපු, කුකුල්ලු කොටවපු එවුන්.. උන් කොහොමද වීරයෝ වෙන්නේ..

අළුත් පරපුරේ යැයි කියාගන්නා පාහරයෙක් මේ දිනවල රණවිරුවන්ට හා ජාතික වීරයන්ට ගරහමින් ඒවා වීඩියෝගතකර අන්තර්ජාලයට එක් කරන බව දැනගන්නට ලැබේ. ඊයේ ඉපදුන එවුන් ලෙස හැසිරෙන මෙම අවජාතකයන් තමන්ගේම ජාතියට ගරහන ආකාරය ඉතා නින්දා සහගතය.
රට ජාතිය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් යනු බූරු පොළවල් වල රස්තියාදු ගැසූ, කුකුළන් කෙටවූ, බෝක්කු රත්කළ අටවත් පාස් නැති පිරිසකැයිද මේ පාහරයන් පවසයි. අට පාස් උන්ට ටොයිලට් හෝදනවා වැනි ජොබ් එකක් කිරීමට නොහැකි බැවින් හමුදාවට යන බවත් එහෙම උන් රණවිරුවන් වන්නේ කෙසේදැයි මොවුන් ප්‍රශ්න කරයි.
එතනින් නොනවතින මොවුන් රට වෙනුවෙන් මරාගෙන මැරුණු හසලක ගාමිණී පිස්සෙක් බව පවසමින් ඔහුටද ගරහයි. මද්දුම බණ්ඩාරට හුජ්ජ කොල්ලෙක් යැයි කියයි.
මද්දුම බණ්ඩාර අපට දෙයාකාර‍යකින් ජාතික වීරයෙකි. අකුරු කියන්නට ලියන්නට බැරි සංදියේ අම්මා තාත්තා අත්තා අත්තම්මා කියාදුන් රස කතා අතර ඔහු අපට ජාතික වීරයෙකි. එපමණක් නොව අප පාසල් යද්දී අපේ පත පොතෙහිද මද්දුම බණ්ඩාර ජාතික වීරයෙක් විය. ඒ ජාතික වීරයා මරණය ගැන කිසිවක් නොදන්නා හුජ්ජ කොල්ලෙකැයි දැන් මොවුන් කියයි.
මද්දුම බණ්ඩාර සහ රණවිරුවා ගැන ඔබේ අදහස මේ වීඩියෝ නැරඹීමෙන් වෙනස් කළ හැකිද?

No comments:

Post a Comment