Tuesday, July 21, 2015

විශේෂ නිවේදනයක්.

විශේෂ නිවේදනයක්.
කරුණාකර අවසානය තෙක් කියවා බලා හොඳින් තේරුම් ගන්න.
බොදුජන එක්සත් පෙරමුණ කියන්නෙ මහින්දට, රටට ආදරේ සිංහල බෞද්ධ චන්ද කඩලා රනිල්ව අගමැති කරන්න ගෙනාපු උගුලක්. මතකයිනේ. ගියපාර චන්දෙටත් චම්පිකලා ඥානසාරත් එක්ක එකතු වෙලා මුස්ලිම් මිනිස්සුන්ට මහින්දව එපා කලා. දැන් උන් එක්කම නිදි වදිනවා. චම්පිකයි හකීමුයි බදියුදීන් කට්ටිය එකට. එක ආණ්ඩුවේ ඇමතිලා. ඥානසාරලා දැන් හලාල් ගැන කතාවක් වත් නෑ. මුන් මේ වැඩේ කලේ මුස්ලිම්, සිංහල මිනිස්සුන්ගේ සිත් මහින්ද ගෑන බිඳවලා මහින්ද පරද්දන්න. දැන් අපේ මිනිස්සු මෝඩයෝ උනා. උන්ට ඕනි වැඩේ කෙරුණා. ඒ වැඩේ නිසා මොකද උනේ? ශ්‍රී ලාංකිකයෙනි, මෙවර නම් ඥානසාරලගේ උගුලට අහුවෙන්න එපා.....


රණවිරුවෝ පෝරකයට යවද්දි, FCID එකෙන් දේශපාලන පලිගැනීම් කරද්දි, උතුරේ කොටින්ට පහන් පත්තු කරද්දි, අධි ආරක්ෂිත කලාප අයින් කරද්දි මුන් එකෙක්වත්, අඩුම ගණනේ ඥාසාරලාවත් කතා කලාද ඒවට විරුද්ධව?දෙන් කෝ හලාල් ප්‍රශ්නෙ? රටටම හලාල් කැවුවත් දැන් කමක් නැද්ද? චන්දෙ ප්‍රකාශයට පත් කලාම මෙන්න ආයිත් ඇවිත්. ධර්ම රාජ්‍යයකට ආපු චම්පිකලා යමපාලනේ ඇමතිකම් අරන්. ඥානසාරලා සද්ද නෑ. දැන් මේ චන්දෙට බොදුජන පෙරමුණෙන් එන්නෙ ඇයි? කවුද එයාලට චන්දෙ දෙන්නෙ? මුස්ලිම්, දෙමළ අයද? නෑ. සිංහල බෞද්ධ අය. කාගේ චන්දද අඩු වෙන්නෙ? මහින්දගෙ... කාටද වාසි? රනිල්ට.


තේරුම් ගන්න. බොදුජන පෙරමුණ කියන්නෙ මහින්දව වට්ටන්න පාවිච්චි කරන උගුලක්. ඒකට චන්දෙ දෙන්න එපා. ඔබගේ වටිනා චන්දය බොදුජන එක්සත් පෙරමුණට දෙන්න එපා. උගුල අවබෝද කර ගන්න. පුලුවන් තරම් අනිත් අයත් දැනුවත් කරන්න.

No comments:

Post a Comment