Thursday, July 16, 2015

දන්නේ නැති දෙයක් ගැන අහන්නේ..

දන්නේ නැති දෙයක් ගැන අහන්නේ..කරුණා කරලා දන්නා කෙනෙක් ඉන්නවා නම් මට කියන්න...සිරිසේන පෙරේදා කිව්වා නේද රනිල්ට දෝෂාභියෝගයක් ගෙනත් රනිල් එළවලා මහින්ද අගමැතිකමේ දිවුරුම් දෙන්න සැලසුමක් තිබුන කියලා...තමන් එක ව්‍යර්ථ කළා කියලා..ඉතින් සිරිසේන කිව්වේ ජාතික ලැයිස්තුවෙන් කෙනෙක් අස්වෙලා මහින්ද ඒ තැනට දිව්රුම් දීලා ඊළඟට අගමැති වෙනවා කියලා නේ ...ඒ කියන්නේ සිරිසේනට බලය නැහැ අගමැති කෙනෙක් පත් කරන්න කියන එක නේද? අනිත් කාරණේ තමයි, ජාතික ලැයිස්තුවක් චන්දෙ කාලෙම දෙනවා නේ මැතිවරණ කොමසාරිස්ට...එකේ ඉන්න අය හැර වෙන කෙනෙකුට ජාතික ලැයිස්තුවෙන් එන්න බැහැ නේ...එහෙම එන්න පුළුවන් නම් මේ පාර හදපු ලැයිස්තුවට පිටිනුත් අය මේ පාර ගන්න පුළුවන් වේවි නේ...ඉතින් පහුගිය මහ මැතිවරනේදී මහින්ද ජනාධිපති...එතකොට එයා ජාතික ලයිස්තුවේ නැහැ නේ..ඉතින් සිරිසේන කිව්වට කොහොමද මහින්ද ජාතික ලැයිස්තුවෙන් එන්නේ?සිරිසේන බොරු නේද කියන්නේ? එක්කෝ සිරිසේන ව්‍යවස්ථාව දන්නේ නැහැ...නැත්නම් ඌට පිස්සු....බොරුකාරයෙක්,පිස්සෙක්,ව්‍යවස්ථාව දන්නැති නූගතෙක් කොහොමද ජනාධිපති උනේ? කව්ද මේ මිනිහට චන්දෙ දුන්නේ?මගේ ප්‍රශ්න ලිස්ට් එක මෙන්න...
1. ජාතික ලැයිස්තුවට පිටින් කෙනෙක්ව පත්කරන්න ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවද?
2. තිබෙනවා නම් ඇයි වේලාසනින් ජාතික ලැයිස්තුවක් හදන්නේ?
3.සිරිසේනගේ කතාවට අනුව මහින්දට රනිල් එලවා අගමැති වෙන්න හැකි නම් සිරිසේනට අගමැති පත් කිරීමේ බලය නැත්ද?
4. සිරිසේන ජාතිය නොමග යවන බොරු ප්‍රකාශ කිරීම හේතුවෙන් ඔහුගේ ජනාධිපතිත්වය අභියෝගයට ලක් නොවන්නේද?
5.සිරිසේනට දෝෂාභියෝගයක් ගෙන ඒමට පෙරේදා කල ප්‍රකාශයම ප්‍රමාණවත් නොවේද?
6. එසේ ප්‍රමාණවත් නොවන්නේ නම් ඔහු මානසික රෝගියෙක් නිසා ඔහුව ධුරයෙන් ඉවත් කිරීමට හැකියාවක් ව්‍යවස්ථාවේ නැත්ද?
7. මෙවන් ජනාධිපති වරයෙක් පත් කර ගත් අයගේ බලාපොරොත්තුව කුමක් වන්නට ඇත්ද?

******මගේ උගත් මිත්‍රයින්ගෙන් 1,2 සහ 3 ප්‍රශ්න වලට අනිවාර්යයෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා...(අරුණ වාසලමුදලි)

No comments:

Post a Comment