Wednesday, July 22, 2015

සමාජ විප්ලවයකට සැරසෙන අට පාස් ග්‍රාමසේවක

සමාජ විප්ලවයකට සැරසෙන අට පාස් ග්‍රාමසේවක




අරුණ වාසලමුදලි
අප ඉතිහාසය කියවා ඇත්තෙමු.චීනයේ හෝ වේවා,ප්‍රංශයේ හෝ වේවා,ජර්මනියේ හෝ වේවා, ඉතාලියේ හෝ වේවා මහා විප්ලවයකට මුල පිරුවේ සමාජයේ ප්‍රතාපවත් යෝධයෙකි. ඉතිහාස ගත කරුණු අනුව බලන විට පෙනී යන්නේ එම සියලු නායකයින්ට විප්ලවය සඳහා තම ජාතියේ ආශිර්වාදය හිමිව තිබූ බවයි.එහෙත් සිරිසේන නම් අට පාස් ග්‍රාමසේවකගේ විප්ලවය නම් තම ජාතිය දිනාගෙන තිබූ දේවල් ආපසු බාර දීමට කරන විප්ලවයයි. ඔහු අරගල කරන්නේ තම උප්පැන්නයේ සඳහන් "ජාතිය" වන සිංහලය සමගය.සැබවින්ම අට පාස් ග්‍රාමසේවක විප්ලව වාදියෙක්ද?
චේ ගුවේරා තම අණසක සමස්ත ලතින් ඇමෙරිකාව පුරාම පතුරුවන්නට බලය ගන්නේ ඔහුගේ ජාතියෙනි.හිට්ලර්ද එසේමය. මහා ඇලෙක්සැන්ඩර් රජුද එසේමය.එහෙත් අට පාස් ග්‍රාමසේවක බලය ලබා ගන්නේ දෙමල සහ මුස්ලිම් චන්ද වලිනි. මොහු විටෙක වීරයකු ලෙස උදම් අනන්නේ තම ජාතියට නිදහස ලබා දුන් මිනිසා තුට්ටු දෙකට පහත් කරමිනි. අට පාස් ග්‍රාමසේවක අද දින හිට්ලර් කෙනෙකු ලෙස හැසිරී තිබේ.ප්‍රජාතන්ත්‍රවාදය , යහපාලනය ගැන කතා කරමින් තම පක්ෂයේ හදිසි හමුවක් පවා ඔහුගේ බලය යොදාගෙන අවලංගු කර තිබේ.පක්ෂයක සියලු ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් උල්ලංඝනය කොට නායකත්වයේ රැඳී සිටි බටලන්දේ වදකයා සමග රටට යහපාලනය උදා කරන්නට ඔහුට උවමනා වී තිබේ.
අට පාස් ග්රාමසේවකට කැරපොත්තකුගේ තරම් වත් පෞරුශයක් තිබුණි නම් අද උසාවි හරහා තහනම් නියෝග දමවන්නේ නැත.සිංහයන් මාංශ භක්ෂකයින් වූ පමණින් කරපොතු මස් අනුභව නොකරන බව අට පාස් ග්‍රාමසේවක දැනගත යුතුය.කැරපොත්තා ගෙම්බකුගේ ගොදුරක් වන තෙක් සිංහයන් බලා සිටිනු ඇත.නිදහස් දා ජාතික ඇඳුම අඳින්නට අමතක වූ අටපාස් ග්‍රාමසේවකගේ විප්ලවයට සැබෑ සිංහලයින් එක් නොවනු ඇත.ඒ ඔහු උගතෙක්, බුද්ධිමතෙක් නොවූ නිසාම නොවේ.ඒ ඔහු ජාතියේ පවට උපන් කාලකන්නියෙක් වූ නිසාය.

No comments:

Post a Comment