Sunday, July 19, 2015

යහපාලන එතනෝල් ආනයකරුවන් සිවු ගුණයකින් වැඩි කරයි.. එදා පහයි දැන් 20යි..

යහපාලන එතනෝල් ආනයකරුවන් සිවු ගුණයකින් වැඩි කරයි.. එදා පහයි දැන් 20යි.. 2015 වසරේ මුල් මාස හය තුළදී මෙරට එතනෝල් ආනයනකරැවන් ප‍්‍රමාණය සිව් ගුණයකින් ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි.
එසේම එම කාලයේ ආනයනය කල එතනෝල් ප‍්‍රමාණයද 2014 අවුරුද්ද තුළ ආනයනය කරන ලද එතනෝල් ප‍්‍රමාණයට ආසන්නය.
කෙසේ වෙතත් ආනයනකරැවන් ගැන තොරතුරැ හෙළි කිරීම ප‍්‍රතික්‍ෂෙප කල රේගු මාධ්‍ය ප‍්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා සංඛ්‍යා ලේඛන දත්ත පමණක් හෙළි කලේය.
එම තොරතුර අනුව 2014 වසරටම ආනයනය කර ඇති එතනෝල් ප‍්‍රමාණය ලීටර් මිලියන 13.4ක් පමණ වන අතර 2015 මුල් මාස හයක කාලය තුළ පමණක් එතනෝල් ලීටර් මිලියන 10.3ක් පමණ ආනයනය කර තිබේ.
එසේම ගිය වසර වන විට එතනෝල් බලපත‍්‍ර ලාභීන් පස්හය දෙනෙකු පමණක් සිටියද මෙම මාස හය තුල එම ප‍්‍රමාණය 20ක් දක්වා ඉහල ගොස් තිබේ.

No comments:

Post a Comment