Tuesday, July 21, 2015

ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෝ ඉන්නවා නම් රනිල් අගමැති කලේ ඇයි.. – මෛත‍්‍රිට හිරවෙන ප‍්‍රශ්ණයක්..

ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෝ ඉන්නවා නම් රනිල් අගමැති කලේ ඇයි.. – මෛත‍්‍රිට හිරවෙන ප‍්‍රශ්ණයක්.. අගමැති කරන්න මහින්දට වඩා ශ‍්‍රිලනිප ජ්‍යෙෂ්ඨයෝ ඉන්නේ නම් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ අගමැති කළේ මන්දැයි ජනපති මෛත‍්‍රිගෙන් ප‍්‍රශ්න කරන බව පළාත් අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා පවසයි.
‘අද වමේ බලවේග සියල්ල මහින්ද මහත්තයා එක්ක. මෛත‍්‍රී මහත්තයෝ ඔබතුමා එදා කිව්වා මහින්දට දිනන්න බෑ, දිනුවත් අගමැතිකම දෙන්නේ නෑ, අගමැති කරන්න ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයෝ  ඕනතරම් ඉන්නවා කියලා. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ ඉන්නවා කියලා දැන්ද මතක් වුණේ. ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෝ ඉන්න බව දැන හිටියා නම් ඇයි රනිල්ව අගමැති කළේ.  ඕක හිතන්න තිබ්බේ ජනවාරි අටවැනිදනේ. මට තිතෙනවා එදා අනුරාධපුරේට ආපු සෙන`ග දැක්කම මිනිසුන්ට ඔබේ කතාව ඇහිලා නෑ කියලා’ යයිද ඔහු ජන හමුවකදී කියා සිටියේය.

No comments:

Post a Comment