බිරිඳට කෝටි ගණනක දුෂණ චෝදනා.. සැමියාට අල්ලස් කොමිසමේ පදවියක්..
July 21, 2015 at 3:00 pm | lanka C news
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට උපදේශකවරයෙක් ලෙස පත්කළ
පුද්ගලයකුගේ බිරිඳට එරෙහිව එම කොමිසමේම කෝටි ගණනක මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ
ලිපිගොනු පහක් ඇතැයි එම කොමිසමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.මෙම උපදේශකවරයා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු බවත් බිරිඳ සතොස ආයතනයේ සේවය කර ඇති බවත් ආරංචි මාර්ග අවධාරණය කර සිටී.
අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට විමර්ශන සඳහා උපදෙස් ලබාගැනීමට යෑයි පවසමින් බඳවාගත් උපදේශකවරයාගේ බිරිඳට එරෙහිව පවතින ලිපිගොනු පහද විමර්ශනය කළයුතු බව කොමිසමේ කොමසාරිස්‌වරුන් දැඩිව කියා සිටීම නිසා කොමිසම අභ්‍යන්තරයේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි එම ආරංචි මාර්ග අවධාරණය කර සිටී.
උපදේශකවරයා බඳවා ගැනීම කොමිසමේ උසස් නිලධාරිනියකගේ අභිමතය පරිදි සිදුකර ඇති බවත් එය අභියෝගයට ලක්‌කරමින් කොමසාරිස්‌වරුන් සහ එම නිලධාරිනිය අතර මත ගැටුම් නිර්මාණය වීම නිසා කොමිසමේ වැඩකටයුතු අඩාල වී ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටී.
පසුගිය රජයේ ප්‍රබල ඇමැතිවරුන් දෙදෙනකුගේ තොරතුරු සෙවීම සඳහා උසස් නිලධාරිනිය තවත් දෙදෙනකු සමග කොමිසමේ අවසරයකින් තොරව සිංගප්පූරුවට යැම සම්බන්ධයෙන් එම නිලධාරිනියගෙන් කොමිසම නිදහසට කරුණු විමසීමක් කර ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අවධාරණය කර සිටී.
No comments:
Post a Comment