Sunday, July 19, 2015

මෛත‍්‍රීට වුනේ තීන්ත බාල්දියට වැටුනු නරියාට වූ දේ.. එජාප සටන් පාඨ කී පසු නරියා කියා පැහැදිලි වුණා..

මෛත‍්‍රීට වුනේ තීන්ත බාල්දියට වැටුනු නරියාට වූ දේ.. එජාප සටන් පාඨ කී පසු නරියා කියා පැහැදිලි වුණා.. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මෙතෙක් කල් ශ‍්‍රිලනිප නායකයා ලෙස සිංහ හමක් පොරවාගෙන සිටියද පසුගියදා එජාප සටන් පාඨ කීමත් සමඟ සිංහ හම ගැලවී ගොස් ඇත්ත නරි රූපය මතු වූ බව කොළඹ දිස්ත‍්‍රික් සන්ධාන අපේක්‍ෂක උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මෙසේ කියා සිටියේ පසුගිය 17 වන දා අනුරාධපුරයේ පැවති සන්ධානයේ මංගල ජන රැළිය අමතමිනි.
ඔහු එහිදී මෙසේද කියා සිටියේය.
මම අද කතාව ආරම්භකරන්නට සිතුවෙ පුංචි ගම කතාවකින්. දවසක් කුකුල් හොරකමේ ගිය නරියෙක් ගමරාලට අහුවුනා. ගමරාල පොල්ලක් අරන් පස්සෙන් පන්නනකොට නරිය දුවල ගිහින් ලොකු කල්දේරමකට පැනල හැංගුනා. ගමරාල යනකන් ඉදලා කල්දේරමින් එලියට පනිනකොට ඒකෙ තිබුන සායම් ඇගේ ගෑවුනා.  නරිය කැලේට යද්දි කැලේ සත්තු දැක්කෙ අමුතු සතෙක් වගේ. මේ නරිය කැලේ සත්තුන්ට කිව්ව දැන් සිංහයා මහලුයි සිංහයා දැන් දුර්වලයි ඒ නිසා දෙවියො මාව එව්ව කැලේ සත්තු ටික බලා ගන්න කියල.  සත්තුත් මේක විශ්වාස කරල අර පාට පාට නරියත් එක්ක ගිහින් සිංහ රජතුමාට කිව්ව අපි කැමතියි දෙවියන් එව්ව කෙනාව අපේ නායකයා කරගන්න.
ඒ පාර සිංහ රජතුමා කියනව මම කැමති නෑ කැලේ සත්තු දෙකට බෙදිල රන්ඩු කරනව දකින්න. ඔය ගොල්ලො කැමති මේ අලුත් නායකයටනම් මම පැත්තකට වෙලා ඉන්නම් කියල නරියට කැලේ නායකත්වය දෙනවා. දැන් නරිය රජකම් කරනව හැබැයි හූ නොකියන්න ප්‍රෙව්සම් වෙලා ඉන්නව. මිත්‍රවරුනි දවසක් තව නරියෙක් ඇවිදින් හූකියනව ඇහුනම නරියගෙ ජම්ම පුරුද්ද එලියට ඇවිදින් හූ කියන්න පටන් ගත්ත. මෙන්න නරිය හූ කියනකොට තමයි කැලේ සත්තුන්ට තේරුනේ අපි මෙච්චරකල් කැලේ නායකය කරගෙන ඉදල තියෙන්නේ නරියෙක් නේද කියල. කැලේ සත්තු නරියව එලවලා සිංහ රජාව ආපහු ගෙනල්ල රජකමේ පිහිටුවා ගත්ත.
මිත්‍රවරුනි සංධානෙ අපිට උනෙත් ඒ කම තමයි. ඒ නිසා නිල් රෙද්දක් පොරවගෙන හිටියට ජනපති සිරිසේනගෙ ඇගේ දුවන්නෙ කොළ පාට ලේ. හැබැයි නිල්පාට රෙද්ද නිසා අපි රැවටුනා. පසුගිය අගහරුවාදා ඡන්ද සටන මැද එජාපයේ අය යූඇන්පී සටන් පාඨ කියනකොට ඉන්න තැන අමතක වෙලා එතුමා කියනවා මගේ පැතුමත් එජාප‍යේ ජයග්‍රහනයයි කියලා. ඔන්න නරියා හූ කිව්වා. දැන් නරිය කවුද කියල අපි දන්නවා. ඒ නිසා මිත්‍රවරුනි අපිට බොහොම ලේසියි. අපි නම් ජනවාරි මාසයේ ඉදල බොහොම සැකෙන් බැලුවෙ. එන පොට හොද නෑ කියලයි අපි දැක්කෙ. හැබැයි සමහරු විශ්වාස කලා එතුමා ඇවිත් මේ සන්ධානෙට නායකත්වය දෙයි ජනපතිකමේ අනුහසින් සන්ධානය ජයගනී කියලා. ඒ නිසාම සංධානෙ පිල් දෙකක් හැදුනා. මෛත්‍රී පිල කියල සමහරුන්ට කිව්ව. මහින්ද පිල කියලා තවත් අයට කිව්වා. ගිය අගහරුවාදා  කිව් ඒ හූවට පින් සිදුවෙන්න එතුමගෙ ඇත්ත තත්වෙ දැනගත්තා.  දැන් ආපේ සන්ධානෙ පිල් දෙකක් නෑ. එකම එක පිලයි ඒ සන්ධානය විතරයි. ඒ නිසා අපේ සන්ධානයේ සමගිය ගොඩ නැගුවට ජනපති සිරිසේන මැතිතුමනි ඔබට බොහොම පිං.
මහින්ද රැල්ල ගොඩනැගුවේ ඇයි ?
අපිට එතුමට දොස් කියන්න බෑ. එතුමට ඔය ජනපති පුටුව අරන් දුන්නේ යූ ඇන් පී එක. ඒ නිසා එතුමා යූ ඇන් පී එකට ණයයි. එතුමට අවුරුදු පහකට ජනපතිකම අරන් දුන්නු  යූ ඇන් පී එකට අවුරුදු පහකට ආන්ඩුවක් අරන් දෙනතුරු එතුමගෙ ණය ගෙවෙන්නේ නෑ. ඒ නිසා එතුමා හිටන් ඉන්න තැන අපිට පැහැදිලියි. හැබැයි මිත්‍ර වරුනි අපි මේ දේ කලින් දැක්ක නිසා සන්ධානෙන් එලියෙ රටපුරා ගිහිල්ල මහින්ද රැල්ල ගොඩ නැගුවා. ඒ නිසා ඡන්දය මැද සන්ධානෙ නායකය මම ඉන්නෙ යූ ඇන් පී එකත් එක්කයි කියනකොට අපි විකල්පෙ හදල ඉවරයි අපේ සදාදරනීය නායකයා අද මේ වේදිකාවට ගොඩ වැදිල ඉවරයි. ඒ නිසා අපි මේ මැතිවරණ ව්‍යාපාරය ගොඩ නැගුවෙ ජනපති සිරිසේන වටා නෙවෙයි. අපි විශ්වාසය තැබුවෙ ආදරණීය ඔබ ගැනයි. නුගේ ගොඩ ඉදන් අද වෙනකන් අපිත් එක්ක හිටිය තමුන්නාන්සේලා ගැනයි.  මේ ජන රැල්ල තිබෙන තුරු මේ ජන පවුර තිබෙන තුරු සන්ධානයේ ජයග්‍රහනය රන්ල්ට සිරිසේනට නෙවෙයි බැරැක් ඔබාමටවත් නතර කරන්නට බෑ කියල අපි කියනවා.
– අරවින්ද අතුකෝරල

No comments:

Post a Comment