Wednesday, July 22, 2015

පොලිස් අත්අඩංගුවට පත්වූ සුදු වෑන් රථය එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් - ගෝඨාභය රාජපක්ෂ

පොලිස් අත්අඩංගුවට පත්වූ සුදු වෑන් රථය එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් - ගෝඨාභය රාජපක්ෂ


මිරිහාන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්වූ වෑන් රථය එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් භාවිතා කළ වාහනයක් බවට තොරතුරු ලැබී ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
එහි අංකයද ව්‍යාජ අංකයක් බවට හඳුනාගෙන ඇතැයි හෙතෙම කියා සිටියේ ඊයේ (21) මෙවර මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟවදින උදය ගම්මන්පිල මහතාට සහය පළකරමින් පැවති මැතිවරණ රැළියකට එක්වෙමිනි. එදා සුදු වෑන් සංස්කෘතියක් නිර්මාණය කළ බවට චෝදනා එල්ල කළ පිරිස් වෙතින්, විශේෂයෙන්ම සෝභිත හිමියන්ගෙන් මේවාට විරුද්ධව කතා කරනවාදැයි විමසා සිටින බව රාජපක්ෂ මහතා සඳහන් කළේය.
සිවිල් සමාජ සංවිධාන වෙතින් ‘යහපාලනය යනු මේකදැයි’ප්‍රශ්න කරන බවද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේය.
එදා රටේ ආරක්ෂාව ස්ථාවර කරන විට ‘යුදකාමීන්’ලෙස‍ චෝදනා එල්ලවුණු බවත්, එසේ වුවද රටක සංවර්ධනය,ආර්ථිකය හෝ සංහිඳියාවේ වුවද පදනම වන්නේ රටේ ආරක්ෂාව බව ඔහු සිහිපත් කළේය. එහෙත් මෙම ආණ්ඩුව රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දී ඇත්තේ පහත් මට්ටමක ප්‍රමුඛත්වයක් බව ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment