Thursday, July 23, 2015

මහින්දට එරෙහි මඩ ගැසීම් වහා හෙළි කරන්න, දේශය සුරැකීමේ අල්ලස් කොමිසමට යයි

මහින්දට එරෙහි මඩ ගැසීම් වහා හෙළි කරන්න, දේශය සුරැකීමේ අල්ලස් කොමිසමට යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කී‍්‍රඩා අමාත්‍ය නවීන් දිසානායක මහතාට අල්ලස් ලබාදී ඇති බවට කරනු ලබන පදනම් විරහිත චෝදනා පිළිබද සත්‍ය ජනතාවට හෙළි කරන ලෙසට ඉල්ලමින් දේශය සුරැකීමේ එකතුව සංවිධානය අද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් බාර දෙනු ලැබීය.
මෙම පැමිණිල්ල දේශය සුරැකීමේ සංවිධානය වෙනුවෙන් එම සංවිධානයේ සභාපතිනී ශර්මිලා ගෝනවල මහත්මිය විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර එහිදී එ් මහත්මිය කියා සිටියේ ඇතැම් පාර්ශ්වයන් විසින් කරනු ලබන මෙවැනි පදනම් විරහිත චෝදනා හිතාමතාම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස කිරීමේ අරමුණින් කරනු ලබන චෝදනා බවයි.
පසුගිය සමයේ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට පුද්ගලික සමාගමකට එරෙහිව කරනු ලබන පරීක්ෂණ නවතා දමන ලෙසට ඉල්ලමින් ඉහළ පාර්ශ්වයක් විසින් අල්ලසක් ලබාදීමට උත්සහ කළ බවට කළ ප‍්‍රකාශයේ සත්‍ය ජනතාවට හෙළි කරන ලෙසද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවෙන් අදාල පැමිණිල්ලෙන් ඉල්ලා සිටින බව ගෝනවල මහත්මිය පැවසුවාය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශාල වශයෙන් මඩගැසීම් කරනු බවත් එ් සියල්ල දේශපාලනික අභිමතාර්ථ ඉටුකරගැනීමේ අරමුණින් කරනු ලබන බැවින් ජනතාව මෙම මඩ ගැසීම් පිළිබඳ සත්‍ය දැනගත යුතු බවද ශර්මිලා ගෝනවල මහත්මිය සඳහන් කළාය.
තමා ඇතුළු දේශය සුරැකීමේ එකතුව සංවිධානය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එ් මහතාගේ පවුලේ සාමජිකයන්ට එරෙහිව ගෙන යනු ලබන පදනම් විරහිත චෝදනා පිළිබද සත්‍ය හෙළි කිරීමට බලාපොරොත්තු වන බවද ගෝනවල මහත්මිය වැඩිදුරටත් ප‍්‍රකාශ කළාය.

No comments:

Post a Comment