Monday, June 22, 2015

පක්‌ෂ නායක රැස්‌වීම උණුසුම් රතන හිමියෝ නැගිට යති


පක්‌ෂ නායක රැස්‌වීම උණුසුම්
රතන හිමියෝ
නැගිට යති


සිරිමන්ත රත්නසේකර

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 20 වැනි සංශෝධනයේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු විවාදය පැවැත්වීම පිළිබඳව අවසන් තීරණයක්‌ ගැනීම සඳහා ඊයේ (22 දා) පැවැති පක්‍ෂ නායක රැස්‌වීම් පරස්‌පර අදහස්‌ පළවීම නිසා දැඩි උණුසුම් ස්‌වභාවයක්‌ ගත් අතර ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විරෝධය පළකරමින් එම රැස්‌වීමෙන් පිටව ගොස්‌ ඇත.

මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සම්බන්ධ විවාදය අද සහ හෙට (23 - 24) පැවැත්වීමට පක්‍ෂ නායක රැස්‌වීමේදී තීරණය වී තිබෙන අතර එම තීරණයට තමන්ට එකඟවීමට නොහැකි බව පවසමින් උන්වහන්සේ රැස්‌වීමෙන් පිටව ගොස්‌ තිබේ.

මේ සම්බන්ධව අතුරලියේ රතන හිමියන්ගෙන් 'දිවයින' කළ විමසුමකදී උන්වහන්සේ කියා සිsටියේ මෙතෙක්‌ පැවැති පාර්ලිමේන්තු සම්ප්‍රදාය කඩකරමින් 20 වැනි සංශෝධනයේ මැතිවරණ ක්‍රමය වෙනස්‌ කිරීම සම්බන්ධව තීරණය කර ඇති බවයි.

එක්‌සත් ජාතික පක්‍ෂය 20 වැනි සංශෝධනය කඩාකප්පල් කිරීමේ අරමුණ ඇතිව කටයුතු කරන බව ඊයේ පැවැති පක්‍ෂ රැස්‌වීමේදී සනාථ වූ බවත් එවැනි පසුබිමක ඒ සම්බන්ධයෙන් තමන්ගේ නොසතුට පළකරමින් රැස්‌වීමෙන් පිටව ගිය බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පැවැති පක්‍ෂ නායක රැස්‌වීමට පැමිණ සිටි පක්‍ෂ නායකයන් හා නියෝජිතයන් මැතිවරණ ක්‍රමය විවාදයට ගැනීම සම්බන්ධ පක්‍ෂ හා විපක්‍ෂව අදහස්‌ පළකිරීම නිසා එම රැස්‌වීම දැඩි උණුසුම්කාරී ස්‌වභාවයක්‌ ගත් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
 

No comments:

Post a Comment