Monday, June 1, 2015

සම්මත වුනත් ලෙඩක්.. ව්‍යවස්ථාදායක සභාවට මන්ත‍්‍රීවරුන් මිස ඇමතිවරුන් බෑ.. සිවිල් පුද්ගලයන් සම්මත කරන්න හෙට පාර්ලිමේන්තුවේ හදිසි සැසියක්..

සම්මත වුනත් ලෙඩක්.. ව්‍යවස්ථාදායක සභාවට මන්ත‍්‍රීවරුන් මිස ඇමතිවරුන් බෑ.. සිවිල් පුද්ගලයන් සම්මත කරන්න හෙට පාර්ලිමේන්තුවේ හදිසි සැසියක්.. 19 වන සංශෝධනය අනුව ස්ථාපිත වන ව්‍යවස්ථා දායක සභාවට සිවිල් සමාජය නියෝජනය කරන පුද්ගලයින් තිදෙනාගේ නම් ස්ථිර කර ගැනීම සඳහා හෙට දිනයේ පාර්ලිමේන්තුව හදිසියේ යළි කැඳවා තිබේ. මේ සම්බන්ධයෙන් ඊයේ පැවති පක්‍ෂ නායක හමුවේදී උණුසුම් තත්වයක් මතුව ඇත.
නිමල් සිරිපාලද සිල්වා ලක්‍ෂමන් කිරිඇල්ල විමල් වීරවංශ වාසුදේව නානායක්කාර දිනේෂ් ගුණවර්ධන අජිත් පී පෙරේරා ඇතුලූ පිරිසක් ඊට සහභාගී වී සිටි අතර කලක් තිස්සේ ඉදිරිපත් වී ඇති විශ්වාස භංග හෝ ඉදිරිාපත් වීමට නියමිතව ඇති විශ්වාස භංග සම්බන්ධයෙන් නැති හදිසියක් මේ සඳහා ඇතිව තිබීම ගැන විපක්‍ෂයේ පක්‍ෂ නායකයන් දැඩි විරෝධය එල්ල කර ඇත. අජිත් පී පෙරේරා මහතා පවසා ඇත්තේ හෙට දිනයේ විශේෂ නැකතක් ඇති බැවින් මෙම නම් තුන හෙට දිනයේම සම්මත කරගත යුතු බවයි.
සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් ලෙස යෝජනා වී ඇති රාධිකා කුමාරස්වාමි ඒටී ආරියරත්න යන අයට බෙදුම්වාදීන් පක්‍ෂපාතී චෝදනා සහිත අතීතයක් ඇති බවත් ඔවුන් ස්වාධීන වන්නේ නැති බවත් විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා පෙන්වා දී ඇත. එසේම ඔවුන් නම් කරද්දී පාර්ලිමේන්තුවේ සුළු පක්‍ෂවල අදහස් විමසන බව පනතේ සම්මත වුවද එසේ සිදු නොවූ බවත් ඔහු පවසද්දී ආණ්ඩුව වෙනවෙන් ලක්‍ෂන් කිරිඇල්ල ඇමතිවරයා අදහස් දක්වා ඇත්තේ පෙර කී පුද්ගලයන් දෙදෙනා ස්වාධීන වන්නේ දේශපාලන ක‍්‍රියාකාරකමක නැති නිසා සහ සුළු පක්‍ෂ පාර්ලිමේන්තුවේ සෘජුව නියෝජනය නොවන නිසා අදාල සන්ධානයට හෝ පෙරමුණට දන්වා ඇති බවත් කියමිනි. ඊට විරෝධය පල කර ඇති වීරවංශ මහතා තමන් කුමන සන්ධානය නියෝජනය කලද පාර්ලිමේන්තුවේ තම පක්‍ෂය වෙනුවෙන් අසුන් පැනවෙන බවත් පක්‍ෂයක් ලෙස සලකා පාර්ලිමේන්තුවේ සියළු කටයුතු සිදු කරන බවත් රාධිකා කුමාරස්වාමි ඒටී ආරියරත්න යන අය දේශපාලනය නොකරන්නේ එලිපිට බවත් සදහන් කර ඇත. පාර්ලිමේන්තුවේ සුළු පක්‍ෂ හඳුනා ගන්නේ කෙසේදැයි අර්ථකතනය කිරීම අධිකරණයේ වැඩක් මිස මේ අවස්ථාවේදී කල නොහැක්කක් යයිද ඔහු සඳහන් කර ඇත.
ව්‍යවස්ථා දායක සභාවට ඇමතිවරුන් නම් කිරීමට පනත් කෙටුම්පතේ සම්මත නොවූබවත් ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් ඇමතිවරුන් නම් කිරීම ඊට පටහැනි බවත් ඇමතිවරුන් ඊට නම් කලහොත් ඔවුන් ඇමති බලය සහිතව එහි නියෝජනය වීම ස්වාදීනත්වයට බාධාවක් බවත් විපක්‍ෂ මන්ත‍්‍රීවරුන් පෙන්වා දී තිබේ.

No comments:

Post a Comment