බටලන්දේ රනිල්
නමුත් අසූවේ සහ අනූවේ දශකයේ මෙරට දේශපාලනය ගැන අවබෝධයක් ඇති එතරම් තරුණ නැති උදවිය රනිල් වික්‍රමසිංහ හඳුනාගන්නේ ප්‍රභූ පරවේනිය නිසා ඉහලට ආ නමුත් වැඩ බැරි මෙරට සමාජය ගැන අවබෝධයක් නැති ඉන් මුක්තව ජීවත්වන තනිකඩයෙකු වශයෙනි. ඒ රනිල්ගේ හොඳ පැත්තය
පසුගිය දින 150 දී නියම රනිල් එලියට ආවේය. ඒ බටලන්දේ රනිල්ය. බටලන්දේ රනිල් ඔහු ඇසුරු කල ගෝනවෙල සුනිල් වැනි ධාමරිකයින්ගෙන් වෙනස්ය. රනිල් වික්‍රමසිංහලා හිතන්නේ මෙරට සාමාන්‍ය මිනිස්සු තමන්ගේ අත පල්ලෙන් වැටුනු මිනිස්සු කියාය. රනිල් එහෙම හිතන්නේ පුරුද්දටය. එලෙස ගත්විට චන්ද්‍රිකාද එසේමය. සාමාන්‍ය මිනිස්සු පිළිබඳ මේ ආකල්පයත් සමාජයෙන් දුරස්ව සිටීමත් දරුණු එකාධිපතියෙකුගේ ලක්‍ෂණය. අද ඔහු අගමැති බලය හසුරුවන ආකාරයෙන් පෙන්නුම් කරන්නේ වෙන කිසිවක් නොවේ.
බටහිරුන්ට අවශ්‍ය එවැනි ඒකාධිපතීන්ය. අද රනිල් ඔසවා සිටින්නේ බටහිරුන් සහ යන එන මං නැතිව සිටින මෛත්‍රීපාල සිරිසේන විසිනි. වැඩ බැරි රනිල්ට උපදෙස් ලැබෙන්නේද බටහිරුන්ගෙනි. සමාජ ජාලා ඔස්සේ බොරු පැතිරවීමට ඔහුට කියා දෙන්නේ ඇමෙරිකාව විය හැකිය. ඇමෙරිකාවට මෙරට ජන මාධ්‍ය වේදීන් පුහුණු කිරීමට ඇත්තේ පුදුම ඇම්මකි. අපට වෙන විශේෂඥ පුහුණුවක් ඕනෑම නැද්ද?
ඊයේ පෙරේදා වෙබ් අඩවි පාලකයින් යැයි කියාගන්නා තරුණයින් පිරිසක් ගෙන්වා ඔවුන් ලිය යුතු දේ ගැන රනිල් ඔවුන්ට උපදෙස් දුන්නේය. රනිල් තමන්ට කිව යුතු බොරුවවත් හරියට ගොතා ගන්නට උත්සාහයක් දරන්නේ නැත. ඒ ඔහු මෙරට මිනිස්සු අඳ බාලයන් යැයි පුරුද්දෙන්ම සිතන බැවිනි. ඒකාධිපතිවරුන්ගේ හැටි එහෙමය.
No comments:
Post a Comment