Monday, June 22, 2015

ආණ්ඩුවට කිසි වැඩක් කරන්න විපක්‍ෂය ඉඩ දෙන්නෙ නෑ.. – මල්වතු මහනාහිමි

ආණ්ඩුවට කිසි වැඩක් කරන්න විපක්‍ෂය ඉඩ දෙන්නෙ නෑ.. – මල්වතු මහනාහිමි විපක්‍ෂය හැම වැඩකටම බාධා කරමින් ආණ්ඩුවට වැඩ කරන්න ඉඩ නොදීම කනගාටුවට කරුණක් යයි මල්වතු මහානායක පූජ්‍ය තිබිබටුවාවේ ශ‍්‍රී සුමංගල නාහිමියෝ පවසති.
උන් වහන්සේ පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ අද පවතින සංයුතියට අනුව බහුතර විපක්ෂයේ බලපෑම් හා විරෝධතා මත රජයට කිසිදු දෙයක් නිසියාකාරව සිදු කිරීමට නොහැකි බවත් නව ජනාධිපතිවරයාගේ පත්වීමෙන් පසුව ප‍්‍රධාන පක්ෂ දෙක අතර ඇතිවූ සංහිදියාව විනාශ වීමේ අවදානමක්ද ඉන් උද්ගතව පවතින බවත්ය.
‘බොහෝ ග‍්‍රාමීය ප‍්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනය වීමේ අඩුපාඩුවක් දක්නට ලැබෙනවා. පසුගිය සමයේ ග‍්‍රාමීය ප‍්‍රදේශ ආශ‍්‍රිත මාර්ග කිසිදු සංවර්ධනයක් වෙලා නැහැ. තව අඩුපාඩු රැුසක් තිබෙනවා’ යයිද උන් වහන්සේ කියා සිටියේ දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා මල්වතු විහාරයට පැමිණි අවස්ථාවේදීය.

No comments:

Post a Comment