FCID යට ප‍්‍රකාශක් ලබාදීම – ශිරන්තිගෙන් නිවේදනයක්..
June 1, 2015 at 6:43 pm | lanka C news
ශිරන්ති රාජපක්ෂ හිටපු ජනාධිපති ආර්යාවගෙන් සිරිලිය සවිය සංවිධානයේ
ගිණුම් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨායට ප්‍රකාශයක් ලබා ගැනීම
සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක රොහාන් වැලිවිට මහතා විසින්
මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.එම සම්පූර්ණ නිවේදනය මෙසේය.
ශිරන්ති රාජපක්ෂ මැතිණිය සිරිලිය සවිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨායට ප්‍රකාශයක් ලබාදීම
ශිරන්ති රාජපක්ෂ මැතිණිය ප්‍රධානත්වය දරණ සිරිලිය සවිය නැමැති රාජ්‍ය
නොවන සංවිධානය සම්බන්ධයෙන් කෙරෙන විමර්ෂනයට සහය වීම පිණිස එතුමිය විසින්
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට අද පෙරවරුවේ ප්‍රකාශයක් කරන ලදී. එහිදී
එතුමිය මුල්‍ය අපරාධ කොට්ඨාශයට දැනුම් දුන්නේ සිරිලිය සවිය යනු රාජ්‍ය නොවන
සංවිධාන පිලිබද ජාතික ලේකම් කාර්යාලයේ ලියා පදිංචි වූ පුණ්‍යාධාර
සංවිධානයක් බවයි. මෙකී සංවිධානය දේශීය හා විදේශීය මූල්‍ය හා ද්‍රව්‍යමය
පරිත්‍යාග මත කටයුතු කරයි. මෙහි කටයුතු සදහා රජයේ මුදල් හෝ දේපල කිසිවක්
භාවිතා වී නැති බවත්, එතුමිය මූල්‍ය අපරාධ කොට්ඨාශයට දැනුම් දී සිටියාය.
කාල්ටන් සුව උදාන වැඩසටහන සිරිලිය සවිය යටතේම පැවති අතර එහි පරමාර්ථය වූයේ
ළමුන් බලාගන්නා මව්වරුන්ට නේවාසික පහසුකම් ද සහිතව නව ළමා රෝහලක් ඉදි
කිරිමයි. ඒ සදහා අරමුදලක් ද ආරම්භ කොට තිබුණි. සිරිලිය සවිය බැංකු ගිණුම්
අත්හිටුවීමේ හේතුවෙන් එම සංවිධානයේ මූල්‍ය ආධාර ලබමින් සිටි රෝගීන්
තිදෙනෙකු මේ වන විට මියගොස් තිබෙන බව ආරංචි වූ බවද රාජපක්ෂ මැතිණිය මූල්‍ය
අපරාධ කොට්ඨාශයට දැනුම්දී තිබුණි.රාජපක්ෂ ආණ්ඩුවේ විරුද්ධවාදීන් මුල සිටම කළ චෝදනාවක් වූයේ සිරිලිය සවිය වෙනුවෙන් චෙක්පත් අත්සන් කිරිමට බලය ලත් රාජපක්ෂ මැතිණිය ඇතුළු පුද්ගලයින් තිදෙනා මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවට ව්‍යාජ ජාතික හැදුනුම්පත් අංක සපයා තිබුණු බවයි. එම සංවිධානයේ නිලධාරීන් විසින් මේ බැංකු ගිණුම ආරම්භ කරන අවස්ථාවේදී බැංකුවට ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක් සපයනු ලැබූ අතර සෙසු බලධාරීන් දෙදෙනා වන කේ.එච්.ඒ.එන්. ජීවනී කුමාරි මැතිණියත්, එස්.කේ.කේ. දිසානායක මැතිණියත් තම ජාතික හැදුනුම් පත් වල පිටපත් බැංකුවට සපයා තිබුණි. අදාල පුද්ගලයින් තිදෙනාගේ නම් සහ ලිපිනයන් නිවැරදිව සදහන් වුනත් බැංකුවේ පරිගණක පද්ධතියට ජාතික හැදුනුම්පත් අංක ඇතුලත් කිරිමේදී යම් කිසි අතපසු වීමක් සිදුවී ඇති බව පෙනේ. සිරිලිය සවිය සංවිධානය වෙනුවෙන් චෙක්පත් අත්සන් කලේ ව්‍යාජ පුද්ගලයින් නොව තවමත් එම සංවිධානයේ සේවය කරන සැබෑ පුද්ගලයින් තිදෙනෙක් බව සැමගේ දැනගැනීම පිණිස අප කියා සිටින්නෙමු.
රොහාන් වැලිවිට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්
No comments:
Post a Comment