Monday, June 1, 2015

ශ‍්‍රිලනිප ස්වර්ණමය යුගය මහින්ද යුගයයි… කෙක්කෙන් බැරිනම් කොක්කෙන් අපි මහින්ද අගමැති කරවනවා.

ශ‍්‍රිලනිප ස්වර්ණමය යුගය මහින්ද යුගයයි… කෙක්කෙන් බැරිනම් කොක්කෙන් අපි මහින්ද අගමැති කරවනවා.. මහින්ද රාජපක්ෂ මහතා රටේ අගමැති කිරීම මෙරට බහුතර ශ‍්‍රී.ල.නි.පක්ෂිකයන්ගේ අපෙක්ෂාව බවත් ඒ නිසා  ඊළග මම මැතිවණයේදී කොක්කෙන් හරි කෙක්කෙන් හරි මහින්ද අගමැති කරනවා යැයි  බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.
පළාත් පාලන ආයතන වල නිළ කාලය දීර්ඝ නොකිරීම ෙඓතිහාසික වරදක් බව පවසන ප‍්‍රසන්න රණතුංග මහ ඇමතිවරයා එමගින් හිතා මතාම පක්ෂයේ කොදු නාරටි බිද දැමූ බවද පෙන්වා දෙයි.
ගාල්ල දිස්ත‍්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් සමග පැවති සාකච්ඡුාවකදී ඇමතිවරයා මේ බව සදහන් කලේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මහ ඇමතිවරයා මෙසේද කීවේය.
‘ශ‍්‍රී.ල.නි.පක්ෂයේ ස්වර්ණමය යුගය මහින්ද රාපක්ෂ යුගයයි. පළාත් පලන මන්ත‍්‍රීවරුන්ට ගෞරවණීය ලෙස කටයුතු කරන්න ඉඩ හදලා දුන්නේ මහින්ද මහත්තයයි.  ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු ගමේ සංවර්ධන වැඩට  ප‍්‍රතිපාදන ගන්න ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන්ට පළාත් සභා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු පස්සේ යන්න  ඕන කාලයක් තිබුණා. ඒක නැති කලේ මහින්ද රාජපක්ෂ මහත්තයායයි. පළාත් පාලන ආයතන නිල කාලය දීර්ඝ නොකිරීම ෙඓතිහාසික වරදක්. අපේ පක්ෂයේ කොදු නාරටිය පලාත් පාලන ආයතන මන්ත‍්‍රීවරුන.් මේක එ.ජා.ප යේ උගුලක්. මේක  ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ බලය හීන කිරීමක්. ජනතාවගේ ඡුන්ද අයිතිය රකින්න කඩිනමින් පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුයි.
අද මහින්ද මහත්තයා එක්ක ඉන්නේ කළ ගුණ දන්න පිරිසක්. ජනාධිපතිතුමාගේ අතින් අල්ලගෙන ඔලූව අතගාල බිම දිගා වෙලා වැද වැටුණු සමහරු මහින්ද මහත්තයාට ගරහන හැටි  මුඵ රටම දන්නවා. අපි ඒ අ ගැන කණගැටු වෙනවා. ඒ අයට දිය යුතු දඩුවම ඊලග පාර්ලිිමේන්තු මැතිවරණයේදී රටේ ජනතාව දෙයි.
පාර්ලිමේන්තුවේ 100කට අධික මන්ත‍්‍රීවරුන් ඉන්නේ මහින්ද මහත්තයා එකකයි. පැරදුණු මහින්ද රාජපක්ෂ බලවත්. පහුගිය කාලේ  දිනපු මහින්ද රාජපක්ෂයට වඩා. පැරදුණු මහින්ද රාජපක්ෂ බලවත් කියලා දැනුනේ මැතිවරණයෙන් පස්සේ. දිනපු මහින්දට වඩා පැරදුණු මහින්දට මේ ආණ්ඩුව බයයි.
අපිට තියෙන්නේ එක අරමුණයි මහින්ද අගමැති කිරීම විතරයි ඒ අරමුණට එරෙහිව සියලූ බාධක ඉවත් කරමින් අපි ඒ ගමන යන යුතුයි. දෙපැත්තේ කකුල කියාගෙන මේ ගමන යන්න බැහැ. අපි එක පැත්තක් තෝරා ගත යුතුයි මේ මහ මැතිවරණයේදී කොක්කෙන් හරි කෙක්කෙන් හරි මහින්ද මහත්තයා අපි  අගමැති කරනවාමයි.
අපේ පක්ෂයේ ඇතමුන් ඇමතිකම් ගැනීමෙන් සිදුවුනේ සුලූතර රනිල්ගේ අගමැතිකම ආරක්ෂා වීමයි. 19ට 20 ට සහයෝගය දෙන්න ඇමතිකම්  ඕනේ නෑ. ඒ සහයෝගය විපක්ෂයේ ඉදගෙන දෙන්න තිබුණා. අපි තනතුරු අනතුරේ දාගෙනයි මහින්ද අගමැති කරන සටනට පිවිසුනේ. නමුත් අපේ අය ඇමතිකම් ගත්තේ වරප‍්‍රසාද හා වරදාන හේතුවෙන්. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරේ කරන මේ ඇමතිකම් ගත්ත අය අපේ අය අතරේ ඉන්නවනම් වැරුද්ද නිවැරදි කරගන්න නම් ආපසු අපි එක්ක එකතු වෙන්න.  එහෙම නොයෙන අය ගැන ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ඉදිරි මැතිවරණයේදී තිරණය කරාවි. හෙට ආවත් අපි ඒ අයට ආදරයෙන් පිලිගන්නවා. ඒ අය එන්න  ඕන. මහින්ද රාජපක්ෂ අගමැති කරන සටනට. එහෙම නැතුව ඇවිල්ලා වැඩක් නෑ.
අපිට  ඕන මහින්ද රාජපක්ෂ යුගයක්. අපි දන්නවා අපිට හිරේ යන්නත් වෙයි. මම නුගේගොඩ ගිය දවසේ ඉදන්  මගේ අමාත්‍යංශය ගැන පරීක්ෂණ. හැමදාම ඇවිල්ලා නිළධාරීන්ගෙන් ප‍්‍රශ්න කරනවා. මේ ගොල්ලන්ට මොනවත් හොයා ගන්න බැහැ. අපිට නඩු පිට නඩු දැම්මත් මහින්ද අගමැති කිරීමේ සටන නතර කරන්නේ නැහැ.
රට අනතුරේ. 2003  රනිල් ප‍්‍රභා ගිවිසුම් අලූත් මුහුණවකරකින් ක‍්‍රියාත්මක වෙන්න පටන් අරන්. පහුගිය කාලේ  කොටින්ට කරන්න බැරි වෙච්ච දේවල් අද ඒ අය ලබා ගෙන ඉන්නවා. මහින්ද රාපක්ෂ මැතිතුමා නැවත රටට අවශ්‍ය කාලයක් මේක.
අද ශ‍්‍රී.ල.නි.ප.ය ගැන කතා කරන්නේ මැතිවරණයෙන් මැතිවරණයට පක්ෂ මාරු කරලා පහුගිය මැතිවරණයේදී මෛත‍්‍රීපාල මහත්තයාව දිනවන්න කටයුතු කරපු අය. මම දැක්කා ඊයේ පෙරේදා කියලා තියනවා ඇමතිවරයෙක් මහින්ද මහත්තයා එක්ක ශ‍්‍රී.ල.නි.ප.ය දෙකඩ කරන්න යන්නේ ඇතුලේ ඉන්න ත‍්‍රස්තවාදියෝ කියලා.ඔය කියන අය 2010 දී කා ගාවද හිටියේ. පක්ෂ සාමාජිකත්වය ගත්තේ කවද්ද ත‍්‍රස්තවාදියෝ අපි නෙමේ. අපි නියම ශ‍්‍රී.ල.නි.පාක්ෂිකයෝ. ශ‍්‍රී.ල.නි.ප.යට ආදරේ අය ඒකයි අපි මහින්ද මහත්තයාව ගේන්න හදන්නේ.
– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment