මෛත‍්‍රී ශ‍්‍රීලනිප නායකත්වයෙන් ඉවත් කල යුතුයි.. මහින්ද නායකයා කල යුතුයි… – ජයඝෝෂා, ඔල්වරසන් මැද යෝජනාව ඒකමතිව සම්මතයි..
June 1, 2015 at 2:10 pm | lanka C news
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ධූරයෙන් මෛතී‍්‍රපාල සිරිසේන මහතා වහා
ඉවත් විය යුතු යැයි ගම්පහ දිස්ත‍්‍රික්කයේ ශී‍්‍ර.ල.නි.පක්ෂ මහජන නියෝජිත
සමුඵවේදී ඒක මතිකව සම්මත වෙයි. අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ සභා
මන්ත‍්‍රිවරයෙකු වන සිසිර කුමාර බුලත්සිංහල මෙම යෝජනාව ඉදිරිපත් කල අතර
මිනුවන්ගොඩ නාගරික මන්ත‍්‍රී අතුළ සේනානායක මහතා එය ස්ථීර කලේය.බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතාගේ නිවසේ දී ඊයේ (31) මෙම රැස්වීම පැවැත්විණ. ගම්පහ දිස්ත‍්‍රික්යේ පළාත් පාලන නියෝජිතයන් 234න් 178 දෙනෙකු ඊට සහභාගී වූ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ආසන සංවිධායකවරුන් පළාත් සභා මන්තී‍්‍රවරන් රැසක් ඊට සහභාගී වී සිටියහ.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ්දී මහින්ද රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කරවීම වෙනුවෙන් ගම් මට්ටමින් වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීම පිලිබද සාකච්ඡ කිරිම සදහා මෙම රැස්වීම කැදවීමේ අරමුණ වී තිබිණි. බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා එම වැඩ පිලිවෙල ඉදිරිපත් කලේය.
අත්තනගල්ල ප‍්‍රාදෙශීය සභා මන්ත‍්‍රී බුලත්සිංහල මහතා යෝජනාව ඉදිරිපත් කරමින් සදහන් කලේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශී‍්‍ර.ල.නි.පක්ෂයේ සභාපති වරයා වුවද ඔහුට පක්ෂයේ ජග‍්‍රහණය සදඟා මෙහෙයවීමේ වුවමනාවක් නැති බවයි.
ඒ නිසා සිරිසේන මහතා ඉවත් වී නැවත මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ සභාපතිත්වට ගෙන ආ යුතු බව ඔහු කියා සිටියේය. මිනුවන්ගොඩ නාගරික මන්ත‍්‍රී අතුල සේනානායක මහතා එම යෝජනාව ස්ථීර කිරීමත් සමග රැස්ව සිටි සියලූ දෙනා යෝජනාවට අත ඔසවා එකගත්වය පළ කලහ.
මහින්ද රාජපක්ෂ මහතාට ගම්පහ දිස්ත‍්‍රික්යෙන් තරග වැදීමට අවස්ථාව දිය යුතු බවත් ඉදිරි මහ මැතිවරණයේදී රාජපක්ෂ මහතා ගම්පහින් තරග නොවදින්නේ නම් ගම්පහ දිසත‍්‍රීක් නායකත්වය බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතාට ලබා දිය යුතු බවත් මෙහිදී යෝජනා සම්මත විය. ඒ සමඟම සභාවේ ජයඝෝෂා, ඔල්වරසන් හඬ මහ ඉහලින් නැගින.
දිස්ත‍්‍රික් නායකත්වය පිලිබද අදහස් දැක්වූ ප‍්‍රසන්න රණතුංග මහ ඇමතිවරයා මෙහිදී සදහන් කලේ නායකත්වය ලබා ගැනීම නොව මහින්ද රාජපක්ෂ මහතා දිනවීමේ වැඩ පිලිවෙල ජයග‍්‍රහණය කරා මෙහෙයවීම බවයි. තමන්ගේ අවසාන අරමූණ මහින්ද රාපක්ෂ මහතා දිනවීම පමණක් බවද රණතුංග මහතා මෙහිදී සදහන් කලේය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත‍්‍රීික්යෙන් තරග කරන ලෙස තමන් මුලින්ම යෝජනා කල බව පෙන්වා දුන් රණතුංග මහතා නැවතත් එය හිටපු ජනාධිපතිතුමා වෙත ඉදරිපත් කිරීමට එකග විය.
මෙහිදී රැස්ව සිටි පිරිස ඇමතූ රණතුංග මහතා මෙසේද කීවේය.
‘මහින්ද මහත්තයා හින්දා පක්ෂය දෙකඩ වෙනවයි කියලා හිටපු ජනාධිපතිනියත් ශී‍්‍ර.ල.නි.පක්ෂයෙන් එ.ජා.පයට මුක්කු ගහපු ඇමතිවරු කිහිප දෙනෙකු කියලා තිබුණා. මේ චෝදනාව පදනම් විරහිතයි. ද්වේශ සහගතයි .මේ වගේ චෝදනා කරන්නේ මහින්ද මහත්තයාට තියන බයට. චන්ද්‍රිකා මැතිණියත් ශී‍්‍ර.ල.නි.පක්ෂය දාලා ගිය කෙනෙක්. ශී‍්‍ර.ල.නි.පක්ෂ දාලා ගිහින් ආපහු ඇවිත් සමහර අය කතා කරන්නේ අපේ පක්ෂයේ උරුමක්කාරයෝ වගේ. මේ පක්ෂය ජනතාවගේ පක්ෂයක්. ජනතාවගේ පක්ෂයක තීන්දු තීරණ ගන්න ඕන ජනතා මතයට ගරු කරමින් පාක්ෂිකයෝ නැති පක්ෂයකින් ඇති වැඩක් නෑ. මහින්ද මහත්තයා කවදාවත් පක්ෂය දාලා ගියේ නැහැ. නියම ශ‍්‍රී ලංකා කාරයෝ ඉන්නේ මහින්ද මහත්තයා එක්ක. එ.ජා.පයට පක්ෂය උගස් කරන්නයි අපේ සමහර අය උත්සහ කරන්නේ. ඒකට නියම ශ‍්‍රී ලංකා කාරයෝ ඉඩ දෙන්නේ නෑ.
හෙට අනිද්දා වෙනකොට පාර්ලිමේන්තුවේ ඉන්න ශී‍්‍ර.ල.නි.පක්ෂ මන්ත‍්‍රීවරුන් 100ක් විතර අපිත් එක්ක එකතු වෙනවා. අද ශී‍්‍ර.ල.නි.පක්ෂ ඉන්න සමහර අයට ඕනේ බන්දේසියක දාලා අපේ පක්ෂය රනිල්ට දෙන්න. පාර්ලිමේන්තුවේ කොන්දක් තියෙන ශී‍්‍ර.ල.නි.පක්ෂ මන්ත‍්‍රිවරයෙක් ඉන්නවානම් මේ කුමන්ත‍්‍රණයට ඉඩ තබන්නේ නෑ. හෙට අනිද්දා වෙන විට සමහර විට පාර්ලිමේන්තුව විසුරුවයි.ඊට පස්සේ අපි අපේ ආණ්ඩුවක් පිහිටුවා ගන්න් ඕන. රනිල් අගමැති වුනු ජාතික ආණ්ඩු අපිට ඕනේ අපේ ශී‍්‍ර.ල.නි.පක්ෂ ප‍්‍රමුඛ සන්ධාන ආණ්ඩුවක්. ඒ සන්ධාන ආණ්ඩුවේ අගමැති වන කිසිවෙකු නෙවෙයි මහින්ද රාජපක්ෂ මහතා. ඒක අද රටේ බහුතර අපේක්ෂාව. ඒ අපේක්ෂාව වෙනුවෙනුයි අප කටයුතු කරන්නේ. බිම් මට්ටමින් සංවිධානය වීමට කාලය දැන් එළඹ තියෙනවා’
– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:
Post a Comment