Wednesday, July 1, 2015

මහින්ද දැන් ඉන්න ඕන හිරේ-චන්ද්‍රිකා

මහින්ද දැන් ඉන්න ඕන හිරේ-චන්ද්‍රිකා




වැරදි කළවුන්ට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම් තැන තැන අගමැතිකම ඉල්ලා යාමට නොව මේවන විට මහින්ද රාජපක්ෂ හිරේ ලැගිය යුතුව ඇති බවත් ඉකුත් ජනවාරි මස 09 වන දින ලැබූ නිදහස ආරක්ෂා කරගැනීම සඳහා ජනතා සටනට කැපවන බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මිය අද(01)ට යෙදුණු ඇයගේ 70 වෙනි උපන්දිනය නිමිත්තෙන් මීගමුව නගර සභාවේ පැවති දෘෂ්‍යාබාධිත පිරිසකට වියළි ආහාර පාර්සල් බෙදාදීමේ උත්සවයකට එක්වෙමින් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය තමාගේ පාලන කාලය තුළදී කළ යුතු සේවය රටට  සිදු කළා විනා බැනර් කටවුට් දාගෙන ඒවායේ නම් ගසන්නට කටයුතු නොකළ බවත්, එකදු රාජ්‍ය ආයතනයක හෝ තමාගේ නම ගැසීමට කටයුතු නොකළ බවත්  තමා ඉදිරිපත්වූ කිසිදු මැතිවරණයකින් පරාජය ‍නොවුණු තත්ත්වයක් තුළ ඉතාම නම්බුකාර ලෙස නියමිත කාලයෙන් පසු ඉවත්ව ගිය බවත්,පාර්ලිමේන්තුවේ වැඩි බලයක් තබාගෙන ව්‍යවස්ථාව වෙනස් කරමින් 3 වෙනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි තමාගෙන් කරනු ලැබූ ඉල්ලීම තමා එවක බැහැර කළ බව සඳහන් කළාය.

No comments:

Post a Comment