මං මහින්දට විරුද්දව වචනයක්වත් කියන්නේ නෑ.. ඔහු නියම නෑයෙක්.. – දි.මු.
July 4, 2015 at 1:20 pm | lanka C news
තමන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට එරෙහිය එක වචනයක්වත් කියන්නේ නැති බව
හිටපු අගමැති ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දි.මු. ජයරත්න මහතා මහනුවරදී
මාධ්‍ය අමතමින් කියා සිටියේය.‘මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා තමයි මේ රටේ ඈත ගම්වල සිට මුළු රටටම විශිෂ්ට සේවයක් කළ නියම නෑයා.ඒක අපි හැමෝම අවිවාදයෙන් පිළිගන්න දෙයක්.
වර්තමාන ජනාධිපතිතුමා මට උපදේශක පදවිය දීලා කිව්වේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කැඞී නොයන ලෙස එකතු කරන්න කියලයි.
ඒ අනුව ජනාධිපතිතුමා ඉදිරියේදීත් මැති ඇමැතිවරු ඉදිරියේදීත් මම ප‍්‍රකාශ කර සිටියා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව වැරදි විදිහට කවදාවත් මගේ කටෙන් වචනයක් පිට කරන්නේනෑ කියලා. මට අවශ්‍ය හිටපු සියලූ නායකයන් එකතු කර වසර 62 ක් පැරණි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු කොට ජයග‍්‍රහණය ලැබීම පමණයි කියලා ප‍්‍රකාශ කළා.
මේ රටේ ජාතීන් අතර මහින්ද රාජපක්ෂ මහතාට විශේෂ බලයක් හැගීමක් තිබෙනවා.ඒ නිසා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ කටයුතු කරගෙන යාමට එතුමාට අවශ්‍ය බලතල දීලා ඒකීය රටක් තුළ ඒකීය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයක් ඇති කරන්න අවස්ථාව දෙන්න කියලා මම සියලූ නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා’ යයිද ඔහු කියා සිටියේය.
7,923 Viewers
No comments:
Post a Comment