Wednesday, July 15, 2015

මෛත‍්‍රී පක්‍ෂය පාවා දුන්නා.. ඔහු නායකත්වයේ තබාගත යුතු නෑ..

මෛත‍්‍රී පක්‍ෂය පාවා දුන්නා.. ඔහු නායකත්වයේ තබාගත යුතු නෑ..
අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙන පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද දුෂිතයන් රැකිමට දාකය  වී ඇතැයි බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා චෝදනා කරයි.

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආවේ මහ බැංකුවේ බැදුම්කර වංචාවට එරෙහි නිසි පියවරක් නොගත් නිසාය. එවැනි තත්වයක් තුළ එම වංචාවට සම්බන්ධ අගමැතිවරයා රැක ගැනීමට කටයුතු කිරීම ජනාධිපතිවරයාගේ යහපාලන ප‍්‍රතිපත්තියට විරුද්ධ බවද රණතුංග මහතා පෙන්වා දෙයි.

මෛතී‍්‍රපාල සිරිසේන මහතා කළ ප‍්‍රකාශය පිළිබදව අදහස් දක්වමින් රණතුංග මහතා මේ බව සදහන් කළේය. ඔහු පෙන්වා දුන්නේ මෙම ප‍්‍රකාශය ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හා පාක්ෂිකයන් පාවා දීමක් බවයි. පක්‍ෂයේ සභාපතිවරයා ලෙස ඔහු කළ එම ප‍්‍රකාශය තමන් දැඩි ලෙස හෙලා දකින බවත්, තවදුරටත් සිරිසේන මහතා ශී‍්‍ර‍ ලංකා නිදහස් පක්‍ෂ සභාපතිධුරයට සුදුසු දැයි පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් හා පාක්ෂිකයන් තීරණය කළ යුතු බවත් රණතුංග මහතා අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන්  වැඩිදුරටත් අදහස් දක්වමින් රණතුංග මහතා මෙසේද කීවේය.

‘මෑත කාලීන ඉතිහාසයේ ලංකාවේ සිදු වූ බරපතලම හොරකම මහ බැංකු බැදුම්කර හොරකම. ඒකට සෘජුවම වගකිව යුතු මහ බැංකු අධිපතිවරයා ඉවත් කරන්න යැයි ඉල්ලූවත් එය ඉටු නොවුණ නිසා තමයි ආපේ් පක්‍ෂය රනිල් වික‍්‍රමසිංහ අගමැතිට විරුද්ධව විශ්වාසභංග යෝජනාව ගෙනාවේ.
නමුත් ජනාධිපතිවරයා කිව්වා මේ විශ්වාසභංගය පරාජයට පත් වෙන නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරියා යැයි  කියලා. යහපාලනය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපතිවරයා දුෂිතයන් රැකීමට මෙවැනි දේ කිරීම කනස්සල්ලට කරුණක්. අපි දැනගෙන හිටියා මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කරන්නේ මෙහෙමයි කියලා. ඒ නිසා අපිට ඒ ගැන පුදුමයක් නෑ. හැබැයි මේ පාවා දුන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය හා එහි පාක්ෂිකයන්.

පක්‍ෂය හා පාක්ෂිකයන් තෑගි ඔප්පුවකින් එක්සත් ජාතික පක්‍ෂයට ලියා දෙන්නයි අපේ සභාපතිතුමාට  ඕනවෙලා තියෙන්නේ. ඒ නිසා තව දුරටත් ඔහුව අපේ පක්‍ෂයේ සභාපතිධූරය දැරීමට දිය යුතු දැයි අපි තීරණය කළ යුතුයි. මේ පක්‍ෂය දෙකඩ වුණේ මෛතී‍්‍රපාල සිරිසේන මහතා  වෙනම පොදු අපේක්‍ෂකයා ලෙස තරග කිරීමට ගත් තීරණයත් සමග. ඔහුට ජනාධිපති වීමේ ලොකු හදිස්සියක් තිබුණා. ඒ වෙනුවෙන් ඔහු පක්‍ෂය පාවාදුන්නා. නමුත් අපේ් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තමන්ගේ පටු උවමනාවන් වෙන්වෙන් පක්‍ෂය පාවා දුන් අයෙක් නෙවේ. ඒ නිසායි අපි කියන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ ස්වර්ණමය යුගය මහින්ද රාජපක්‍ෂ යුගය කියලා’

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment