Wednesday, July 15, 2015

අලියාගෙන් ඡන්දය ඉල්ලූවත් පස්සේ ස්වාධීන වෙනවා..

අලියාගෙන් ඡන්දය ඉල්ලූවත් පස්සේ ස්වාධීන වෙනවා.. තමන් ඉදිරි මැතිවරණයට අලියා ලකුණින් එජාපය යටතේ තරග කළත් ඉදිරියේදී ස්වාධීනව කටයුතු කරන බව එජාප කොළඹ දිසත‍්‍රික් අපේක්‍ෂක පාඨලී චම්පික රණවක මහතා පවසයි.
‘අතීතයේදී අප ගත් දේශපාලනික තීරණ නිසා සත්‍ය හා කාර්යක්ෂම වෙනසක් සිදුකිරීමට අපට හැකිවුණා. රටේ ඒකීය බව සුරක්ෂිත කරමින් රටේ නැවත ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිහිටුවීමට අපට හැකිවුණා. පවුල්වාදය,ඒකාධිපතීත්වය හා දුෂණය පිටුදැකීමට හැකිවුණා’ යැයි ද කී ඔහු ලබන අගෝස්තු 18 වැනිදා සිට වංචාවට,දුෂණයට එරෙහිව කටයුතු කරන බව ද කියා සිටියේය.

No comments:

Post a Comment