Saturday, July 4, 2015

මහින්දට සන්දානෙන් දෙන්න ජනපති අත්සන් කර නෑ.. සුසිල් කලේ හොර වැඩක්..

මහින්දට සන්දානෙන් දෙන්න ජනපති අත්සන් කර නෑ.. සුසිල් කලේ හොර වැඩක්.. හිටපු ජනාදිපති මහින්ද රාජපක්ෂ මහතාට සන්ධනයෙන් එන මැතිවණවරණයට තරඟ වැදීම සඳහා හිටපු ජනපතිට සන්ධානයෙන් නාමයෝජනා ලබා දෙන බවට නිකුත් කරන ලද ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් තබා නැතැයි ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.
ඔහු සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර අත්තේ මාධ්‍ය වෙත නිකුත් කර ඇති ලිපියේ මුල්පිටපත ජනපතිට එවා ඇතිමුත් ඔහු එය අත්සන් කිරීම ජනපති ප්‍රතික්ෂේප කල නිසා සුසිල් පේ‍්‍රමජයන්ත මහතා තම අත්සන ගසා එය ප‍්‍රසිද්ද කර ඇති බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී සන්ධානයේ පක්‍ෂ නායකයෙකු සඳහන් කලේ සන්ධානයේ සියළු ලිපි ගණුදෙනු කටයුතු පැවරෙන්නේ මහ ලේකම්වරයාට මිස සභාපතිවරයාට නොවන බවයි. සන්ධානයේ නාම යෝජනා සඳහාද බලපවත්නේ මහ ලේකම්වරයාගේ අත්සන මිස සභාපතිවරයාගේ අත්සන නොවන බවද ඔහු කියා සිටියේය.

No comments:

Post a Comment