Wednesday, July 15, 2015

රනිල් මෛත්‍රීපාලට කුණුහරුපයෙන් බැන පහර දීලා.

රනිල් මෛත්‍රීපාලට කුණුහරුපයෙන් බැන පහර දීලා.
-lankanewsweb

           ඊයේ රාත්‍රී ජනාධිපති මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන්ට සුපුරුදු ඉංග්‍රීසි භාෂාවෙන් අමු කුණුහරුපයෙන් බැන වදිමින් මෛත්‍රීපාලගේ කාමරය තුල යකා නටා ඇති බව එවේලෙහි එම ස්ථානයේ උන් පුද්ගලයෙක් ‘ලංකා නිවුස් වෙබ්' වෙත පැවසීය.
තමන්ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනව පුද්ගලිකව හමුවීමට අවශ්‍ය බව පවසමින් රාත්‍රී 11.20 ට පමණ ජනාධිපති මන්දිරයට පැමිණි රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සමග සාකච්ඡා කර ඇත. එම සාකච්ඡාවේ අරමුණ වූයේ ඊට හෝරා කිහිපයකට පෙරදී ජනපති ජාතිය අමතද්දී සිදුකරන ලද ප්‍රකාශ කිහිපයකුයි. එහිදී කාමරයේ සිටි සියල්ලන්ටම ඉවත් වෙන ලෙස නියෝග කර ඔවුන් දෙදෙනා පැය බාගයකට අධික කාලයක් සාකච්ඡා කර තිබේ.

             බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්‍රන්ට චෝදනා කිරීමත්, දුෂ්ඨයා පාවාදෙන්නා ආදී වශයෙන් එජාපයේ අය සිදුකළ චෝදනා ගැන ජාතියටම පැවසීමත්, තමන්ව බේරා ගැනීමට ආණ්ඩුව විසුරවපු බව පැවසීමෙන් තමන් දූෂිතයෙක් බව පැවසීමත ආදී කරුණු ගැන සංවාදයේ අග භාගයේදී රනිල් මෛත්‍රීපාලගෙන් විමසා තිබේ. ඊට හැරෙන තැපෑලෙන් පිළිතුරු දුන් ජනාධිපතිවරයා "මම කිව්වේ ඇත්ත, තමුන්නාන්සේ කරපු වැරදි වලට මට බෙල්ල දෙන්න බෑ" යනුවෙනි. එවිට රනිල් පවසා ඇත්තේ "තමුන්නාන්සේට ඔය පුටුව ලැබුනේ මම හින්දයි" යනුවෙනි. කෝප වූ රනිල් වික්‍රමසිංහ ඉංග්‍රීසි භාෂාවේ දරුණු කුණුහරුප යොදා ගනිමින් මෛත්‍රීපාලට බැන වැදි ඇති අතර එකෙනෙහිම ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන් දොර හැර ඇතුළු වී ඇත. එවෙලෙහි රනිල් වික්‍රමසිංහ විසින් මෛත්‍රීපාල සිරිසේනගේ කනට පහරක් ගසා ඇති අතර එයින් වේදනාවටත් ලැජ්ජාවටත් පත් වූ මෛත්‍රීපාල අසල ඇති පුටුවක වාඩි වී මේසය මත හිස තබාගෙන තිබේ.

            රනිල් වික්‍රමසිංහව වහාම කාමරයෙන් ඉවතට ගත් ජනාධිපති ආරක්ෂක අංශ නිලධාරීන් ඔහුව පොලිසිය ගෙන්වා අත් අඩංගුවට ගැනීමට කතා කරත්ම රනිල් පවසා ඇත්තේ තමන්ව හැකිනම් අත් අඩංගුවට ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාලට අභියෝග කරන බවයි. ලැජ්ජාවටත් වේදනාවටත් පත්ව සිටි මෛත්‍රීපාල වහාම කාමරයෙන් එලියට පැමිණ රනිල් වික්‍රමසිංහ වටේ සිටි ආරක්ෂක අංශ නිලධාරීන්ට ඉවත් වෙන ලෙස දන්වා තිබේ. එසේම එම සිද්ධිය එතන සිටින අයගෙන් පිට යාමට ඉඩ නොතබන ලෙස තම පී එස් ඩී ප්‍රධානියාට දන්වා තිබේ. ජනාධිපති මෛත්‍රීපාලගේ මුහුණේ දකුණු පසින් රතු පාටට අත්ලක ලකුණක් පිහිටා තිබුණ අතර, මෛත්‍රීපාලගේ දකුණු කන් පෙත්තේ යටින් ලේ බිඳු කිහිපයක් වැටෙමින් තිබුණි.

             ජනාධිපති මන්දිරයෙන් එලියට එමින් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, "අපි මහින්දව එලෝල කරගත්තෙ එක අතකින් මෝඩ කමක්. මේ වගේ නිවටයෙකුට පුලුවන්ද රටක් පාලනය කරන්න. ඊළඟ ඡන්දෙන් අපි දිනුවට පස්සේ දෝශාභියෝගයක් ගෙනවිත් මේකව එලෝලා මම ජනාධිපති වෙනවා" යනුවෙනි.

No comments:

Post a Comment