දිනුවොත් මහින්ද අගමැති කරන්න සන්ධානය තීරණය කරයි..
July 16, 2015 at 10:00 am | lanka C news
එක්‌සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළොත් එහි බහුතර මන්ත්‍රී කැමැත්තෙන් අගමැති ලෙස තෝරාගනු ලබන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ජ්‍යෙෂ්ඨයෝ පැවැසූහ. ඉදිරි මැතිවරණයෙන් ජයග්‍රහණය කළොත් මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැතිකම නොදෙන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව අදහස් දක්‌වමින් ඔවුහු මේ බව පැවැසූහ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15දා) රැස්‌වූ සන්ධාන මැතිවරණ මෙහෙයුම් කමිටු රැස්‌වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්‌ථානයේදී ඊයේ (15දා) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයෝ ඒ බව සඳහන් කළහ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත, ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න උප සභාපතිවරුන් වන කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම මහත්වරු මෙම මාධ්‍ය හමුවට එක්‌වූහ.
ශ්‍රී.ල.නි.ප යේ ජ්‍යෙෂ්ඨයන් අතර අගමැති ධුරයට සුදුසුම කෙනා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බවත්, සන්ධානයෙන් අගමැති ධුරය ලබාදිය යුතු බවට වැඩි කැමැත්ත ඇත්තේත් මහින්ද රාජපක්‍ෂ මහතාට බවත් ඔවුහු සඳහන් කළහ.
ඉදිරි මැතිවරණයෙන් සන්ධානය ජයග්‍රහණය කළත් අගමැතිධුරය මහින්ද රාජපක්‍ෂ මහතාට නොදෙන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු ප්‍රශ්නයක් නැගූ අවස්‌ථාවේදී ඊට පිළිතුරු දුන් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩබ්ලිව්. ඩී. ඡේ. සෙනෙවිරත්න මහතා මෙසේ කීවේය.
සන්ධානයේ අගමැති අපේක්‍ෂකයකු නම් නොකරන බවත්, ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට පත්වන සන්ධාන මන්ත්‍රීවරුන්ගේ බහුතරයකගේ කැමැත්තෙන් අගමැති පත්කරන බවත් ජනාධිපතිවරයා මෙයට සති දෙකකට පෙර මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශ කරතිබුණා.
ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සඳහන් වන්නේ පාර්ලිමේන්තු බහුතර මන්ත්‍රීවරුන්ගේ වැඩිකැමැත්ත දිනාගන්නා තැනැත්තා අගමැති ධුරයට පත්කරගත යුතු බවත් සමස්‌ත බහුතරය දිනාගන්නා තැනැත්තාට නොදෙන බවට කිසිවකුට ප්‍රකාශ කළ නොහැකි බවත් පැවැසූ ශ්‍රී.ල.නි.ප. උප සභාපති කුමාර වෙල්ගම මහතා ජනාධිපතිවරයා පෙරේදා කළ ප්‍රකාශය තුළින් අපි අතර මත භේදයක් තිබුණු පාර්ශව හිටියානම් පසුදින උදේ වනවිට සියලුදෙනා අමනාපකම් අත්හැර එකට අත්වැල් බැඳගත් බැවින් එම ප්‍රකාශය අපට දේවාශිර්වාදයක් ලෙස හුවා දකින බවත් කීවේය.
– දිවයින
No comments:
Post a Comment