Sunday, July 5, 2015

මහින්ද සුලඟින් හෙළ උරුමය නමත් ලකුණත් වෙනස් කරගෙන උඩු යටිකුරු වේ.. අලියාගෙන් තරඟ කරන්න සාකච්චා..

මහින්ද සුලඟින් හෙළ උරුමය නමත් ලකුණත් වෙනස් කරගෙන උඩු යටිකුරු වේ.. අලියාගෙන් තරඟ කරන්න සාකච්චා.. ජාතික හෙළ උරුමය තම පක්‍ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව එන මැතිවරණයට පෙරමුණක් ලෙස තරඟ වදින බව අද අද කොළඹදී මාධ්‍ය අමතමින් එම පක්‍ෂ මහ ලේකම් චම්පික රණවක මහතා කියා සිටියේය.
මේ අතර ජාතික හෙළ උරුමයේ නම ‘එක්සත් යහපාලන ජාතික පෙරමුණ’ ලෙස සංශෝධනය කර ඇති අතර මෙතෙක් එහි සළකුණ වූ හක්ගෙඩිය වෙනුවට ‘දියමන්තිය’ නව සලකුණු ලෙස තෝරාගෙන තිබේ.
හිටපු ජනාධිපතිවරයාට සන්ධානයෙන් නාම යෝජනා හිමිවීමත් සමඟ ජාතික හෙළ උරුමය බලවත් අසීරුතාවකට පත්ව ඇතැයි එහි අභ්‍යන්තර වාර්තා සඳහන් කරයි.
මේ වන විට එහි සාකච්චා වෙමින් ඇත්තේ තනිව තරඟ වැදීම, හංස සන්ධානයෙන් ඉල්ලීම හෝ එජාපය සමඟ සන්ධාන ගත වීමයි.
එහෙත් එජාපයෙන් මේ වන විටත් දන්වා ඇති පරිදි සන්ධානගතවීමට බාධාවත් නැතද ඡන්ද ලකුණ අලියා ලෙස භාවිතා කිරීම අනිවාර්ය කොන්දේසිය වී තිබේ.
මතුව ඇති දේශපාලන අර්බුදය හමුවේ එම පියවර ගැනද එම පක්‍ෂ අභ්‍යන්තරයේ සාකච්චා වෙමින් ඇති බවද පැවසෙයි.

No comments:

Post a Comment