Sunday, July 5, 2015

රට බෙදුම්වාදයට තල්ලූ නොකර ශ‍්‍රීලනිපය රැකගැනීමට මෛත‍්‍රී ගත් තීරණය ප‍්‍රසංසනීයයි.. – MR

රට බෙදුම්වාදයට තල්ලූ නොකර ශ‍්‍රීලනිපය රැකගැනීමට මෛත‍්‍රී ගත් තීරණය ප‍්‍රසංසනීයයි.. – MR ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය දෙකඩ වුනොත් රට බෙදන දේශපාලනය උඩට එනු ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේය.
ඒ මහතා මෙසේ කියා සිටියේ බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතාගේ නිවසේදී පැවති සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ හමුවකදීය.
හිටපු ජනාධිපතිවරයාට සන්ධානයෙන් නාම යෝජනා ලබාදීමට පෙර දින යොදාගත් මේ හමුව සඳහා හිටපු මන්ත‍්‍රිවරුන් 87 දෙනකු සහභාගී වී සිටියහ.
තවදුරටත් හිටපු ජනාධිවරයා එහිදී කියා සිටියේ තමනට කිසිසේත්ම ශ‍්‍රිලනිපය දෙකඩ කර රට අනතුරේ දමන උවමනාවක් නොතිබූ බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ශ‍්‍රිලනිපය කැඞී බිඳී යාම වැළැක්වීමට ගත් තීරණය ඉතා ප‍්‍රසංශනීය බවත්ය.

No comments:

Post a Comment