Saturday, July 4, 2015

ජන. 08 විප්ලවය ආපසු හරවන්නේ නෑ.. පවුල් පාලනයට යලිත් ඉඩ දෙන්නේ නෑ..

ජන. 08 විප්ලවය ආපසු හරවන්නේ නෑ.. පවුල් පාලනයට යලිත් ඉඩ දෙන්නේ නෑ.. මෙරට තුල නැවතත් පවුල් පාලනයකට ඉඩක් නොදෙන බවත් පසුගිය ජනාධිපතිවරණයේදී ඇති කල නිහඬ විප්ලවය ආපසු හැරවීමට ඉඩ නොදෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ දක්‍ෂිණ අධිවේගයේ හම්බන්තොට දිගුවේ වැඩ ආරම්භ කිරීම සඳහා මාතර ගොඩගම දී පැවති උත්සවයක් අමතමිනි.
තව දුරටත් අදහස් පල කරමින් ඔහු කියා සිටියේ ශ‍්‍රිලනිපයේ තීන්දු තීරණ ගැනීමේදී ජනවාරි 8 වැනි දා වූ පරිවර්තනයට කිසිදු හානියක් වීමට ඉඩ නොතබන බවත් දූෂණයෙන් තක්කඩිකමින් හා පවුල් පාලනයෙන් තොර යහපනයක් ඇතිකරන බවත්ය.

No comments:

Post a Comment