මංගලගේ ගෙදර ඩිනර් එකක්… මෛත‍්‍රී ඇවිත් නෑ.. වේලාසන නින්දට ගිහින්…
July 4, 2015 at 4:40 pm | lanka C news
ඊයේ රාත‍්‍රියේ මංගල සමරවීර ඇමතිවරයාගේ නිවසේ පැවති භෝජන සංග‍්‍රහයකට
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට ආරාධනා කර තිබුණද ඔහු පැමිණ නැති බව
වාර්තා වෙයි.හිටපු ජනාධිපතිනියගේ 70 වන උපන් දිනය වෙනුවෙන් පැවැත්වී ඇති මෙම භෝජන සංග‍්‍රහයට රනිල් වික‍්‍රමසිංහ, මලික් සමරවික‍්‍රම ඇතුළු එජාප ප‍්‍රබලයන් මෙන්ම හිටපු ජනාධිපතිවරියද සහභාගී වී ඇත.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනටද ඒ සඳහා ආරාධනා කර තිබුනද ඔහු පැමිණි නොසිටි නිසා ජනාධිපතිවරයාගේ නිවසට දුරකථන ඇමතුමක් දී විමසීමේදී ජනාධිපතිවරයා වේලාසනින් නින්දට ගිය බව දන්වා ඇතැයි දැනගන්නට ඇත.
No comments:
Post a Comment