මෛත‍්‍රීපාල කරන්නේ එජාප කොන්ත‍්‍රාත්තුවක්.. කරන්නේ බාලංශ කතා.. දැන් ඔහුගේ යමපාලන යමයා එලියට පැනලා..
July 16, 2015 at 12:00 pm | lanka C news
ජනපති මෛත්‍රී කරන බවට කියාගෙන ආ යහපාලනය වෙනුවට දැන් කරන්නේ යම පාලනයක්
බවත් දැන් යමපාලනයේ යමයා එළියට පැන ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් සන්ධාන
අපේෂිකා ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.ගාල්ල යක්කලමුල්ලේ පැවති මැතිවණ ප‍්‍රචාරක රැළියක් අමතමින් ඇය මෙසේද කියා සිටියාය.
‘මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වරණයෙන් පරාජය වු නිසා ජනතාව වැඩි දෙනෙක් දුක් උනා. අද පක්‍ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන්නේ පහළ බාල අංශයේ දරුවකුගේ ප්‍රකාශ. ඔහු හදන්නේ පක්ෂය දෙකට තුනට කඩා දමන්නයි. මහින්ද මහත්තයා එන්නේ ජනතාවගේ ඉල්ලිමටයි. මෛත්‍රිපාල සිරිසේන දැන් කරන්නේ එජාපයේ කොන්ත්‍රාත්තුවයි’ යැයි ද ඇය එහිදී කියා සිටියාය.
20,595 Viewers
No comments:
Post a Comment