අද මෛත‍්‍රීගේ ප‍්‍රකාශය එදා කොටි මාධ්‍ය ප‍්‍රකාශකගේ වගේ.. මහින්ද දිනනවාමයි..
July 16, 2015 at 10:40 am | lanka C news
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ප‍්‍රකාශය කොටි ත්‍රස්තයින් පරාජය ලබමින් සිටින බව ඇස් පනාපිට පෙනෙද්දී තමන් ජයගන්නා බවට මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කල කොටි සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක රාසයියා ඉලන්තේරියන්ගේ ප්‍රකාශවලට සමාන යයි සන්ධානයේ ගාලූ දිස්ත‍්‍රික් අපේක්‍ෂක මනුෂ නානායක්කාර මහතා පවසයි.
රූපවාහිනී දේශපාලන සංවාදයකදී අදහස් පල කරමින් ඔහු කියා සිටියේ රාසයියා ඉලන්තේරියන්ලා එදත් අදත් කොතරම් ප්‍රකාශ නිකුත් කළද මහින්ද මහතා ජයගන්නා බවයි.
එම සංවාදයට සහභාගී වූ එජාප අපේක්ෂක උපුල් ශාන්ත සන්නස්ගල මහතා කියා සිටියේ එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගැනීම ඇඟට ගුණ බවත් වෙනත් ජනපතිවරයෙකු සිටියා නම් හෙට උදයේ වෙන දෙය බලන්නට තිබූ බවත්ය.
කෙසේ වෙතත් මනුෂ නානායක්කාර මහතා ප‍්‍රකාශය ඉල්ලා අස් කර ගත්තේ නැත.
17,266 Viewers
No comments:
Post a Comment