Thursday, May 28, 2015

මෛත‍්‍රීගේ ඔළුවේ තියෙන්නේ ජාතික ආණ්ඩුවයි, රනිල්ට අගමැතිකමයි.. රනිල් පන්නන විශ්වාස බංගය මහ පෙලපාලියෙන්

මෛත‍්‍රීගේ ඔළුවේ තියෙන්නේ ජාතික ආණ්ඩුවයි, රනිල්ට අගමැතිකමයි.. රනිල් පන්නන විශ්වාස බංගය මහ පෙලපාලියෙන් ජනාධිපති මෛත්‍රිපාලගේ ඔළුවේ ඇත්තේ ජාතික ආණ්ඩුව හා රනිල්ට අගමැතිකම දීම පමණක් යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
බණ්ඩාරගම පැවති ජනහමුවකදී ඔහු කියා සිටියේ රනිල්ට එරෙහි විශ්වාස භංගය අත්සන් කර අවසන් බවත් එය ලබන 7-8 දෙදින තුල කළුතර සිට කොළඹට පෙළපාළියකින් ගොස් බාර දෙන බවත්ය.
‘මෛත්‍රිපාල මහතාගේ ඔළුවේ තියෙන්නේ ජාතික ආණ්ඩුවයි රනිල්ගේ අගමැතිකම පමණයි. එයා කථා කරන්නේ වෙනම දෙයක්. ඔය හැම සාකච්ඡාවකටම මුලින්ම ආව මිනිහෙක් මම. දහයක් හමුවුණොත් දහ විදියක්.
මට තේරෙන විදිහට මෛත‍්‍රීපාල  ජාත්‍යන්තරයට යටවෙලා. ‘රෝ’ සහ ‘සීඅයිඒ’ සංවිධාන එයාට බල කරනවා ඊළඟ මැතිවරණයෙන් රනිල් අගමැති කරන්න කියලා. ’ යයිද මන්ත‍්‍රීවරයා එහිදී වැඩිදුරටත් කියි සිටියේය.

No comments:

Post a Comment