Wednesday, May 27, 2015

‘සතොස’ ගෙදර යනගමන් කාගීල්ස්ට විකුණා දැමීමට සූදානම්…

‘සතොස’ ගෙදර යනගමන් කාගීල්ස්ට විකුණා දැමීමට සූදානම්… මෙරට විශාලතම සුපිරි වෙළඳසැල් ජාලය හිමි ලක් සතොස ආයතනය කාගීල්ස් ආයතනයට විකුණා දැමීමේ සූදානමක් ඇති බවට එහි ඉහල පෙලේ නිලධාරීන්ගේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වන විට ලක් සතොස එහි සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම උපරිම ලෙස සීමා කර ඇති අතර සැපයුම්කරුවන් ලක් සතොස ආයතනයට සිය භාණ්ඩ ලබා නොදීමට පෙළඹෙමින් ඇතැයිද සඳහන්ය.
සතොස මෙතක් සැපයුම්කරුවන්ගෙන් භාණ්ඩ ලබා ගත්තේ දින 30කින් ගෙවීමේ පදනම මත වුවද මේ වන විට එහි පාලනාධිකාරිය විසින් සැපයුම්කරුවන්ට දන්වා ඇත්තේ ගෙවීමේ කාල සීමාව දින 90ක් දක්වා ඉහල දැමීමට සිදුවන බවයි.
මෙහි අරමුණ වී ඇත්තේ සතොස සැපයුම්රුවන්ට එපා කරවන තත්වයට පත් කර පාඩු ලබන්නේ යයි පෙන්වමින් පුද්ගලීකරණය කරන්නට යයිද පවසන පෙර කී ආරංචි මාර්ග කාගීල්ස් ආයතනයේ ප‍්‍රධානී රංජිත් පේජ් මහතා සමඟ ලක් සතොස ආයතනය පැවරීම සම්බන්දයෙන් මූලික අදහස් හුවමරුවක් සිදු කරගෙන ඇතැයිද සඳහන් කරයි.
4,075 Viewers
 3 27
 

No comments:

Post a Comment