Thursday, May 28, 2015

එජනිස ආණ්‌ඩුවක්‌ පත් කර ගන්නා ලෙස ජනපති පැවසුවා

එජනිස ආණ්‌ඩුවක්‌ පත් කර ගන්නා ලෙස ජනපති පැවසුවා
- එජනිස මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත

උපාලි ද සේරම්



ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඉදිරි මහ මැතිවරණයේදී එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ තරග කර ආණ්‌ඩුවක්‌ පිහිටුවන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (27 දා) රාත්‍රි පැවති එජනිස පක්‍ෂ නායක හමුවේදී ප්‍රකාශ කළ බව එහි මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

හෙතෙම මේ බැව් පැවසුයේ ඊයේ (28 දා) විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා 20 වන ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගැනීමට සහාය ලබාදෙන බවටත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවටත් මෙහිදී ජනාධිපතිවරයාට දැනුම් දුන් බවද පැවසීය.

වත්මන් ආණ්‌ඩුවට එජනිස සහාය පළ කරනු ලැබුයේ දින සියයේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා බවත් දැන් එම කාලය අවසන්ව ඇති බැවින් මින් ඉදිරියට තම පක්‍ෂය ක්‍රියාකරනුයේ වත්මන් ආණ්‌ඩුව පෙරළා දමා නව ආණ්‌ඩුවක්‌ පිහිටුවීමට බවත් මෙම පක්‍ෂ නායක හමුවේදී සියලුම පක්‍ෂ නායකයන් ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, තිස්‌ස විතාරණ, වීරකුමාර දිසානායක, ප්‍රභා ගනේෂන් යන මහත්වරු ද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූහ.

No comments:

Post a Comment