Sunday, May 31, 2015

today'a news............

ශ‍්‍රීලනිප දුෂිතයන් අල්ල සූත්තරේ අර්ජුන කියයි.. ශ‍්‍රීලනිපයේ සිටින දුෂිත පුද්ගලයින් විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන බව ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි.
ඔවුන් පක්ෂය ඇතුලේ සිටින ත්‍රස්තවාදීන් බවත් පක්‍ෂය බලයට එනවාට ඔවුන් කැමැති නැති බවත් පවසන ඔහු විස්ස සම්මත වීම වැළැක්වීමට ඔවුන් උත්සාහ කරන බවද සඳහන් කරයි.


මහින්ද එනවාට කවුරුත්ම කැමති නෑ.. ඔහුට ඇත්තේ  ගොස් පිනක් දහමක් කරගෙන සිටීමයි.. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී අගමැති අපේක්‍ෂක තනතුරට කිසිම හේතුවක්‌ නිසාවත් සම්බන්ධ කර නොගන්නා ලෙස ද්‍රවිඩ, මුස්‌ලිම් ඇතුළු සුළු පක්‍ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විශේෂ ඉල්ලීමක්‌ කර ඇතැයි ග්‍රාමීය සංවර්ධන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පැවැසීය.
මෙම තත්ත්වය අනුව මහින්ද රාජපක්‍ෂ මහතා කළ යුතුව ඇත්තේ පන්සලට ගොස්‌ පිනක්‌ දහමක්‌ කර ගැනීම පමණක්‌ යෑයි පැවසූ දිසානායක මහතා මහින්ද රාජපක්‍ෂ මහතා කිසිම හේතුවක්‌ නිසාවත් සම්බන්ධ කර ගැනීමට රජයේ මැති ඇමැතීන් අකමැති බවද පැවැසීය.
– දිවයින


ජනපති මෛත‍්‍රී ඝාතනයට ගෝඨා සැලසුම් කලා.. ඔහු අත්අඩංගුවට ගත යුතුයි.. හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඝාතනය කිරීමට සැලසුම් කල බව නව සමසමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න පවසයි.
හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩසටහනට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගිය රජයේ බොහෝ ඝාතනයන් සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා වගකිව යුතු බවත් ජාතික විධායක සභාවේදීද තමන් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගත යුතු බව සඳහන් කල බවත්ය.
4,523 Viewers 

ශ‍්‍රීලනිපය දෙකඩ වී නෑ.. ගෙඩිය පිටින් මහින්දටයි.. කිහිප දෙනෙක් එජාප කටු කනවා.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට දෙකඩ වී ඇති බවට හිටපු ජනාධිපතිනිය කර ඇති ප්‍රකාශය සාවද්‍ය බව ශ්‍රීලනිපයේ ම ඇතැම් මන්ත්‍රීවරු පවසති.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී බී ඒකනායක සහ එස් එම් චන්ද්‍රසේන බීබීසීය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ ශ්‍රීලනිපය දෙකඩ වී නැති බවයි.
මෙම මන්ත්‍රීවරුන් දෙදෙනාම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ සමීප ආධාරකරුවෝ වෙති.
එක්සත් ජාතික පක්ෂයේ ‘විවිධ වරදානවලට යටත් වුනු කිහිප දෙනෙකු’ සිටින නමුත් රටේ බහුතර ජනතාවගේ මතය එය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටී බී ඒකනායක කියා සිටියේය.
‘ඒ වරදාන වලට යටත් වුනු අය අද ගම් මට්ටමින් ප්‍රතික්‍ෂේප වෙමින් යනවා. ඒ අයට රැස්වීම් වලට පවා යන්න පුළුවන් කමක් නැහැ. ජනතාවගේ විරෝධය විශාල වශයෙන් මතු වෙලා තියෙනවා.’ ටී බී ඒකනායක මන්ත්‍රීවරයා පැවසීය.
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාගෙවත් පක්ෂයක් නෙමෙයි. ඒක ජනතාවගේ පක්ෂයක්. අද මේ රටේ ජනතාව ඉතාමත් නිවැරදි තැනක ඉන්නවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්නේ නැතිව ජනතාවගේ අභිමතය පරිදි කටයුතු කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තියෙනවා.’ ඔහු තවදුරටත් කියා සිටියේය.
ශ්‍රීලනිපය දෙකඩ වී ඇති බව හිටපු ජනාධිපතිනිය පවසන්නේ නම් ‘ඊට වගකිව යුත්තේ ද ඇය විසින්ම’ බව, එම ප්‍රකාශය ගැන අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් චන්ද්‍රසේන ප්‍රකාශ කරයි.
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා වශයෙන් පාක්ෂිකයන් ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව. නමුත් එතුමිය මේකට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ වගේ අපට පෙනෙන්නේ.’ ඔහු පැවසීය.
කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‘තවම’ කැඩී නැති බව ඔහු තවදුරටත් කියා සිටියේය.
– BBC


රුපියල ඉතිහාසයේ උපරිම බාල්දුවට ලක්වේ.. ඇමරිකානු ඩොලරයට 140 ආසන්නයි.. ඉතිහාසයේ වාර්තා වන දැවැන්තම කඩා වැටීම වාර්තා කරමින් මේ වන විට අමෙරිකානු ඩොලරය ශී‍්‍ර ලංකා රුපියල් 140කට ආසන්න වෙමින් තිබේ.
නවතම ශී‍්‍ර ලංකා මහ බැංකුවේ වාර්තාව අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 134.70ක් හා විකුණුම් මිල 137.95කි.
කෙසේ වෙතත් විදේශ විනිමය මාරු කිරීමේදී බැංකුවලින් ඊට අයකරන සියයට එකක පමණ අතිරේක ගාස්තුවද සහිතව අමෙරිකානු ඩොලරයක් මිලදී ගැනීමට රුපියල් 139කට වැඩි මිලක් ගෙවිය යුතුය.
මෙය මෙතෙක් ඉතිහාසයේ අමෙරිකානු ඩොලරය ඉදිරයේ ශ‍්‍රී ලංකා රුපියල වාර්තාකල දැවැන්තම කඩා වැටීමයි.

No comments:

Post a Comment