Wednesday, May 27, 2015

මහින්ද වටේ ඉන්නේ හොරු කියන්නේ ශ‍්‍රිලනිපය අතහැර වෙනත් පක්ෂ සමග එක්ව ශ‍්‍රී.ල.නි.ප.ය පැරදවූ අයයි..

මහින්ද වටේ ඉන්නේ හොරු කියන්නේ ශ‍්‍රිලනිපය අතහැර වෙනත් පක්ෂ සමග එක්ව ශ‍්‍රී.ල.නි.ප.ය පැරදවූ අයයි.. මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමට දරන උත්සහය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමක් බවට ඇතමුන්  කරන චෝදනා බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කරයි.
ඔහු පෙන්වා දෙන්නේ  මෙලෙස චෝදනා කරන්නේ පක්ෂය අතහැර විවිධ දේශපාලඥයන්   පසුපස ගොස් පක්ෂයට වින කෙරූ අය බවයි.
පක්ෂය හැර ගිය එවැනි පුද්ගලයන්ට  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ  හෝ අත සළකුණ  ගැන කතා කිරීමට කිසි`දු  සදාචාරාත්මක අයිතියක් නැතැයි මහ ඇමතිවරයා අවධාරණය කරයි.
මහින්ද පක්ෂය දෙකඩ කරන බව කියමින් කිඹුල් කදුලු හෙළන මෙවැනි පුද්ගලයින් ඉදිරි මහ මැතිවරණයේදී  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් විසින්  ප‍්‍රතික්ෂේප කරනු ලබන  බව සහතික යැයි පවසන රණතුංග මහතා  නියම ශ‍්‍රී ලංකා කාරයන් සිටිනුයේ මහින්ද සමග මිස පක්ෂය අතහැර ගොස් ශ‍්‍රී ලංකා විරෝධී පක්ෂ සමග සැතපුන  පුද්ගයන් සමග නොවන  බව පෙන්වා දෙයි.
බස්නාහිර පළාත් මහ ඇමති  ප‍්‍රසන්න රණතුංග මහතා මේ බව අවධාරණය කලේ අලූත්ගම නගර ශාලාවේ පසුගියදා පැවති   ශ‍්‍රී.ල.නි.ප ක‍්‍රීයාකාරීන් දැනුවත් කිරීමේ හමුවකදීයි. කල යුත්තේ කුමක්ද.? මැයෙන්  පියල් නිශාන්ත තරුණ පදනම සංවිධානය කරන  සම්මන්ත‍්‍රණ මාලාව  යටතේ පැවති මෙම ශ‍්‍රී.ල.නි.ප ක‍්‍රීයාකාරී හමුව  නම් කර තිබුනේ  ‘‘යහපාලන කුමන්ත‍්‍රණ කරුවන්ගෙන් බේරුවල බේරා ගනිමු’’  ලෙසය.
මෙහිදී  වැඩි දුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත් මහ ඇමති ප‍්‍රසන්න රණතුංග මහතා  මෙසේද කීවේය.
‘දැන් යහපාලන ආණ්ඩුවට දින 150කට කිට්ටුයි .මේ වන විට රට තුල හිටපු ජනපති  මහින්ද රාජපක්ෂ මැතිතුමා අවශ්‍ය බවට ජනමතයක් නිර්මාණය වෙලා ඉවරයි. ඒක දැවැන්ත මහජන රැල්ලක් බවට පත් වෙමින් තිබෙනවා. 08 වෙනිදා මහින්ද මහත්තයා  පරාජය වුනාට පස්සේ එතුමා  බලන්න එදා කාල්ටන්  නිවසට ගියේ මැති ඇමතිවරු නෙමෙයි . හද්දා පිටිසර ගම්වල  අම්මලා තාත්තලා තමයි , දු දරුවෝ  තමයි  කද මලූ බැදගෙන  කාල්ටන් ගිහින්  මහින්ද මහත්තයාට නැවත දේශපාලනයට එන්න ආරාධනය කෙරුවේ. ඒක අපේ දිනේෂ් , වාසු , ගම්මන්පිල, විමල් සහෝදරවරු දැක්කා. ඒ නිසයි ඔවුන් ඒ ජනතා ඉල්ලීම  නුගේගොඩින්  රට පුරා පතුරු වන්න පටන් ගත්තේ. 58 ලක්ෂයේ මේ ජනතා අපේක්ෂාව වටහා ගෙන සිටි නිසයි මමත්, කුමාර වෙල්ගම ඇමතිතුමත්  එදා නුගේගොඩ වේදිකාවට  ගොඩ වුනේ. අපිත් සමග පළාත් සභා හා  පලාත් පාලන මන්ත‍්‍රීවරු තමයි මුලින් එකතුවුනේ  ජන රැුල්ල හ`දුනාගත් පාර්ලිමේන්තු  මැති ඇමතිවරුත්් අපි සමග එකතු වුනා .අද මහින්ද සුළ`ග ආණ්ඩුවට එරෙහි චන්ඩ මාරුතයක්  වෙමින් යනවා.
මහින්ද ගෙනෙන සටන  මෙහෙම ඉදිරියට  යනකොට එදා මහින්දට එරෙහිව  කුමන්ත‍්‍රණ කරපු අපේම පක්ෂයේ උදවියට  රිදෙන්න පටන් අරන්. මම දැක්කා එක ඇමති කෙනෙක් කියලා තියනවා  මහින්ද එක්ක ඉන්නේ හොරු, තකකඩි, මංකොල්ලකාරයින් කියලා. පක්ෂය ඇතුලේ ඉන්න ත‍්‍රස්තවාදීන් පක්ෂය කඩන්න යනවා කියලා උන්නැහේ කියලා තිබුණා. අනේ පව් අද ඔය මහින්ද සමග ඉන්නේ හොරු ත‍්‍රස්ත‍්‍රවාදීන් කියන අය පහුගිය කාලේ කොහෙද හිටියේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර ගිහින් එක එක නායකයෝ  එක්ක ඡුන්දය ඉල්ලලා , දැන් එක්සත් ජාතික පක්ෂයේ  තුරුල්ලට රිංගගෙන  මහින්ද පක්ෂය දෙකඩ කරනවා කියලා  කෑමොර දෙනවා. ලැජ්ජයි. ඇත්තටම ලැජ්ජයි.
අද මහින්ද මහත්තයා පක්ෂය දෙකඩ  කරන්නහදනවා කියන මහින්ද අගමැති කරන සටනේ ඉන්න  අපිට ත‍්‍රස්තවාදීන් , හොරු කියලා කියන මේ උදවියට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ අත ගැන කතා කරන්න  කිසිම සදාචාරත්මක අයිතියක්  නෑ. මේ අය  වගේ  මහින්ද මහත්තයා පක්ෂය දාලා ගිහින් නෑ කවදාවත්  ඒ අයට මහින්ද  මහත්තයා පක්ෂය දෙකඩ කරනවා යැයි චෝදනා කරන්න බැහැ.  මොකද ඒඅ ය පක්ෂය දාලා ගිය අය නිසා.
ඔය කියන අයට  වඩා  ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන   කථා කරන්න   මට අයිතියක් තියනවා . මොකද මම අවුරුදු 15ක ඉදලා මගේ තාත්තත් එක්ක ගමේ දේශපාලය කරනන්්නේ. අද ඔය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය  ගැන කිඹුල් කදුලූ හෙළන උදවිය වගේ අපි ඇමතිකම් බලාගෙන දේශපාලනය කරන්නේ නැහැ.  අපි මහින්ද මහත්තයාව ගේන්න හදන්නේ රටට ආදරේ නිසා.
සුලූුතර අගමැතිව රකින්න ඇමතිකම් ගත්ත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරු කිහිප දෙනෙක්  පසුගිය දවසක ඇත්ත තත්වය තේරුම් අරගෙන ඉවත් වුනා. තවමත් ඇමතිකම් වල ඉන්න රනිල්ගේ සුලූතර ආණ්ඩුවට කඬේයන අපේ ඇතැම් ඇමතිවරු ගැන ඇත්තටම අපිට ලැජ්ජයි. අපි ඉල්ලනවා ජනතාවගේ ඉල්ලීමට කන් දෙන්න .කොන්ද පණ තියනවානම් ඉල්ලා අස් වෙන්න. රටට ආදරේ නම් මහින්ද අගමැති කරන්න ඇමතිකම් අත හැර අප සමග එකතු වන්න.
අපි පිළිගන්න  ඕනෑ පසුගිය ජනාධිපතිවරණයේදී අපේ ඇතැම් අයත්  එක්සත් ජාතික පක්ෂයේ බොරුවලට රැවටිලා නැතිනම්   තිබුණු පුංචි පුංචි ප‍්‍රශ්න නිසා  අපට විරුද්ධ වුනා. අපි ජනාධිපතිවරණයේදී ලක්ෂ 58 ක් ගත්තා.අපිට එරෙහිව ලක්ෂ 62ක් ලැබුණා. ඒ 62 ඇතුලේ හිටපු අපිට එරෙහි වුනු අපේම අය දැන් නැවත අප වෙත එමින් සිටිනවා. තවමත් අප ගාවට නොපැමිණි මේ 62ලක්ෂයේ ඉන්න අපේම අයට , රටට ආදරේ අයට  අපි ආරාධනා කරනවා. නැවත රට වෙනුවෙන් අපි සමග  අත්වැල් බැද ගන්න. අපි අපේ වැරදි අඩපාඩු හදුනා ගත්තා. නමුත් මේ රට අනතුරේ හෙළන්න බෑ. තවදුරටත් මේ රට අනතුරේ  හෙලූවොත් අපේ අනාගත පරපුර  අපට ශාප කරාවි. අපේ රට නැවත දෙකඩ  වීමට  ඉඩ දිය නොහැකියි. ඒ නිසා අපිත් සමග එකතු වන්න.
කලූතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා.
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය  අපේ පක්ෂයට දීපු උපදෙස තමයි කවදාවත් එක්සත් ජාතික පක්ෂය සමග ජාතික ආණ්ඩුවක් හදන්න එපා කියන එක. මම ඒ ප‍්‍රතිපත්තියයි ඉදිරියට ගෙනියන්නේ. දේශපලඥයෙක් වුනාම  එක එක ප‍්‍රතිපත්තියක් තිබියි යුතුයි.
අද කවුරුත් නෑ මහින්දට අභියෝග කරන්න. ඉන්න හා හිටපු රාජ්‍ය නායකයින්  අතර ඉතාම ඉහළ ජනතා ප‍්‍රතිචාරයක් තියෙන්නේ මහින්ද ට පමණයි.  මහින්ද අගමැති කිරීමේ අපේ අරමුණ කිසි විටකත් අත හරින්නේ නැහැ. දිවි හිමියෙන් අපි ඒ සදහා  සටන් කරනවා. සන්ධානයේ අගමැති අපේක්ෂක වෙන කවුරුත් නෙමෙයි මහින්දමයි. ඒකේ දෙකක් නෑ. මහින්දට සන්ධානේ හෝ රටතුළ අභියෝග හෝ විකල්ප නෑ.
අපේ පක්ෂය මන්ත‍්‍රීවරුන්ට විවිධ නීති රීති දානවා. .ඒ නීති රීති දාලා මහින්ද වෙනුවෙන් අප මේ යන ගමන නතර කළ නොහැකියි.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා.
අපි කිව්වා මේක අවුල් හවුලක් කියලා. මේක කැද හැලියක් කියලා. අද ඒක ඔප්පු වෙලා තියෙනවා. ජනාධිපති පුටුවේ කවුරු හිටියත් ජන වරම නැති අයෙක් තමයි අද රට පාලනය කරන්නේ. දැන් ඉන්න සුළුතර අගමැතිට ජනවරමක් නෑ. මේ අවුල් ජාලය හැදුවේ වෙන මොනවටත් නෙමෙයි. මහින්ද එලවන්න. මහින්ද එලවන්න  ඕනාවුනේ කාටද ඇමෙරිකාවට, ඉන්දියාවට, දෙමල ඩයස්පෝරාවට. අපි ඒ උගුලට අසුවුනා.  අපි ඒ කුමන්ත‍්‍රණයට අසුවුනා. අද මේ රට පොලිස් රාජ්‍යයක් බවට පත්වෙලා ඉවරයි. අගමැතිවරයාගේ නියෝග පමණක් ඉටු කරන පොලිස් ඒකකයක් පිහිටුවා තියෙනවා. ඒක තනිකරම දඩයම් ඒකකයක්. එය සුළුතර ආණ්ඩුවට එරෙහි හැමෝම අත්අඩංගුවට ගන්නවා කිසිදු නීතිමය පදනමකින් තොරව.
අද උතුරේ මොකද වෙන්නේ. අපි එදා ජනාධිපති සමයේ කියූදේ අද උතුරේ සිදුවෙමින් තියෙනවා. රට නැවත බෙදුම්වාදය දෙසටයි ගමන් කරන්නේ. අල්ලස් කොමිසම ඉදිරිපිට උත්ඝෝෂණය කරපු බස්නාහිර පළාත් මහ ඇමතිට නඩු පවරනවා. අධිකරණ නියෝග උල්ලංඝනය කළාට. හැබැයි උතුරේ මහ ඇමතිට විරුද්ධව කිසිවක් සිදුවන්නේ නෑ. මේකයි ඇත්ත. අද ඔය අළුත් පරපුරක් කියලා සූස්ති පරපුරක් අටවාගෙන මේ මොකද්ද කරන්න හදන්නේ. විජයග‍්‍රහණය ජනතාවට අමතක කරවන්න. යුධ විජයග‍්‍රහණය ජනතා හදවත්වලින් මකලා දාන්නයි හදන්නේ. සංහිදියාව සංහිදියාව කියමිනුයි     ඒක කරන්නේ.
ජනධිපති මහින්දට ආයතන ගණනාවක් තියෙනවා කියලා කෑ ගහපු    අගමැති යටතේ ආයතන කීයක් තියෙනවද?. ආයතන 38ක් තියෙනවා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට මහ බැංකුවත්් තියෙන්නේ අගමැති යටතේ. ඒ අගමැති යටතේ තියෙන මහ බැංකුවෙ තමයි. නිදහසෙන් පස්සේ සිදුවුන ලොකුම හොරකම වෙන්නේ. ඒ හොරකම අපේ අයට වැඩිය තේරෙන්නේ නෑ. මොකද ඒක ඉංග‍්‍රීසියෙන් කරපු හොරකමක් නිසා. අද අර ආලාපාලූවා හා සෝමවංශගේ අලි පැටියා කියපු වෙනස රටේ වෙලා නෑ. සෝභිත හාමුදුරුවෝ, රතන හාමුදුරුවෝ කියපු වෙනස වෙලා නෑ. වෙලා තියෙන්නේ එකම දෙයයි. මහින්ද සම`ග රණවිරුවන් දිනාදුන් රට නැවත බෙදුම්වාදයට විවෘත කිරීමයි.
එදා 2001දී යලි පුබුදමු ශ‍්‍රී ලංකා නමින් රාජ්‍ය අනාගතය විකුන ගන්න ගෙන්වූ අනපනත් නැවත ගෙනඒමට මේ යහපාලන ආණ්ඩුව උත්සහ දරමින් සිටිනවා. අද යහපාලන ආණ්ඩුවෙන් තමයි විනිසුරුවරුන්ට ලොකුම බලපෑම වෙමින් තියෙන්නේ.
අද රට මුහුන දෙමින් සිටිනනේ ඉතා භයානකම තත්වයකට. ඒ තත්වයෙන් රට බේරා ගත හැක්කේ මහින්ද රාජපක්‍ෂ වැනි නායකයෙකුට පමණයි. ඒ නිසයි අපි මහින්ද රාජපක්‍ෂ නැවත ගෙන ඒමේ සටන ආරම්භ කළේ. ප‍්‍රසන්න රණතුංග මහ ඇමතිතුමාලා, කුමාර වෙල්ගම ඇමතිතුමාලා ඒ සටනට යෝධ ශක්තියක් දෙනවා. 12 වැනිදා මාතර රැුස්වීමට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 75ක් එකතුවෙනවා ඒකාන්තයි. අපි මහින්ද ගෙන එන්න සටන් කරනකොට ආණ්ඩුව ඒ ගමන මොට කරන්න විවිධ උපක‍්‍රම තෝරනවා. අපිව හිරගෙවල්වලට තල්ලූ කරන්න හදනවා. එකා පිට එකා    දැම්මත් හිර ගෙවල් 100ක දැම්මත් මහින්ද අගමැති කිරීමේ සටන නතර කරන්න මේ යහපාලන ආණ්ඩුවට බෑ.
– ප‍්‍රදීප් අනුර කුමාර
3,628 Viewers

No comments:

Post a Comment