Wednesday, May 27, 2015

FCID නීති විරෝධීයි.. මං අගවිනිසුරු නම් මුලින්ම හිරේ දාන්නේ පොලිස්පති..

FCID නීති විරෝධීයි.. මං අගවිනිසුරු නම් මුලින්ම හිරේ දාන්නේ පොලිස්පති.. පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය මුළුමනින්ම නීතී විරෝධී බවත් තමන් අගවිනිසුරු නම් මුලින්ම හිරේ දමන්නේ පොලිස්පති බවත් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි.
කොලඹ පැවති විද්වත් සාකච්චාවකදී ඔහු කියා සිටියේ පොලිස්පතිවරයාගේ අපරාධ විමර්ශණ පිළිබඳ නීතිය හා දණ්ඩ නීති සංග‍්‍රහයට විරුද්දව මෙම ඒකකය ස්ථාපිත කර ඇති බවත් මෙය සිදු කල පොලිස්පතිවරයාගේ නිල ඇඳුම ඉවත් කල යුතු බවත්ය.
‘පොලිස්පතිවරයා මොනවද මේ කරල තියෙන්නෙ. ඔහුට අලූත් අපරාධ නීති හදන්න බෑ. මම හිටියා නම් මුලින්ම පොලිස්පතිතුමා ගෙනැවිත් හිරේ දානවා. FCID එක නීතියට අනුව නෙමෙයි හදල තියෙන්නෙ. අපරාධ විමර්ශණ පිළිබඳ නීතිවලට හා දණ්ඩ නීති සංග‍්‍රහයට පටහැනිවයි මේක හදලා තියෙන්නෙ’යයිද හිටපු අගවිනිසරුවරයා කියා සිටියේය.

No comments:

Post a Comment