Saturday, May 30, 2015

මහින්දට එජනිස අපේක්‌ෂකත්වය දෙනවාද තීරණය විධායක සභාවට


මහින්දට එජනිස අපේක්‌ෂකත්වය
දෙනවාද තීරණය විධායක සභාවට


කුෂාන් සුබසිංහ

ඉදිරි මහ මැතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාට එජනිස යටතේ තරඟ කිරීමට අවස්‌ථාව දෙනවාද නැද්ද යන්න පිළිබඳ තීරණය විධායක සභාව හමුවට යොමු කිරීමට එජනිස පක්‍ෂ නායකයන් එකඟතාවකට පැමිණ ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්‍ෂ මහතාට එජනිස යටතේ නාමයෝජනා ලබාදීම ප්‍රතික්‌ෂේප කිරීමෙන් පසුව එම පක්‍ෂ නායකයන් මෙම තීරණය ගෙන තිබේ.

පසුගිය 27 වැනිදා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එජනිස පක්‍ෂ නායකයන් අතර ජනපති ලේකම් කාර්යාලයේදී පැවැති හමුවේදී ජනපතිවරයා එසේ ප්‍රකාශ කර ඇති අතර අගමැති අපේක්‌ෂකයකු නම් කිරීමද එහිදී ප්‍රතික්‌ෂේප වී ඇත.

එජනිස නායකයන් ඊට පසු දින හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූ අතර එහිදී හිටපු ජනපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ තමන් එජනිස යටතේ මහමැතිවරණයට තරග කිරීමට කැමැති බවයි.

ඒ අනුව මහින්ද රාජපක්‍ෂ මහතාට එජනිස යටතේ තරග කිරීමට අවස්‌ථාව ලබාදීම සඳහා විධායක සභාවේ වැඩි බහුතරයක්‌ තීරණය කළහොත් ඉදිරි මහ මැතිවරණයේදී ඒ මහතා සන්ධානය යටතේ තරග කිරීම අනිවාර්යයෙන් සිදුවන බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්‌කාර මහතා පැවැසීය.
 

No comments:

Post a Comment