Wednesday, May 27, 2015

අගමැති රනිල් කාන්තාවන්ගෙන් සමාව ඉල්ලිය යුතුයි.. හේතුව මහින්ද කියයි..

අගමැති රනිල් කාන්තාවන්ගෙන් සමාව ඉල්ලිය යුතුයි.. හේතුව මහින්ද කියයි.. අසාමාන්‍ය ලෙස බඩු මිල වැඩි කර කාන්තාවන් අපහසුතාවට පත්කර තිබෙන බැවින් රනිල් වික්‍රමසිංහ මහතා කාන්තාවන්ගෙන් සමාවගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඔහු මෙසේ කියා සිටියේ කිරුළපන අභයාරාමයේදී පැවැති රුහුණු මිතුරු සංසදයේ නියෝජිත හමුවේදී අදහස් පල කරමිනි.
තමන්ද හොඳ පවුල් ජීවිතයක් ගතකරන තිදරු පියෙකු බවත් තමා රට පාලනය කරද්දී කාන්තාවන්ට රැකියා ලබා දීල ස්වයං රැකියා සඳහා උදව් කර කුස්සියට සහන සලසා කාන්තාවන් ශක්තිමත් කිරීමට කටයුතු කළ බවද කී හිටපු ජනාධිපතිවරයා යහපාලන ආණ්ඩුවෙන් බඩු මිල ඉහළ දැමීමෙන් එහි බලපෑම විශාල ලෙස කුස්සියට දැනී කාන්තාවන් අසරණ තත්ත්වයකට පත්ව ඇති නිසා කාන්තාවන්ගෙන් අගමැති රනිල් කාන්තාවන්ගෙන් සමාව ගත යුතුව ඇතැයිද කියා සිටියේය.
8,733 Viewers

No comments:

Post a Comment