Saturday, May 30, 2015

සියලු සාකච්ඡා අසාර්ථකයි මෛත්‍රීගෙන් මහින්දට ඉඩක්‌ නෑ

සියලු සාකච්ඡා අසාර්ථකයි මෛත්‍රීගෙන් මහින්දට ඉඩක්‌ නෑ

පසුගිය සතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සෑම අතින්ම වැඩ අධික අවිවේකී සතියක්‌ බව පැහැදිලිය. එක්‌ අතකින් බොහෝ දුර බැහැර වෙහෙසකර ගමන් බිමන් රාශියක්‌ යෙදී තිබීම ඊට හේතු විය. තවත් අතකින් දීර්ඝ ලෙස කාලය වැය වූ දේශපාලන සාකච්ඡා ද ගණනාවක්‌ම තිබිණි. ඒ සියල්ලටම වඩා ජනාධිපතිවරයාට වෙහෙසකර කටයුත්තක්‌ වී තිබුණේ විවිධ පාර්ශ්වයන් සමඟ කරන ලද සාකච්ඡාවලදී මතු වූ තර්ක විතර්ක වාද විවාද කරුණු කාරණා විමසා බලා ඉතා සුපරික්‍ෂාකාරීව සහ ඉවසීමෙන් යුතුව අවසන් තීන්දුවකට පැමිණීමය. ගමන් බිමන්, වෙහෙසකර සාකච්ඡා, තර්ක විතර්ක මැද මෛත්‍රී නිරවුල්ව අවසන් තීන්දුවකට පැමිණීම පසුබිමේ දක්‌නට ලැබුණු සිදුවීම් ජාලය මෙසේ පෙළගැසී තිබිණි.



20 වැනි සංශෝධනය කාගේත් මාතෘකාවලු

පසුගිය සතියේ පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව කොයි කවුරුත් එක්‌ව කතාබහ කළ පොදු මාතෘකාව වී තිබුණේ 20 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයයි. එය ජයග්‍රහණය කළ යුතු බව ශ්‍රීලනිපය ද කීවේය. රජය ද කීවේය. ජවිපෙය ද ඊට පක්‍ෂව කතා කළේය. රාජිත ද කතා කළේය. රතන හිමියෝ ද පක්‍ෂව අදහස්‌ කීහ. සෝභිත හිමියෝ ද 20 වහාම සම්මත කරගත යුතු බව කීහ. එහෙත් ප්‍රශ්නයක්‌ව තිබුණේ ඒ සම්බන්ධයෙන් තනි මතයකට මේ කණ්‌ඩායම්වල අදහස්‌ යොමුකර ගත නොහැකි වීමය. ඒ තරමටම අතුරු යෝජනා මේ සැමටම තිබිණි.

එක්‌සත් ජාතික පක්‍ෂයට අවශ්‍ය වුණේ කල් ගනිමින් කෙසේ හෝ මේ යෝජනාව සාදා කැබිනට්‌ අනුමැතිය ගෙන පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමට වඩා ඉක්‌මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යැමටය. එජාපයේම ඒ සඳහා කාලවකවානු ද තිබිණි. ලබන මස 9 වැනිදා වන විට 20 වැනි සංශෝධනය, පාර්ලිමේන්තුවට දමා සම්මත කර, 14 වැනිදා රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඔවුන්ගේ ඉලක්‌කය වූහ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පාර්ශ්වය අතරත් අගමැති රනිල්ගේ පාර්ශ්වය අතරත් පැනනැඟී තිබුණේ අසමාන අදහස්‌ නිසා දේශපාලන කරලිය තුළ තිබූ කතිකාව අතිශයින් සංවාදශීලී වූහ. එක්‌ අතකින් පසුගිය සතිය උණුසුම් වී තිබුණේ ද මේ කාරණා නිසාය.

මහින්ද ඉල්ලන්න මෛත්‍රී හමුවෙලා

සඳුදා හවස 3.30 ට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ දිස්‌ත්‍රික්‌ නායකයන්ගේ හමුවක්‌ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාලගේ ප්‍රධානත්වයෙනි. නිමල් සිරිපාල, චමල්, අනුර යාපා, සුසිල්, ඩලස්‌ ඇතුළු දිස්‌ත්‍රික්‌ නායකයෝ විශාල පිරිසක්‌ පැමිණ සිටි අතර මහනුවර, රත්නපුර, ත්‍රිකුණාමලය නායකයෝ පැමිණ සිටියේ නැත.

සාකච්ඡාවේ මාතෘකාව ඉදිරි මැතිවරණ ජයග්‍රහණයයි. ශ්‍රීලනිපය පැත්තෙන් ඊට අවතීර්ණ වන ආකාරය පැහැදිලි කරමින් ජනාධිපති මෛත්‍රී කතා කළේය.

"අපි එකතුවෙලා පක්‍ෂය දිනවන්නයි වැඩ කරන්න ඕන. සමහර අය කියනවා මම අරයට නාමයෝජනා දෙන්නේ නෑ. මෙයාට නාමයෝජනා දෙන්නේ නැහැ ආදී විවිධ කතා. එහෙම දෙයක්‌ නෑ. මම ලේකම්තුමාට උපදෙස්‌ දුන්නා සියලුම දෙනා නාමයෝජනාවලට කැඳවන්න කියලා. සම්මුඛ පරීක්‍ෂණ තියන්න ඕන..."

"ජනාධිපතිතුමනි, අපිට බැරිද හිටපු මන්ත්‍රීවරු නාමයෝජනා මණ්‌ඩලවලට කැඳවන්නේ නැතුව වෙන විදියකට තෝරාගන්න" නිමල් සිරිපාල ඇසුවේය.

ඔව් ඒක ඇත්ත. ඔයාලා එයාලත් එක්‌ක කතා කරල කැමැත්ත අකැමැත්ත ලබාගන්න. අපි හොඳ විදියට ඒක කරමු.

මේ සාකච්ඡාවේදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා සිටියේ ඉතා හොඳ නම්‍යශීලී තත්ත්වයකය. ඉන් උද්දාමයට පත් වූ දිස්‌ත්‍රික්‌ නායකයෝ තව තවත් යෝජනා ඉදිරිපත් කළහ.

ජනාධිපතිතුමනි, මෙතන ඉන්න අයට ඔබතුමාට කියන්න විවිධ අදහස්‌ තිබෙනවා. අපි හිතේ එකක්‌ තියාගෙන හංගගෙන වෙන එකක්‌ කතා කරන්න ඕන නැහැ. අපි මේ වෙලාවේ විවෘතව තම තමන්ගේ අදහස්‌ කතා කරමු. එළියේ තැන තැන කතා කරනවාට වඩා මෙතන කතා කරන එක හොඳයි නේ. අනුර යාපා කීවේය.

"අපි සන්ධානයේ පක්‍ෂ එක්‌කත් කතා කළා. අනිත් එක අපි සන්ධානයේ නායකයන් විදියට ඔබතුමාව හමු වී කතා කරනවා. ඊට පස්‌සේ හිටපු ජනාධිපතිතුමාවත් හමුවෙලා ඒ ගැන සාකච්ඡා කරනවා. මේ ගැන කතා කරන්නයි අපට ඕන..." සුසිල් ප්‍රේමජයන්ත කීවේය.

මම දිස්‌ත්‍රික්‌ සමුළුවලට යනව නේ. ඒවයිදීත් විවිධ මත පළවෙනවා තමයි ජනාධිපති කීවේය.

පියසේන ගමගේ කතා කළේය. ඔහු කතා කළේ මනූෂ ගැනය. නොමනාපයෙන් කතා කළ ඔහුව සන්සුන් කළේ ජනාධිපතිය.

මේ අතරතුර ඩලස්‌ කතා කළේය. මේ ගැන මීට වඩා ගැඹුරු ප්‍රවේශයකින් කතා කළ යුතුයි කියා ඔහු යෝජනා කළේය. "20 වැනි සංශෝධනය ගැන අපේ ස්‌ථාවරය පැහැදිලි කරගමු. 20 සම්මත කළත් ඡන්දය තියන්නේ පරණ ක්‍රමයට කියල ඡේ. වී. පී. එක කියනවා. යූ. ඇන්. පී. එකත් කියනවා."

"අපේ අයත් එක එක අදහස්‌ කියනව නේ ඔය ගැන" ජනපති කීවේය.

ඒ වුණාට ශ්‍රීලනිපයේ අපි කවුරුවත් 20 වන සංශෝධනයට විරුද්ධ නැහැනේ. මැතිවරණ ක්‍රමය වෙනස්‌ වෙනවට අපි කැමතියි. ඩලස්‌ කීවේය. නිමල් හා අනුර ඒ බැව් තහවුරු කළහ.

මේ ආණ්‌ඩුව දැන් කුණුවෙලා. ආණ්‌ඩුව විසුරුවාහරින එක තමයි හොඳ... කුමාර වෙල්ගම කීවේය.

මේ අයුරින් කතාබහ යන අතරතුර ඩලස්‌ තවදුරටත් සාකච්ඡාව ගැඹුරට ගෙන යමින් මෙසේ කීවේය.

"ජනාධිපතිතුමාට ලැබුණ ඡන්ද ලක්‍ෂ 62 ඇතුළේ වෙන වෙන අයගේ ඡන්ද තියෙනවා. යූ. ඇන්. පී. ඡන්ද ලක්‍ෂ 40 ක්‌ ඇති. දෙමළ, මුස්‌ලිම්, හෙළ උරුම ඡන්දත් ඒ අතරේ තියෙනවා. ජනාධිපතිතුමයි හිටපු ජනාධිපතිතුමයි එකට හිටියා නම් අර ලක්‍ෂ 58 යි මෙතන ටිකයි එකට එකතුවෙනවා. එහෙම වුණොත් අපිට පැහැදිලි ජයග්‍රහණයක්‌ ලැබෙනවා. අපිට තියන ප්‍රශ්නය ඔබතුමයි මහින්ද මහත්තයයි ඊට සූදානම්ද කියන එක විතරයි. ගමේ මිනිස්‌සු ඒ ගැන කදිම අදහසක්‌a දරනවා. අපේ ගමේ ඉන්න අවුරුදු 28 ක්‌ විතර ඡන්දපල නියෝජිතයා ලෙස වැඩ කරපු ධනපාල අයියා කරපු විග්‍රහයක්‌ මම කියන්නම්. ඔබතුමා උරණ වෙන්නේ නැත්නම්. ඒක දැන් ජයතිලකගේ විග්‍රහයට වඩා ප්‍රබලයි.

නැහැ... මම උරණ වෙන්නේ නෑ ඔයා කියන්න... මෛත්‍රී හිනාවෙමින් කීවේය.

ධනපාල අයියාගේ දේශපාලන විග්‍රහය

ධනපාල අයියා දවසක්‌ ආවා මම හම්බ වෙන්න. මම ඇහුවා මොනවද ධනපාල අයියේ වෙන්නේ කියලා. මිනිහා කිව්වා... "මහින්ද රාජපක්‍ෂ මහත්තයා කෙළවා ගත්තේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයට අගමැතිකම දෙන්නේ නැතුව. ඒ වගේම මේ පාර මෛත්‍රීපාල මහත්තයා කෙළවා ගන්නෙත් මහින්ද මහත්තයාට අගමැතිකම දෙන්නේ නැති නිසා. ඕකයි ඇත්ත..."

ඩලස්‌ එසේ කී විට මෛත්‍රී ඇතුළු සියල්ලෝම ඊට කොක්‌හඬලා සිනාසෙන්නට පටන් ගත්හ. එහිදී මෛත්‍රී, නිමල් සිරිපාල දෙසට හැරී මෙසේ කීවේය.

"නිමල්... දන්නවද ඇත්තටම එහේ ඔය ධනපාල කියල කෙනෙක්‌ නැතුවත් ඇති...."

"අනේ නැහැ සර්.... මම ඔබතුමා කඹුරුපිටියට ආපු වෙලාවක ධනපාල අයියව මුණගස්‌සවන්නම්කෝ..." ඩලස්‌ කීවේය.

පසුගිය සතිය ආරම්භය වන විට අපි දුටුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නම්‍යශීලිත්වයයි. අනුන්ගේ මතවලට කන් දෙමින් කල්පනාකාරීව පසුවන ආකාරයයි. මේ හැසිරීම නිසා දේශපාලන කරලියේ හුඟදෙනෙක්‌ සිතා සිටියේ දැන් මෛත්‍රී - මහින්ද සමගියකට හොඳ වේලාව කියාය. මහින්දත් මෛත්‍රීත් එකතු වී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ශක්‌තිමත් කරන්නට පියවර ගනීවි යෑයි සිතූ සැබෑ ශ්‍රී ලංකා පාක්‍ෂිකයෝ මේ නිසා අප්‍රමාණ ලෙස සතුටට පත්ව සිටියහ.

එහෙත් මේ තත්ත්වය නිසා දේශපාලනිකව කැළඹීමට ලක්‌ව සිටි පිරිසක්‌ ද මේ අතර සිටියහ. ඒ අන් කිසිවකු නොව, එක්‌සත් ජාතික පක්‍ෂ ප්‍රබලයෝය. යම් හෙයකින් මෛත්‍රී - මහින්ද සමගියක්‌ ඇති වී දෙපාර්ශ්වය එක්‌වී මැතිවරණයකට පැමිණියහොත් එය තම පක්‍ෂයට කවරාකාරයක තර්ජනයක්‌ ද යන්න එක්‌සත් ජාතික පක්‍ෂ නායකයෝ හොඳින් දැන සිටියහ.

මේ අතරතුර එක්‌සත් ජාතික පක්‍ෂයට ද විස¹ ගන්නට බොහෝ ගැටලු තිබිණි. 20 වන සංශෝධනය යථාර්ථයක්‌ වුවහොත් ඉන් පක්‍ෂයේ ජයග්‍රහණයට ලැබෙන රුකුලට වඩා වැඩි අවාසි ගණනාවක්‌ බිහිවන බව තර්ක කළ නායකයෝ ද එජාපයේම සිටියහ. සියල්ලටම වඩා හොඳ කාරිය ආණ්‌ඩුව විසුරුවා හැර ඉක්‌මන් මහ මැතිවරණයකට යැම බව ඔවුහු තර්ක කරමින් සිටියහ.

මේ අතරතුර පාර්ලිමේන්තුවේදී එජාප නායකයාට එරෙහිව අත්සන් කරමින් යන විශ්වාසභංගය ගැන ද සැක සංකා එජාප නායකත්වයට තිබිණි.

හිටපු අගවිනිසුරුගෙන් දේශපාලන බෝම්බයක්‌

මෙසේ එජාපය දැඩි විචිකිච්ඡාවකින් සිටින අතරතුර හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා කළ කතාවකින් මේ රටේ දේශපාලන කතිකාවම කැළඹී ගියේය. ඔහු මේ යහපාලන ආණ්‌ඩුව පතුරුහරිමින් තම කතාව කළා යෑයි කිවහොත් නිවැරැදිය.

සරත් නන්ද සිල්වා මහතාගේ විවේචනයට කාරණා කීපයක්‌ම පාත්‍ර විය. අගමැතිවරයාගේ ක්‍රියාකලාපය, ඔහුගේ පත්වීම, ඔහු විසින් මෙහෙයවනවා යෑයි කියන මූල්‍ය අපරාධ කොට්‌ඨාසය, එහි බිහිවීම, එයට වගකිවයුතු වන පොලිස්‌පති, එමගින් කරන අපරාධ පරීක්‍ෂණ ආදී සියල්ලම පතුරු ගසමින් ඔහු කළ අතිශය සංවේදී සරල එහෙත් සාරගර්භ කතාව රටේ දේශපාලන ලෝකය පුරා පැතිර යන්නට වැඩි කාලයක්‌ ගියේ නැත. උගතුන් විසින් ඉහමුදුනින්ම පිළිගන්නා මෙම කතාව නිසා එජාප නායකත්වය සසල කළ බව නිසැකය.

මේ සියල්ලෙන් ගොඩ ආ හැකි මාර්ග සොයන්නට එජාපය පෙළඹවීම සාධාරණ ක්‍රියාවකි. මේ ප්‍රහාර මේ විවේචන හා මෛත්‍රී - මහින්ද සමගිය ආදී කාරණා යථාර්ථයක්‌ වී එකට පැමිණියහොත් ඉන් එජාප දේශපාලන අනාගතයට වන පසුබෑම සුළු පටු නොවන වග එජාප නායකයෝ හොඳින් තේරුම් ගෙන සිටියහ.

සන්ධාන නායකයන්ගේ අපේක්‍ෂා භංගත්වය

මෛත්‍රී - මහින්ද සමගිය පිළිබඳ විශ්වාසය හා එජාපයට මේ දිනවල එල්ල වන බාහිර ප්‍රහාර නිසා උද්දාමයට පත්ව සිටි පිරිසක්‌ ද වූහ. ඒ අතර විමල්, දිනේෂ්, වාසු බලවේගය මෙන්ම එය වටා ගොනු වූ ශ්‍රීලනිප බලවේග ද සිටියහ. මේ කණ්‌ඩායම් කල්පනා කළේ ලද අවස්‌ථාවේ ඉදිරිපත්ව මෛත්‍රී - මහින්ද සමගි සන්ධානයට වහ වහා මග පෑදුවහොත් එජාපය පරාජය කිරීම මහා අභියෝගයක්‌ නොවන බවය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ පක්‍ෂ නායකයෝ එකට එකතුව මේ ගැන සාකච්ඡා කර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවන්නට තීරණය කර ගත්හ. ඒ සඳහා කරන ලද දැනුම්දීමකට අනුව බදාදා රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී ඊට වේලාවක්‌ ලැබිණි.

ඊට සහභාගි වන්නට නිමල් සිරිපාල, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, වාසුදේව නානායක්‌කාර, වීරකුමාර දිසානායක, පියසිරි විඡේනායක, තිස්‌ස විතාරණ, ඩිව් ගුණසේකර ආදීහු එක්‌ව සිටි අතර විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන, උදය ගම්මන්පිල ආදීහු පැමිණ සිටියේ නැත.

ජනාධිපති ඉතා සුහදව මේ පිරිස පිළිගත්තේය. "අපි ආවේ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ඉදිරි ක්‍රියාමාර්ගය හා මහ මැතිවරණයේදී ගත යුතු මග ගැන ඔබතුමා සමඟ සාකච්ඡා කරන්න. සුසිල් ප්‍රේමජයන්ත කීවේය. ඉන්පසුව කතාව පටන් ගත්තේ වාසුය.

"පාර්ලිමේන්තුවේ බලය තියෙන්නේ අපට. හැබැයි අද අපි පාර්ලිමේන්තුවේ විපක්‍ෂය විදියටයි ඉන්නේ. බලය තියෙන්නේ එජාපයට. අපි කොහොමද මේ බලය ලබාගන්නේ. ඒක ජනාධිපති මෛත්‍රීපාල මහතායි මහින්ද රාජපක්‍ෂ මහත්තයයි එකතුවුණොත් කරන්න අමාරු නැහැ. අපි කොහොමද ඒක කරන්නේ. ඒක කරන්න ජනාධිපතිතුමා මහින්ද රාජපක්‍ෂ මහතාව අගමැති අපේක්‍ෂකයා හැටියට නම් කරන්න ඕන. අපි කරුණු 3 ක්‌ ඒ සඳහා ඉදිරිපත් කරල තියෙනවා. අපිට ඕන ඊට ඔබතුමාගේ අනුමැතියයි. එජාප රජය ඉවත් කරල අපට ඕන අපේ රජයක්‌..." වාසු කීවේය.

පියසිරි විඡේනායක හා වීරකුමාර දිසානායක ද මේ මතය තහවුරු කරමින් කතා කළහ. මහින්ද ගෙන එන්න ඕන, මහින්ද නැතුව දිනන්න බෑ කියන අදහස ඔවුන් මතු කරන්නට පටන් ගත්හ.

මෙහිදී සියල්ල අසා සිටි ඩිව් ගුණසේකර සියල්ලට වඩා තරමක්‌ වෙනස්‌ කතාවක්‌ කරන්නට විය.

"ගරු ජනාධිපතිතුමාට අපි ස්‌තුතිවන්ත වෙනවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකදීම ගැන. එදා ජනාධිපතිවරණය ඉවර වුණ ගමන් රජය විසුරුවාහැරල මහ මැතිවරණයක්‌ පවත්වලා එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවක්‌ හදාගන්න තමයි රනිල්ලට උවමනාව තිබුණේ. ජනාධිපතිතුමාගේ දූරදර්ශී වැඩපිළිවෙළ නිසා එදා ඒක මඟහැරුණා. දැන් අපිට කාලය ඇවිල්ලා තියෙනවා 19 සම්මත කරගෙන 20 ත් සම්මත කරගෙන මහ මැතිවරණයකට යන්න. අපිට මෙතනදි අගමැති අපේක්‍ෂකයා කවුද කිය කියා කල් තියා නම් කරන්න අවශ්‍ය නැහැ. ඔය නම් ප්‍රතිරූප පැත්තක තියලා අපි බලවේගයක්‌ විදියට ඉදිරියට යමු. එතකොට අපිට පුළුවන් කාගෙත් සහයෝගයෙන් සන්ධානයේ රජයක්‌ හදාගන්න. ඩිව් කීවේය.

මේ සියලු කතා මෛත්‍රී ඉතා සාවධානව අසා සිsටියේය. පසුව ඔහු කතා කළේය.

"දැන් ඔයගොල්ලන්ගේ අදහස්‌ මම දන්නවා. ආකල්ප විකල්ප මම දන්නවා. මම ඔක්‌කොම අහගෙනයි හිටියේ. ඔයාලා කතා කරල ඉවර නිසා දැන් මම කතා කරනවා. මෙන්න මේක හොඳට අහගෙන ඉඳල ඔයගොල්ලෝ කොච්චර බලාපොරොත්තු වුණත් මහින්ද රාජපක්‍ෂ අගමැති අපේක්‍ෂකයා කරන්නටත් ඔහුට මෙතනින් ඡන්දය ඉල්ලන්නවත් මම අවසර දෙන්නේ නැහැ. එයා මෙතනින් ඉල්ලුවොත් අපිට තිබුණ සුළු ජාතික

ඡන්ද සියල්ලම නැති වෙලා යනවා. ඒක එකක්‌. අනිත් එක මම කොහොමටවත් එයාට එන්න ඉඩ තියන්නේ නැහැ. මම එකඟ නැහැ.

මගේ තීරණය ගණන් නොගෙන ජනතාව කලබල කරවල ලොකු ලොකු ප්‍රශ්න ඇති කරන්න ඔයාලා පෙළඹුණොත් ඊළඟට කරන්න ඕන දේත් මම දන්නවා. සමහර දේවල් අතින් තද කරන් එළියට යන්න නොදී මම හිරකරගෙනයි ඉන්නේ. වැඩිය දඟලන්න ආවොත් මට සිද්ධ වෙනවා අත ලිහිල් කරන්න. එතකොට කාට කාටත් අමාරු වෙයි....

ජනාධිපතිවරයා එවේලේ කළ ප්‍රකාශය සහමුලින්ම මහින්ද විරෝධී වූවකි. ඊට පෙර සඳුදා දිස්‌ත්‍රික්‌ නායකයෝ ජනපතිව හමුවන්නට යන විට ඔහු තුළ තිබූ නිවුණු සැඟවුණු ස්‌වභාවය එදා ඔහු කෙරෙන් කිසිවකු- නොදුටූහ. ඉතා දැඩි ස්‌වරයක්‌ කට හෙŒ පවා තිබිණි. දවසක දෙකක කාලය ඇවෑමෙන් ජනාධිපතිවරයාගේ චිත්ත සමුදාය හා අදහස්‌ ලොකු පරිවර්තනයකට ලක්‌ව ඇති බව සන්ධාන නායකයෝ දැන ගත්හ.

මහින්ද මෙතනින් පතුරක්‌ ගලවාවි. පුළුවන් නම් දිනල බලන්න කියන්න. මේ මෛත්‍රීපාල නැතුව. එදාට මම පෙන්නන්නම් මෛත්‍රීපාල කවුද කියලා. මගේ තියෙන නිහඬ නිහතමානීකම දුර්වලකමක්‌ කියල හිතන්න එපා. මෛත්‍රීපාල දැඩි ස්‌වරයෙන් කියන්නට විය.

මේ වෙලාවේ තත්ත්වය සමනය කරමින් නිමල් සිරිපාල හා අනුර යාපා කතා කළහ. දෙදෙනාම කතා කළේ 20 වන සංශෝධනය සම්මත කරගැනීම ගැනය. ඊට තම පක්‍ෂය දක්‌වන දායකත්වය ගැන කතා කරන්නට වූහ.

මේ අයුරින් අපේක්‍ෂා සහගතව එම රැස්‌වීමට ගිය බොහෝ දෙනා ආපසු ආවේ අපේක්‍ෂා භංගත්වයෙන් යුතුවය.

ඊට පසුදා බ්‍රහස්‌පතින්දා උදේ මේ සන්ධාන නායකයෝ පිරිස කලින් යොදාගත් පරිදි මහින්ද රාජපක්‍ෂ හමුවන්නට ද ගියහ. හමුව පැවැත්වුණේ නුගේගොඩ මිරිහානේ මහින්දගේ නිවසේදීය. මෙයට නිමල්, අනුර යාපා පැමිණියේ නැත. ඒ වෙනුවට සුසිල්, වෙල්ගම, ලොකුගේ, වීරකුමාර, පියසිරි, ඩග්ලස්‌ හා අතාවුල්ලා එක්‌ව සිටියහ.

මේ වන විටත් කලින් දා ජනාධිපති මෛත්‍රීපාල සමඟ කරන ලද සාකච්ඡාවේ ප්‍රතිඵල මහින්ද රාජපක්‍ෂ දැන සිටියේය. ඔහුගේ කතාව තුළ ගම්‍ය වූයේ "මම ඔය ප්‍රතිඵලය එන බව කලින් දැන සිටියා" වැන්නකි.

හරි.... අපි නම් ටික සන්ධානයට දාල බලමු. මොකද වෙන්නේ කියල බලමු. ජනාධිපතිතුමාගේ අදහස්‌ සැරෙන් සැරේ වෙනස්‌ වෙනව නේ වාසු කීවේය.

නැහැ... ඒක හරියන එකක්‌ නැහැ. සමහරු කීහ. මේ අතරතුර මහින්ද බොහෝ දේ අසා සිටියා මිස වැඩිපුර කතා කරන්නට ගියේ නැත.

ඔබතුමා ඡන්දෙට ඉදිරිපත් වෙනවා නේද...

ඔව්... ඉතින් සන්ධානයකින් අපි ඉදිරිපත් වෙන්න එපායෑ. ඒකනේ ජනතාව ඉල්ලන්නේ... අන්තිමේ මහින්ද කීවේය.

ගයන්තගේ උත්සවයකදී ගීතාගෙන් කතාවක්‌

පසුගිය බදාදා ඇල්පිටිය ආනන්ද විද්‍යාලයේ ඉදිකළ මහින්දොaදය තාක්‍ෂණ විද්‍යාගාරය විවෘත කරන්නට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් උත්සවයක්‌ පැවැත්විණි. එම උත්සවයට පැමිණි ජනප්‍රිය සිනමා නිළි දකුණු පළාත් සභා මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ අනාරාධිතව කතාවක්‌ පැවැත්වීම පසුගිය සතියේ කාගේත් අවධානයට ලක්‌ වූ විශේෂ සිද්ධියක්‌ විය. මේ සිදුවීමට අපේ රටේ රූපවාහිනී නාලිකාවලින් ලොකු ප්‍රසිද්ධියක්‌ ද ලැබිණි. ඒවා බලන බොහෝ දෙනකුට වැටහී ගියේ ගීතා අනුන්ගේ උත්සවයකට පැමිණ බලහත්කාරයෙන් කතාවක්‌ ද කර ලොකු ගෝරනාඩුවක්‌ කරන ලද බවය.

එහෙත් එහි ඇතුළාන්තයේ සිදු වූ සිද්ධි මාලාව හරි රසවත් කතාන්දරයකි.

ලංකාවේ සුවිශේෂී පාසල් දහසක්‌ තෝරාගෙන තාක්‍ෂණ විද්‍යාගාර දහසක්‌ ඉදිකර අධ්‍යාපන ක්‍ෂේත්‍රයට දායාද කිරීමේ වැඩසටහන ආරම්භ කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂය. එහෙයිssන් ඒවා හඳුන්වනු ලැබුවේ මහින්දොaදය තාක්‍ෂණ විද්‍යාගාර කියාය. කෙසේ වෙතත් ඒ විද්‍යාගාර දහසම තනා නිමකර විවෘත කිරීමේ වරම ජනාධිපති මහින්දට නොලැබිණි. මේ යහපාලන ආණ්‌ඩුව බලයට පත් වූ පසු එම විද්‍යාගාර විවෘත කිරීමේ කටයුත්ත නිල වශයෙන් කළේ අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම්ය.

එදා (27 දා) ඇල්පිටිය ආනන්දයේ තාක්‍ෂණ විද්‍යාගාරය විවෘත කරන්නට ආරාධිතයා ලෙස ආවේ ගයන්ත කරුණාතිලක ඇමැතිවරයාය. ඇල්පිටියේ ශ්‍රීලනිප සංවිධායිකා ගීතා කුමාරසිංහට නිසි මුද්‍රිත ආරාධනාපතක්‌ නොලැබිණි. ඇයට තිබුණේ ඊට පෙරදා අදාළ විදුහලේ විදුහල්පතිනිය කරන ලද වාචික ආරාධනාවක්‌ පමණි.

ඒ අනුව ඇය එදා එම උත්සවයට ගියාය. දකුණු පළාතට ලැබුණ පළමු තාක්‍ෂණ විද්‍යාගාරය ලෙස මෙම විද්‍යාගාරය එම විදුහලට ලබාගන්නට පුරෝගාමී වූයේ ගීතාය. 2013 දී ඒ සඳහා මුල්ගල තබන උත්සවය ඇය සංවිධානය කළේ ප්‍රදේශයේ එජාප මන්ත්‍රීවරයා වන ගයන්තට ද ඒ සඳහා ආරාධනා කරමිනි. ඔහුට ඊට මුල්ගලක්‌ තබන්නට ද ඇය ආරාධනා කර තිබීම විශේෂ සිද්ධියකි.

එදා 2013 දී මෙම කටයුත්ත පටන්ගන්නා විටදී ගීතා ගයන්තට දැක්‌වූ ගෞරවයෙන් බිඳක්‌වත් විවෘත කිරීමේ උත්සවයේදී තමන්ට ලැබී නොමැති බව ඕ සැනෙකින් වටහා ගත්තාය. විද්‍යාගාරයේ සමරු ඵලකයේ ද තමන්ගේ නම හා ජනාධිපති මහින්දගේ නම් ඉවත් කර අදාළ ගෞරවය අල විරාඡ්ට හා ගයන්තට ලබා දී ඇති බව ඕ දුටුවාය. විවෘත කිරීමේ උත්සවයේදී අඩුම තරමින් පාසලේ කොඩියවත් ඔසවන්නට එම විද්‍යාලයේම ආදි සිසුවියක වන තමන්ට ලබා නොදීම තුළ ගීතා අතිශයින් කනගාටුවට පත්ව සිටියාය.

උත්සව සභාව පටන් ගැනිණි. මටත් පුංචි කතාවක්‌ ඕන විනාඩි 5 ක. ගීතා උත්සවයේ සංවිධායිකා විදුහල්පතිනියට කීවාය.

ඒක නම් බැරි වෙයි. මොකද ඇමැතිතුමාගේ කතාවක්‌ විතරක්‌ යොදාගන්න කියලයි මට උපදෙස්‌ ලැබිල තිබෙන්නේ. විදුහල්පතිනිය කීවාය.

හරි... ඔබතුමිය කතා කරන්න මගේ කතාවට පස්‌සේ... මේ දෙබස අසා සිටි ගයන්ත ගීතාට කීවාය.

ඒවා නම් විහිළු. ඔබතුමාගේ කතාවෙන් පස්‌සේ උත්සව සභාව ඉවර බව මම දන්නවා ගීතා කීවාය.

ඊට කලින් නම් දෙන්න බෑ. මොකද මට කොළඹ යන්නත් තියෙනවා. ගයන්ත කීය.

මට කතාව නොදී ඔබතුමා කතා කරන්න ගියොත් මම බලෙන් ස්‌ටේඡ් එකට නැගල මයික්‌ එක අරන් කතා කරනවා ගීතා කීවාය.

ඒ අනුව ගීතා උත්සව සභාව අතරවාරයේ වේදිකාවට ගොඩවැදී කතාවක්‌ කළාය. විනාඩි කීපයකදී මේ තාක්‍ෂණ විද්‍යාගාරය පිළිබඳ අතීත කතාව විස්‌තර කළ ඕ සිදු වූ දේ පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරමින් අප්‍රසාදය ප්‍රකාශ කර වේදිකාවෙන් බැස යන්නට ගියාය.

ඉන්පසුව ගයන්ත ඇමැතිවරයා කතා කළේය. දේශපාලනයේදී සිදුවන මෙබඳු දේවල් ගැන ඔහු යථාර්ථය පැහැදිලි කරමින් කතා කළේය.

"සමහර ආණ්‌ඩු සමහර වැඩ පටන් ගන්නවා. නමුත් එයාලට ඒවා විවෘත කරන්න ලැබෙන්නේ නැහැ. වැඩ ඉවර කරල විවෘත කරන්නේ තවත් සමහර අය. දේශපාලනයේදී ඔහොම දේවල් වෙනවා..." කියමින් ගයන්ත කළේ හැම තැනකම සිදුවන යථාර්ථය පැහැදිලි කිරීමකි.

මාධ්‍යවේදීන්ගෙන් ගයන්තට මල්මිටක්‌

ගයන්ත ගැන කතා කරන විට ඔහුට ප්‍රශංසා නොකරම බැරි තවත් කටයුත්තකට ඔහු පසුගිය සතියේ අත ගැසුවේය. ඒ මෙතෙක්‌ කලක්‌ කිසිවකුගේ අවධානයට ලක්‌ නොවූ විශේෂ කටයුත්තකි. ඒ වූ කලී ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් හෝමාගම දියගම ප්‍රදේශයේ ඇති කරන්නට යන නිවාස ව්‍යාපෘතියකි. එම නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීමට වෙන්කළ අතිවිශාල ඉඩම පරීක්‍ෂා කරන්නට ගයන්ත පසුගිය සතියේ යනු ලැබුවේ අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන ද සමඟය. මෙම නිවාස ව්‍යාපෘතිය පක්‍ෂ භේදයකින් තොරව ජනමාධ්‍යවේදීන් වෙත පහසු ගෙවීමේ ක්‍රමයකට ලබාදෙන්නට කටයුතු කරන මෙන් ඇමැතිවරයා නිලධාරීන්ට උපදෙස්‌ දුන්නේය. මෙතෙක්‌ මෙබඳු නිවාස ව්‍යාපෘති ඉදිකිරීම දේශපාලනඥයන්ගේ සැලසුම්වලටම පමණක්‌ සීමා වූවකි. එහෙත් ගයන්තට අවශ්‍ය වූයේ ඒ සැලසුම යථාර්ථයක්‌ වනු දැකීම බව පැහැදිලි විය.

කරුගේ පොසොන් සුදානම

මේ දේශපාලන අලකලංචි වාද විවාද තර්ක විතර්ක පෙරළි මැද රටේ ජනතාවගේ අධ්‍යාත්මික යහපැවැත්ම හා සුබසිද්ධිය වෙනුවෙන් වෙහෙසෙන ඇමැතිවරයකු ද රජයේ සිටියේය. හේ කරු ජයසූරියය.

කරු ජයසූරිය ඇමැතිවරයා පසුගිය සතියේ ඉතාමත්ම වෙහෙසු කාරණා අතර ප්‍රමුඛස්‌ථානය ලැබුණේ රජය මෙවර පොසොන් පෝය උත්සවය වෙනුවෙන් ඉටුකරන වැඩ කටයුතුය.

මේ සඳහා පසුගිය සති අන්තයේ කරු ඇමැතිවරයා අනුරාධපුරයට ගොස්‌ සිටියේය. පොසොන් පෝයට මිහින්තලාවට ඇදෙන ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කෙරෙන කටයුතු සොයා බැලූ අමාත්‍යවරයා නවීකරණය කළ මිහින්තලේ බුද්ධ ශාසන අමාත්‍යාංශයේ නිවාඩු නිකේතනය ද විවෘත කළේය. ඉන්පසුව ඔහු මේ දිනවල තරමක්‌ අසනීප තත්ත්වයෙන් සිටින ගිරාඹේ ආනන්ද හිමියන්ගේ සුවදුක්‌ විමසා බලන්නට ශාස්‌ත්‍රානන්ද පිරිවෙනට ගියේය.

දොස්‌තරවරු කියල තියෙනවා විවේක ගන්න කියලා. ආනන්ද හිමි ළඟ සිටි නීතිඥ සංජීව ගුණරත්න කීවේය. ඔබ වහන්සේට විවේක ගන්න කියන්නේ ශක්‌තිමත්ව ඉඳගෙන කරන සේවය අවශ්‍ය නිසා ඔබවහන්සේලා තමයි මේ පක්‍ෂය නැගිට්‌ටවලා ගත්තේ. තවදුරටත් පක්‍ෂය වෙනුවෙන් වැඩ කරන්න ඔබ වහන්සේලා නිරෝගීව නැගිටල ඉන්න ඕන. තවම පක්‍ෂය නැගිට්‌ටවල ඉවර නෑ. සංජීව කරු සමඟ එකතු වී ස්‌වාමීන්වහන්සේට අවවාද කළේ එසේය.

රනිල් කරේ ගෙනියන්න සජිත් ලෑස්‌තියි

පසුගිය සතියේ කැබිනට්‌ මණ්‌ඩලයේදී කවුරුත් බලා සිටි පරිදි 20 වන සංශෝධනය ගැන කතාබහ සංවාදශීලීව මතු විය. පාර්ලිමේන්තුවේ සංයුතිය 225 ද නැත්නම් 255 ද යන කාරණාව ගැන ප්‍රශ්න මතුවිය. යෝජනා පිට යෝජනා රැසක්‌ පැමිණෙන්නට වූහ. අන්තිමේ හරහට හිටියේ හකීම්ලා වැනි සුළු ජාතික පක්‍ෂවල ප්‍රශ්නය කෙසේ වෙතත් මේ ගැටලු විස¹ගෙන ඉක්‌මනින් අවසන් යෝජනාවක්‌ බලන්නට තමන්ට අවශ්‍ය බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණයෙන් යුතුව කියා පෑවේය.

කැබිනට්‌ රැස්‌වීමේදී ලද විවේකයකදී සජිත් ප්‍රේමදාස සෙසු ඇමැතිවරු හා අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේය. ඔහු ඒ අතර ජනාධිපතිවරයා ළඟට ගොස්‌ ස්‌තුති කළේ පාසල් සිසුවියගේ ෙ€දවාචකය ගැන විමසා බැලීමට යාපනේ කළ සංචාරය ගැන පවසමිනි.

"ඔබතුමා ප්‍රශ්නය වුණ තැනටම ගිහින් ඒ මිනිස්‌සුන්ගේ දුක විමසලා අපි දෙගොල්ලා අතර තිබෙන අනවබෝධය දුරු කරන්න මහන්සි වීම ලොකු දෙයක්‌. රටේ නායකයා හැටියට ඔබ කළේ උතුම් ක්‍රියාවක්‌."

මේ අතරතුර අග්‍රාමාත්‍ය රනිල් ද සජිත්ට කතා කොට ළඟ ළඟ එන මැතිවරණය මතක්‌ කළේය.

"මහ මැතිවරණයකුත් ළඟ එන නිසා අපිට එකතුවෙලා මහ ලොකු වැඩ කොටසක්‌ කරන්න තියෙනවා සජිත්..."

ඔව් සර් 1977 දී මගේ තාත්තා ඡේ. ආර්. ජයවර්ධන නායකතුමාව කරේ තියාගෙන රට හැම තැනම ගියා. මමත් අපේ තාත්තා එදා කරපු යුතුකම මෙවර අපේ නායකතුමා වෙනුවෙන් කරනවා" සජිත් කීවේය.

පන්සල් යැමත් මහින්දගේ වරදක්‌

මේ දිනවල හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විරුද්ධවාදීන්ගේ ප්‍රහාරවලට ලක්‌වන කරුණු ගණනාවක්‌ම තිබේ. ඒ අතර තවත් එක්‌ ප්‍රබල චෝදනාවක්‌ වී ඇත්තේ "මහින්දගේ පන්සල් ගමනයි" කැත නැතුව මේ ක්‍රියාව විවේචනාත්මකව දකින පිරිසක්‌ ද මහින්දගේ විරුද්ධවාදීන් අතර සිටියහ.

කවුරු මොනවා කීවත් ජනාධිපති මහින්ද පන්සල් යැම අත්හලේ නැත.

පසුගිය සතියේ මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුගේ සංවිධායකත්වයෙන් මොරටුව බෞද්ධ මන්දිරයේ සංවිධානයකර තිබූ බෝධි පූජාවකට සහභාගි වන්නටද මහින්ද ගියේය.

මහින්ද එනතුරු, ජී. එල්, ලොකුගේ, ජීවන් සහ උදය බෞද්ධ මන්දිරය අසලදීa බලා සිටියදී හරි අපූරු දෙයක්‌ සිදුවිය.

හිටිවනම රැස්‌ව සිටි ජනතාව වාහනයක්‌ එනවිට ජනාධිපතිවරයාට ජයවේවායි යනුවෙන් ප්‍රීති ඝෝෂා කරමින් කෑ ගසන්නට පටන් ගත්හ. ඒ වාහනේ ආවේ ජනාධිපති මහින්ද යෑයි සිතා කවුරුත් ඉදිරියට ගියහ. එහෙත් ඉන් එළියට බැස්‌සේ කුමාර වෙල්ගමය.

ඔබතුමාටත් දැන් හැම තැනම හරි ප්‍රතිචාර නේදැයි උදය විහිළුවක්‌ කළේය.

ඔව් මල්ලි... බය නැතුව කට ඇරලා කතා කරන කාට වුණත් ජනතාව කැමැතියි.

එහෙනම් දැන් ඔබතුමාත් කොළඹින් ඡන්දේ ඉල්ලන්න... උදය කීවේය.

මෙම බෝධි පූජාව ඉවරවී ජනාධිපති මහින්ද ප්‍රමුඛ දේශපාලනඥයන් රාත්‍රී කෑමට ගියේ සමන් ලාල් ප්‍රනාන්දුලාගේ නිවෙසටය. එහි ලොකු ආප්ප සංග්‍රහයක්‌ද තිබිණි.

අයියෝ සර්..... ආප්ප නම් කන්න එපා... නගරාධිපතිතුමාත් තරහ වෙයි. නාගරික මන්ත්‍රීවරු මහින්දට විහිළු කරන්නට පටන් ගත්හ.

මහින්ද නිසා මධුමාධව නිල්මිණි එක්‌ක යාලුයිලු

ආප්ප අගුණ නෑ මල්ලි ප්‍රශ්නය තියෙන්නේ ඒවා කන අයගේ විතරයි. සමහර කොල්ලෝ ඕකට කියන්නේ ආප්ප ටැක්‌ ටික්‌ස්‌ කියලයි.

කෑම කන අතරේ මහින්ද සෙසු පිරිස හා කතා කළේ තමන්ගේ ගමන් වෙහෙස ගැනය. රටේ හැම තැනම උත්සවවලට පූජාවන්වලට යැම ලේසි පාසු නැති වැඩක්‌ බව කීවේය.

"සමහර අය මම පන්සල් යනවා බෝධි පූජාවලට යනවා කියලා බනිනවා. ඒ වුණාට මම ඒවා ගණන්a ගන්නේ නෑ. දැන් මට හැමදාම කවුරු හෝ බෝධි පූජාවක්‌ දෙකක්‌ සංවිධානය කරනවා. ගිය සතියේ අම්පාරේදි තුනයි. මොනරාගලත් තුනයි. මට දැන් ඕවයි ගාථා ටිකත් ඔක්‌කොම කට පාඩම් වෙලා."

මේ අතරතුර ජනප්‍රිය නිළි නිල්මිණි තෙන්නකෝන් මහින්ද ළඟට ආවාය.

සර්ගේ පින්කම්වලට මමත් දිගටම ගියා. ඒවට ගිහිල්ල ගිහිල්ලම දැන් මධුමාධවයි මායි අතර තිබුණ අමනාපකම් දුරුවෙලා ගිහින්. දැන් අපි යාළුයි...

දෙයියනේa කොච්චර දෙයක්‌ද? ඒව තමයි අනුහස්‌ කියමින් මහින්ද සිනාසුනේය.

බුලිත ප්‍රදීප් කුමාර
 

 
Powered By -

No comments:

Post a Comment