Friday, May 29, 2015

අනුර කුමාරලාගේ , චම්පිකලාගේ පටු දේශපාලන අවස්ථාවදය නිවරදිව තේරුම් ගනිමු...

අනුර කුමාරලාගේ , චම්පිකලාගේ පටු දේශපාලන අවස්ථාවදය නිවරදිව තේරුම් ගනිමු...

කතෘ:යුතුකම     5/29/2015   No comments
ජවිපය හා හෙළ උරුමය ආණ්ඩුව පිළිබඳ දැන් දැන් ගේන විවෙචනවලින් අපට එක් දෙයක් තහවුරු කරල කියනවා. ඒ තමයි එදා ඔවුන්ට මේ රටේ දේශපාලන තත්වය මනාව ගණනය කර ගන්න හා විග්‍රහ කරගන්න බැරි උනා කියන එක. එහි තවත් අර්ථයක් තිබෙනවා. එනම් මෙම පක්‍ෂ හා එහි නායකයින් කියන දේවල් කිසිදාක විස්වාස නොකළ යුතු බව. මෙහි තෙවැනි අර්ථයකුත් තිබෙනවා. ඒ තමයි මේ අය වැඩ කළේ රට ගැන හිතල නෙවෙයි තමන්ගේ දේශපාලන ගමන ගැන විතරක් හිතල කියන එක.

ඉහත පක්‍ෂ හා පුද්ගලයින් තමයි මහින්ද පන්නන ව්‍යාපෘථියේ ඔපීනියන් ලීඩර්ස්ලා විදියට වැඩ කළේ. එෆ් බී එකේ ඉන්න අය ඇතුළු සෙසු අය කළේ මේ ඔපීනියන් කට් ඇන් පේස්ට් කරපු එක. ඉතින් දැන් මේ නායකයින් මෙතරම් යුහුව යූ ටර්න් ගහනවා කියන්නේ මෛත්‍රී-රනිල් ආණ්ඩුව පත් කිරීම පිටුපස කිසිම ප්‍රඥාවක් තිබිල නැහැ කියන එක. දේශපාලන හෝ අන් කිසි වැඩ පිළිවෙලක් තිබිළ නැහැ කියන එක. තමන් විසින් කළේ මහින්ද රාජපක්‍ෂ පැන්නීම සඳහා ජනතාව තුළ වෛරය වැපිරිම පමණයි කියලයි මේ අය දැන් අපට කියන්නේ.

මෙම පක්‍ෂ තමයි එජාපයේ බියකරු යක්‍ෂ මුහුණට සුචරිතවාදී වෙස් මුහුණ දැම්මේ. ඒ වෙස් මුහුණ දැන් ඔවුන් විසින් ම ගලවමින් සිටිනවා. තමා විසින් ම පත් කරපු ආණ්ඩුව මාස දෙක තුනක් යන කොට තමන් විසින් ම එපා කියනවා කියන්නේ කුමක් ද? රටක අනාගතය ගැන හිතන කෙනෙකු මෙම පක්‍ෂවල දේශපාලන විවේචන පිළි අරගෙන මෛත්‍රී-රනිල් ආණ්ඩුවට ඡන්දය දෙන්න තීරණය කළා නම් දැන් ඔවුන් පත්වෙලා ඉන්න ඉරණම අපට හිතා ගන්න පුළුවන්. අපි දැක්කා මේ ඊයේ පෙරේ දා සරත් එන් සිල්වාත් කියනවා මේ තරම් අච්චාරු ආණ්ඩුවක් මීට පෙර දැක නැති බවත් මහින්ද ගෙදර යැවීමට ඡන්දය දුන් එක ගැන කණගාටු වන බවත්. රතන හිමි කියනවා අපි හිතුවේ නැහැ රනිල් අගමැතිකමට පත් වෙයි කියල.

තවත් පැත්තකින් මෙම පක්‍ෂවල එදා සහ අද හැසිරීම විග්‍රහ කරගන්න පුළුවන්. ඒ තමයි මේ පක්‍ෂවලට නෑ ඇත්ත උවමනාවක් මේ රටේ ඉදිරි ගමන ගැන. මෙහි දී ජවිපය විශේෂ වෙනවා. අපි හිතන්නේ ජවිපය බිය වුණා මහින්ද යටතේ මේ රට ඉහළ ආදායම් ලබන රටක් බවට පත් වෙයි කියල. එ‍හෙම උනොත් ජවිපයේ ඡන්ද පදනම බිඳීයනවා. ඒ නිසා ඔවුන් හිතුවා මේ ගමන අතරමග කඩල දාන්න ඕන කියල. එත‍කොට බොර දියේ මාළු බාන්න පුළුවන්. රනිල්-මෛත්‍රී යටතේ යට ආපස්සට යනවා කියන එක ඔවුන් නොදැන සිටියා කියන්න අමාරුයි. මේ අතර, හෙළ උරුමයට තිබුණේ වෙන අදහසක්. ඔවුන් හිතුවා මහින්ද ඉන්නකම් තමන්ට ජාතිකත්වයේ කොඩිය ගන්න බෑ කියල. මහින්ද පැන්නුවාම ඒ ප්‍රශ්නය ඉවරයි කියලත් හිතුවා.හැබැයි ඔවුන්ගේ ගණනය කිරීම වැරදුනා කියල දැනගත්තේ මහින්ද බලන්න මැදමුලනට ගිය, ඉවෙන් අනාගතය කියවපු මෙරට බුද්ධිමත් ජනතා හෘද සාක්‍ෂිය.

ඉතින් මේ හැමෝම දැන් කියනවා නම් මේ ආණ්ඩුව පත්වීම වැරැද්ක් කියල, ඒකේ අනිත් තේරුම තමයි මහින්ද පරාජය කිරීම වැරදියි කියන එක.

මහින්ද පතිරණ

යුතුකම සංවාද කවය
www.yuthukama.com

No comments:

Post a Comment