Thursday, May 28, 2015

උතුරු නැගෙනහිරින් හමුදා ඉවත් කළ යුතු බව ඊළාම් සංවිධාන දකුණු අප්‍රිකාවට කියයි


උතුරු නැගෙනහිරින් හමුදා ඉවත් කළ යුතු බව ඊළාම් සංවිධාන දකුණු අප්‍රිකාවට කියයි

කීර්ති වර්ණකුලසූරිය

උතුරු නැගෙනහිරට දේශපාලන විසඳුමක්‌ ලබාදීමට පෙර එම පළාත් යථා තත්ත්වයට පත් කළ යුතු බව ඊළාම් සංවිධාන 70 ක්‌ දකුණු අප්‍රිකානු රජයට ප්‍රකාශ කර ඇත.

ලන්ඩන් නුවර පැවැති සාකච්ඡාවේදී ඊළාම් සංවිධාන නියෝජිතයන් මේ බව දකුණු අප්‍රිකානු අන්තර්ජාතික සබඳතා පිළිබඳ නියෝජ්‍ය ඇමැතිනී නොමයින්ඩියා පෙට්‌කෝ වෙත දැනුම් දී තිබේ.

මෙම ඊළාම් සංවිධාන තවදුරටත් පවසා ඇත්තේ උතුරු නැගෙනහිර යථා තත්ත්වය ඇතිවීමට නම් හමුදාව ඉවත් කළ යුතු බවයි. මෙකී ඊළම් සංවිධානවල ඉල්ලීම් දකුණු අප්‍රිකානු රජය විසින් ලංකාවට දැනුම් දීමට නියමිතය.

No comments:

Post a Comment